Saturday, November 29, 2008

ආදරය


මියැදුනත් මතකයන්
කාලයේ ඇවෑමෙන්
වැටහුනා නොමැති බව
මා සතුව ආදරය
ඉල්ලූ මුත් ඇය හිත පුරා පිදීමට
සිහිවුනා සොරා ගත් බැව්
පෙම්වතියක් අන්සන්තක
දිනයක යටගිය

Thursday, November 27, 2008

මා නුඹ එලවන්නද කෙලෙසේ

මේ මම හුගක් ආදරය කරන සිංදුවක්. ගායනා කරන්නෙ සුනිල් එදිරිසිංහ. මේකෙ තියෙන වචන වලින් මේක නියවන කාන්තා පාර්ශවයෙ අයට අපහසුතාවයක් වුනා නම් සමා වෙන්න ඕන. ඒවා හැම කාන්තාවකටම පොදු නැති බව මම දන්නවා. නමුත් මේක සිංදුවක්නෙ.


සියල්ල ඉදිරී ගරා වැටුනු දා
ඇයතින් නොමැරුනු මගේ මිනිස්කම
දැන හදුනා ගත් තනිකම නුඹටත්
මා හැර යන්නට සිදුවෙයි නැවතත්

ප්‍රේම තාපයෙන් පර මල් යහනට
තවත් ලදක් එයි හෙට දවසේ
එතෙක් මෙතෙක් මා රැක ගත් තනිකම
මා නුඹ එලවන්නද කෙලෙසේ

ඇය හෙට ආවද, පසු දින යාවිද
අදහනු බෑ ඇය ලදක් නිසා
හිටපන් තනිකම මගෙ ගෙයි මිදුලෙම
හතර මායිමෙන් එහා නොයා

Sunday, November 23, 2008

අද නොවැම්බර් 23

අද මට විශේෂ දවසක්. අද අපේ අම්මගෙ උපන්දිනය. ඒත් මට අමතක උනා. මතක් උනේ අම්මා කිව්වාමයි. අමතක වෙන්න හේතුවක් නම් තිබුනා. සිකුරාදා කාර්යාලයෙන් එන්න සූදානම් වෙලා බලන කොට අපේ දත්ත ගබඩාව තියෙන සර්වර් එක වෛරසයකට ගොදුරු වෙලා. එවෙලෙ පොඩි පිලියමක් කරලා ආවට හිත තිබුනෙ (තාමත්) කාර්යාලයෙ. අම්මා එයාගෙ උපන්දිනයඅද කියල කිව්වම තමයි මට හිතුනෙ අපි අපේ රාජකාරි නිසා කොච්චර යාන්ත්‍රික වෙලාද කියල. සදුදා ඉදලා දවස් පහක් වැඩ ඊට පස්සෙ දවස් දෙකක් නිවාඩු නැවත දවස් පහක් වැඩ ඊලග දෙක නිවාඩු . කැලැන්ඩරේ දින ගැන අවබෝධයක් ඇත්තෙම නැති තරම්.

මේ තියෙන්නෙ මට ලැබුනු විද්‍යුත් තැපෑලක තිබුනු ඇමුණුමක්. අපි ගෙවන ජීවිතය මේකෙන් මොනවට පැහැදිලි වෙනවා නේද?



Tuesday, November 18, 2008

සමාවෙයන් සොඳුරියෙ

ඔන්න ඉතින් මාත් ජීවිතේ පලවෙනි වතාවට නිසැදැසක් ලිව්වා. කවද කාපු ටකරංද. හිතට ආපු වචන ටික ඔහේ ලියල දැම්මා. කියවලා බලල අදහස් කියන්න. ඒක මට හයියක් වේවි තව ඉස්සරහටත් ලියන්න.

Wednesday, November 12, 2008

අද නානවා

අද පෝය නිසා අපේ සැට් එකටම නිවාඩු. ඉතින් අද දවස, ලගදි පිය පදවිය ලබපු අපේ එකෙක්ව බලන්න යන්න දා ගත්තා. (ඇත්තටම ඌව බලන්නම නෙවෙයි උන්ගෙ ගෙදර ගිහින් ගගේ නාන්න) අරවයින් එකකුත් ඊයෙම අරන් තිබ්බා අද වහලනෙ.
මට පොඩි ලෙඩක් තියෙනවා, පහුවදාට ගමනක් යනවා නම් කලින් දවසෙ රෑට නින්ද යන්නෙ නෑ. ඉතින් සුපුරුදු ලෙසම අදත් පාන්දර 3.00 ඉදලම ඇහැරලා. මම විතරක් නැගිටලා ඉන්නෙ ඇයි කියලා හිතලා(මටත් පාලුයිනෙ) ගමන යන්න ඉන්න සැට් එකටම Phone කරලා හිමිදිරියෙම පාලි සංස්කෘත ටිකක් අහගත්ත. ඒකත් අර නින්ද යන්නැති එක වගේම සාමාන්‍ය දෙයක්. හැබැයි ඇහැරලා හිටපු එකෙන් අම්මා කාලෙක ඉදලා චුරු චුරු ගගා හිටපු ඉල්ලීමක් ඉෂ්ඨ කරලා දුන්නා. මොකද්ද දන්නවද. අර සිරස FM එකේ උදේට යන පිරිත් ටික දාලා දුන්න අහන්න.
කරන්නම දෙයක් නැති තැන හිතුන බ්ලොග් එකේ මොනවා හරි ලියන්න. දැන් යන්න ඕන. එහෙනම් අපි නාලා එන්නම්.

Saturday, November 8, 2008

ඒ කාලෙ ආයෙත් එනවනම්.............................


ලියන්න දෙයක් හිත හිත ඉන්න කොට මගේ ළමා කාලය ගැන ලියන්න හිතුනා. මම ඉපදුනේ බණ්ඩාරවෙල මිරහවත්ත කියන ගමේ. ඒක හරි ලස්සන ගමක්. අපේ වත්ත මායිම් වෙලා තිබුනෙ දෙපැත්තකින් පේන තෙක් මානයට විහිදුනු වෙල් යායකින්. තව පැත්තකින් විශාල තේ වත්තකින්. අවුරුදු 8ක් විතර වෙනකම් මම හැදුනෙ වැඩුනෙ එහෙ. ඒ කාලෙ තමයි මගේ ජීවිතේ සුන්දරම කාලෙ කියල මට දැනෙන්නෙ.

ඒ කාලෙ මම ඉස්කෝලෙ ගියෙ ශාන්ත ජෝශෆ් විද්‍යාලයට. අපි නිවාඩු දවස් වලට යනවා ගගේ නාන්න. අපේ ගෙවල් කිට්ටුවෙන් උමා ඔයේ අතු ගගක් ගලාගෙන ගියා. උදේ ගියහම හවස තමයි ආපහූ ගෙදර එන්නෙ.
ඊට පස්සේ අපේ අම්මලා මාව කොළඹ එක්කන් ආවනෙ. ඉතින් එතන ඉදන් මාව අධ්‍යාපනේට යට උනා.

Thursday, November 6, 2008

මොනවද ලියන්නෙ

අනිත් අය ලියනවා දැකලා නිකමට වගේ බ්ලොග් එකක් ඇරියට මොකද තවම බැරිවුනා ලියන්න දෙයක් හිතාගන්න. මම ඉතින් ලියන්න කොහොමත් ටිකක් හොරයි. ඒ උනාට ඉක්මනටම මොනවා හරි ලියන්න ඕනි.

Grab this Widget ~ Blogger Accessories