Tuesday, December 2, 2008

මල් පෙත්තක පන්හිඳකින් ආදරය ලිය ලියා....

අපේ කට්ටිය ආතල් එකකට සෙට් උන ගොඩක් වෙලාවට මම සින්දුවක් පටන් ගත්තොත් ඉතින් බැනුම් තමයි. මම කියන සින්දු උන් දන්නෙ නැති නිසා. උන් කියන්නෙ මම පනහෙ දශකයෙ සිංදුලු කියන්නෙ. ඒක ටිකක් විතර ඇත්ත. මට පරණ සිංදු හොදට මතකයි. මේකත් ඒවගේ පරණ සිංදුවක්. බලන්න ඔයාලා අහල තියෙනවද කියල. මේක ගායනා කරල තියෙන්නෙ රොම්ලස් පෙරේරා කියන ගායකයා. www.slhits.com එකට ගිහින් Mal Peththaka Pan Hindakin කියල search කරලා අහලම බලන්න කොච්චර ලස්සනද කියලා.


මල් පෙත්තක පන්හිඳකින් ආදරය ලිය ලියා
ඔබ වෙතට එවමි මිහිරියෙ ගීයකින් ගය ගයා

මතකයේ ඈත ඇත පින්බර සොඳුරු අතීතේ
මතකයෙන් ඈත එලවූ කිසි කෙනෙකු ලොව නැතේ
නෙත කඳුළු ගලා වියැලී ඇඳි කිලිටි බව වතේ
ඇල් දියෙන් කඳුලකින් දෝවනු හැකිද පිය බ‍ඳේ

මල් පෙත්තක පන්හිඳකින් ආදරය ලිය ලියා
ඔබ වෙතට එවමි මිහිරියෙ ගීයකින් ගය ගයා

සිය බියකරු සිතුවම් නැත සිත්තරෙකු බොඳ කලේ
සුවඳැති මල් මෙන් දුගඳැති මල් පිපෙයි එක විලේ
දෙදෙනෙකු ලෙස පෙනුනත් දෙනෙතින් බලන විට යොමා
ඔබ ඔබමය මා මමමය මට වනු මැනවි සමා

මල් පෙත්තක පන්හිඳකින් ආදරය ලිය ලියා
ඔබ වෙතට එවමි මිහිරියෙ ගීයකින් ගය ගයා



Related Articles by Categories


2 ප්‍රතිචාර:

  • Pahan said...
     

    මේ ගීතය නම් මම කලින් අහල නෑ.
    දැන් එන අලුත් සින්දු ඔක්කොම එක වගේ නේ. එකම අච්චුවේ අලුත් දේ කරන්නේ නැතුව රැල්ලට ඔහේ යනවා. ඉතිං දැන් අලුත් සින්දු අහන එක නම් නවත්තල දැන් පරන සින්දු හොය හොයා අහනවා. දුන්න තොරතුරට ස්තුතියි

  • Priyankara Perera said...
     

    මම නම් වඩාත්ම කෑමති අලුත් තාලය් ගිතවලට , කියන්නනම් එපා මට රසවින්දනයක් නෑහෑ කියලා . එ අතරින් සමහර පෑරණි ගිතත් අහනවා...
    යම්කිසි අදහසක් හදවතේ සටහන් කරන ගිතවලට හරිම ආසයී...

    වෙබ් අඩවිය සදහන් කලාට බොහොම ස්තුතියී...
    මේ ලිපිනයෙනුත් උත්සහ කරලා බලන්න
    www.sinhalajukebox.org

Grab this Widget ~ Blogger Accessories