Sunday, December 7, 2008

මම නැවතත් පරණ උනෙමි

මම දැනට මාස තුන හතරකට කලින් මගේ පරිගනකයට වින්ඩෝස් විස්ටා දා ගත්තා. දා ගත්තු දවසෙ ඉදන් එක එක ප්‍රශ්ණ. ඒවා හුගක්ම අපේ ප්‍රශ්න. මොකද මයික්‍රොසොෆ්ට් එකෙන් කියන විදියට ඒ ගොල්ලන්ගෙ මෘදුකාංග සහ දෘඩාංග මිලදී ගත්තොත් ඒ ප්‍රශ්න ඇති වෙන්නෙ නැහැ.(අපි නම් ගනියි සල්ලි දීලා) XP වගේ නෙවෙයි විස්ටා වලදි තුන්වන පාර්ශවයක මෘදුකාංග සහ මයික්‍රොසොෆ්ට් මගින් සහතික නොකල දෘඩාංග භාවිතා කිරීම හරිම අපහසුයි. ඒ අයගෙ පැත්තෙන් ඒක හරි. වෙලඳපොල ඒකාධිකාරයක් තියා ගන්න ඒ වගේ දේවල් කරන්න ඕන. නමුත් එකක් කියන්න ඕන. මම වින්ඩොස් 3.1 වල ඉදලා මේ වෙනකම් ආපු හැම වින්ඩොස් වෙළුමක්ම පාවිච්චි කරලා තියෙනවා. ආරක්ෂාව හා ස්ථාවර බව අතින් හොදම එක තමයි විස්ටා.

දැන් කවුරු හරි අහයි ඇයි Linux වලට යන්නෙ නැත්තෙ කියලා නැත්නම් කියයි මාත් මයික්‍රොසොෆ්ට් එකට කඩේ යනවා කියලා. දෙකම වැරදියි. ලංකාවෙ ගොඩක් අය පරිගනක අධ්‍යාපනය කියලා සල්ලි දීලා ලබා ගන්නෙ මයික්‍රොසොෆ්ට් අධ්‍යාපනේ නෙ. ඉතින් අපිට සේවය සපයන්න වෙන්නෙත් ඔවුන්ට නිසා Linux වලට යන්න ටිකක් අමාරුයි. SERVER හැටියට නම් Linux පාවිච්චි කරනවා. ඒත් පෞද්ගලික පරිගනක හැටියට Linux භාවිතයෙදි යම් යම් ගැටලු එනවා. මුලිකම ගැටලුව තමයි ගොඩක් සමාගම් සදහා ලියවුනු ERP පද්දති වගේ ‍දේවල් වින්ඩොස් මත ලියා තිබීම. මම නම් දැන් මේ දවස් වල පරීක්ෂණ කර ගෙන යනවා අපේ ඔෆිස් එක Linux වලට හරවන්න. බලමු පොඩි ට්‍රයි එකක් දීලා.

ඉතින් විස්ටා දිගටම ලෙඩ දුන්නු නිසා මම අපහු XP දාගත්තා. ලිනක්ස් වලට හුරු වෙනකම්. මම දැනටත් Fedora භාවිතා කරනවා සර්වර් හැටියට. ඒත් පෞද්ගලික පරිගනකයක් විදියට පාවිච්චි කරලා පලපුරුද්දක් නැහැ.



Related Articles by Categories


3 ප්‍රතිචාර:

  • ශාකුන්තල | Shaakunthala said...
     

    "වෙලඳපොල ඒකාධිකාරයක් තියා ගන්න ඒ වගේ දේවල් කරන්න ඕන"

    Microsoft වෙළඳ ඒකාධිකාරය නීති විරෝධී එකක් බව දන්නවද? මේ බලන්න.

    පෞද්ගලික පරිගණකයක ලිනක්ස් පාවිච්චි කරන්න ඉස්සර නම් මාර ගේමක් දෙන්න ඕන. හැබැයි දැන් එහෙම නෑ. එක එක්කෙනාගෙ taste එක අනුව වෛවාරන්න ලිනක්ස් ජාති තියෙනවා.
    මල්ටිමීඩියා වැඩ වලට කැමති නම් ubuntustudio
    සංගීතයට කැමති නම් musix
    and so on...

  • Danishka said...
     

    මම දන්න ආකාරයට ලංකාවේ එක් සමාගමක් ලිනක්ස් මත ERP දුවනවා.

    අනික පෞද්ගලික භාවිතයට ගැටලුවක් නැ.
    නමුත් ඔබ මයික්‍රොසොෆ්ට් ආශ්‍රිත සංවර්‍ධන කටයුතු කරනවා නම් ඉතින් වින්ඩෝස්ම ඉන්න. :)

    අනික ආයතනයේ නියමය වින්ඩෝස් භාවිතය නම් ඔබට එය වෙනස් කළ නොහැකි විය හැක. එහෙම වෙලාවටත් කරන්න දෙයක් නැ.

  • malee_msg said...
     

    මට නම් ඔය සේරම එකයි.. එකක්වත් හරියට තේරෙන්නේ නැහැ..

Grab this Widget ~ Blogger Accessories