Wednesday, December 31, 2008

නව වසරක් ......?

මම ඉස්සෙල්ලාම ‍රස්සාවකට ගියෙ 1999 ජනවාරි 18 වෙනිදා ඒ පරිගනක උපදේශකයෙක් විදියට. ඊට පස්සෙ දෘඩාංක හා ජාලකරණය පැත්තට යොමු උනේ 2000 දි ව‍ෙග්. එතැන් ඉදන් අද වෙනකම් නව (9) වසරක් නොදැනිම ගෙවිලා ගිහින්. ආපස්සට හැරිලා බැලුවම ජයගත්ත අභයෝග වගේම වැරදුනු තැනුත් ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම මතක් තරන්න ඕන නාමල් සර්ව. එයා තමයි මාව මේ පාරට ඇදල දැම්මෙ කිව්වොත් හරි. ඒ වගේම එදා ඉදල අද වෙනකම් මං හිරවුනු වෙලාවට මාව ගලවා ගත්තු (ජොබ් එක බේරලා දුන්නු) රුවන්. තව මෙකී නොකී මට උදව් කරපු හැම කෙනෙක්වමත්. හැමදාම සහෝදරයො වගේ මගේ ලගින් හිටපු අතිජාත මිත්‍රයො හය දෙනා අමතක වෙනවා තව ටිකෙන් - (චරිත්, සුරංග, බන්දුල, හසිත, දනේෂ්, බිංදු)
මම දැන් කරන ජොබ් එක නම් මගෙ යාලුවො කියන විදියට මාර ආතල්. මොකද වැඩි හරියක් මම නිදාගන්න නිසා. පරිගනක පද්ධතිය යහතින් තියෙනකම් ඉතින් කම්මැලිකමට නිදා ගන්නවා නැත්නම් අලුත් මොනවා හරි ඉගෙන ගන්නවා. පරිගනක පද්ධතිය අවුල් වෙනව කියන්නෙ මට නම් මාර ආතල් එකක්, එතකොට මට කරන්න වැඩ තියෙනවනෙ. හික් හික්... හැබැයි ඉතින් මෙහෙ වැඩිය පණ්ඩිතයො නැති නිසා ඒ ආතල් එකත් ගන්නෙ බොහෝම කලාතුරකින් තමයි.
ඉතින් මම දවසක් ඔහොම නිදාගෙන හිටපු වෙලාවක අර මම කලින් කිව්ව රුවන් චැට් එකෙන් ලින්ක් එකක් එව්වා. ඒක ඇරලා බලන කොට සිංහලෙන්, ඩයලොග් පැකේජ ගැන ලියපු එකක්. මට මතක විදියට “මාලින්දගේ සටහන්”. ඒ පිටුවෙ තිබුනු තව ලින්ක් එකකින් සිංහල බ්ලොග් කියවනයට ගියා. ඔන්න ඔහොමයි මම මගේ බලොග් එක ලියන්න ගත්තෙ. දැන් නම් නිකන් ඉන්න වෙලාවට වැඩිපුර කරන්නෙ බ්ලොග් කියවන එක. (නිදා නොගන්නෙමත් නෑ).
ලබන අවුරුද්දෙදි කරන්න වැඩ ගොඩක් ඔලුවෙ තියෙනව හැමදාම වගේ. බලමු මොනාද වෙන්නෙ කියල නේද?

සුද්දා අපිට පුරුදු කරලා ගිය එක පුරුද්දක් තමයි ජනවාරි 1 වෙනිදට අවුරුදු කන එක. ඒකත් හැබැයි නරක නෑ. ඒත් අපේ සිංහල හින්දු අලුත් අවුරුද්ද ලබන්නෙ අප්‍රේල් 13 වෙනිදටනෙ.

අපිත් දැන් විශ්ව ගම්මානයෙ සාමාජිකයො නිසා සුද්දගෙ ක්‍රමේට අද සුභ පතන්නම්, ලබන්නා වූ 2009 අවුරැද්ද හැමෝටම ජය සතුට සාමය සපිරි සුභම සුභ අවුරැද්දක්ම වේවා කියලා....



Related Articles by Categories


3 ප්‍රතිචාර:

Grab this Widget ~ Blogger Accessories