Thursday, January 15, 2009

AirTel ලංකාවෙ සිතියමත් වෙනස් කරයිද?

අවුරුදු කීපයක ඉදලා AirTel එනවා කියලා අපේ සමහරු කෙකර ගෑවනෙ. ඒ කෙකර ගාලා දාපු බිත්තරේ තරම දැන් ටික ටික පේන්න අරගෙන. දුරකථන ගාස්තුත් සාපේක්ෂව අඩුයි වගේ පෙනුනට අන්තිම බිල අනික් ඒවාගේ ගානම වෙනවා. අනික මාර්තු 31 න් පස්සෙ ගාස්තු තවත් වැඩි වෙනවා. මම මේ ලියන්න ආවෙ AirTel ගාස්තු ගැන නම් නෙවෙයි. මේ සමාගමේ නොසැලකිලිමත් කම ගැන කතාවක්. මාත් AirTel නොගත්තට විස්තර ටිකක් බලන්න මේ ගොල්ලන්ගෙ වෙබ් අඩවියට ගියා. ඒකෙ සේවා මධ්‍යස්ථාන ලැයිස්තුවෙ රත්නපුර සේවා මධ්‍යස්ථානයෙ ලිපිනය දැක්කම තමයි මට බය හිතුනෙ AirTel ලංකාවෙ සිතියමත් වෙනස් කරයිද කියලා. මොකද ඒක තියෙන්නෙ ගාල්ලෙලු. මේ අයගෙ විස්තර පත්‍රිකා වලත් මේ වගේ දෝෂ ගොඩක් මම දැක්කා.
මට නම් හිතෙන විදිහට මේ වගේ දේවල් සුළු අතපසුවීම් කියල අතඅරින්න බෑ මේක මහා පරිමාණ සමාගමක් නිසා. මේ වගේ සුළු දෙයක් ගැනවත් සැලකිල්ලක් නොදක්වන සමාගමකින් ගුණාත්මක සේවාවක් මම නම් කොහෙත්ම බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඩයලොග් මට හොදයි.



Related Articles by Categories


8 ප්‍රතිචාර:

  • Narada said...
     

    කිරි අප්පට බල්ලෝ පැනපී කිව්වාලු...!

  • සජීව විජේවීර said...
     

    මම මේ ගත කරන්නේ ඩයලොග් වල 13 වැනි අවුරැද්ද. මට කවදාවත් කිසිම ප්‍රශ්නයක් මතුවෙලා නැහැ. හැබැයි මම උපහාර එකකුත් ගත්තා. දැන් දෙකම භාවිතා කරනවා. ඒත් මට තාමත් ඩයලෝග් හොදියි. ‍වැඩි පිරිසක් ඩයලොග් භාවිතා කරන නිසා තාමත් වැඩිපුරම කෝල් ගන්නේ ඩයලොග් එකෙන්. ඒ වගේම ඒ සේවාව විශිෂ්ඨයි. උපහාර එකෙන් කෝල් එකක් ගන්නවා කියන්නේ මල වදයක්. මම නම් දැන් කොහොමත් තීරණය කරලා තියෙන්නේ එයාටෙල් නම් ගන්නේ නැහැ කියලා.

  • Anonymous said...
     

    තමුන්ගෙ ශාඛා කාර්යාල වල ලිපිනයන් වත් හරියට දන්නෙ නැති සමාගමක් පාරිභෝගිකයන්ට සලකන්නේ කොහොමද?

  • malee_msg said...
     

    මේව්වා දැක්කම තනියෙනුත් හිනා යනවා අප්පා.. රහ්මාන් ගේ මියුසික් වලට ෂාරුක් මාමා හිනා වෙලා හෙලෝ කිව්ව පලියටම අපි රැවටෙන්නේ නෑ කියලා එයාටෙල් කට්ටියට ටිකක් හිතන්න තිබ්බා!

  • said...
     

    මාත් කලින් හිටියේ Airtel එකක් ගන්න දැන්නම් තියෙන එකෙම ඉන්නව. හිතපු තරම් ආකර්ෂණයක් නැහැ

  • Aravinda said...
     

    @malee_msg

    ෂාරුක් ඔයා‍ගේ මමා කියල දන්නේ දැන්නේ.

  • malee_msg said...
     

    @ අරා - සීයද දන්නෙත් නෑ අප්පා.. මම එයාගේ හරි වයස දන්නේ නැහැ නේ..

  • sonlanka said...
     

    ෙමානව උනත් Airtel වල marketing නං නියමයි‍

Grab this Widget ~ Blogger Accessories