Sunday, January 4, 2009

බිල් ගේට්ස් ගේ නය ගෙවීමට ඉක්මන් ක්‍රමයක්

ඇත්තටම Ububtu තමයි මම හිතන විදියට වින්ඩෝස් වලින් විවෘත කේත ලෝකයට පිවිසෙන්න තියෙන පහසුම මාර්ගය. මාත් කාලෙක ඉදන් වින්ඩෝස් වලින් ගැලවෙන්න ක්‍රමයක් හෙව්වට එක පාරටම වින්ඩෝස් වලින් ගැලවෙන්න බෑ. ටික ටික තමයි පුරුදු වෙන්න ඕන. ඉතින් වින්ඩෝස් මත උබුන්ටු ධාවනය කරන්න ක්‍රමයක් හෙව්වා. Microsoft virtual PC ලිනක්ස් සමග ක්‍රියාත්මක වෙන්නෙ නෑ. VMWare සහ Virtual Box කියන මෘදුකාංග දෙක ලිනක්ස් වලට සහයෝගය දැක්වූවත් Virtual Box තමයි නොමිලේ ලබා ගන්න හැකියාව තියෙන්නෙ.
මේ තියෙන්නෙ මම වින්ඩෝස් විස්ටා මත උබුන්ටු ධාවනය කරන අවස්ථා දෙකක්. Virtual Box වල තියෙන විශේෂ පහසුකමක් තමයි දෙවෙනි පින්තූරෙ තියෙන්නෙ.


ඒකට කියන්නෙ Seamless mode කියලා. Microsoft virtual PC සහ VMWare හි තියෙන Full Screen mode එක ව‍ගේ උනාට මේකෙදි අපේ වින්ඩෝස් මුහුනත හැංගෙන්නෙ නෑ. මරු , දෙකම එක විට පාවිච්ච් කරන්න පුලුවන්. ඒක නිසා දැන් Dual Boot ක්‍රමේට සමු දෙන්නත් පුලුවන්. මේ විදියටම ලිනක්ස් මත Virtual Box ස්ථාපනය කරලා ඒ මත වින්ඩෝස් නැත්නම් වෙනත් ඕනම මෙහෙයුම් පද්ධතියක් ධාවනය කරවන්න පුලුවන්. ඉක්මනටම මයික්‍රොසොෆ්ට් එකට නය ගෙවන එක නවත්වා ගන්නත් පුලුවන් මේ විදියට වින්ඩෝස් මත හිදගෙනම වෙනත් මෙහෙයුම් පද්ධතියකට හුරු උනාම.



Related Articles by Categories


1 ප්‍රතිචාර:

  • noname said...
     

    ඔබ භාවිතා ක‍රන්නේ IE වගේ. හැකිත‍රම් FOSS වල windows editions පිහිටුවා ගන්න. (FF3 වගේ)

    www.osalt.com වෙත ගිහින් ඔබට ගැලපෙන software තෝරා ගන්න.

Grab this Widget ~ Blogger Accessories