Friday, January 16, 2009

වහාම ක්‍රියාත්මක වන පරිදි මහරගම නගරය, තම පදිංචිය වෙනස් කරයි

මට මේක පෙන්නුවෙ මගෙ යාළුවෙක්. මහරගම පැත්තෙ පදිංචි අයට 12 වෙනිදගෙන් පස්සෙ වෙනසක් එහෙම තේරුනාද? හික්... හික්...... මේ කට්ටිය (AirTel) මහරගම ටවුම, ජා ඇල කිට්ටුවට අරන් ගිහින්.මාත් අද හවස මහරගම යන්න හිටියෙ. මේක දැක්කෙ හොද වෙලාවට නැත්නම් හයිලෙවල් පාරෙනෙ යන්නෙ. අනේ මන්දා. මේ ගොල්ලන්වත් යවන්න ඕන අර සිරසෙ පුංචි පහේ මං කියන වැඩසටහනට. අර රේඩියෝ එකේ ටී වී එකේ *මාත් AirTel වලට ගියා* කියලා කියවන කට්ටියට දෙයියන්ගෙම පිහිට තමයි.



Related Articles by Categories


5 ප්‍රතිචාර:

  • malee_msg said...
     

    හික් හික් හයියෝ..!

  • Aravinda said...
     

    මේ සිතියමේ ඔක්කො ම අවුල්. ගම්පහ තියෙන්න ඕනේ තැන තමයි මහරගම තියෙන්නේ. ගම්පහ තියෙන්නේ සබරගමුව පලාතේ. කුරුණැගල තියෙන්නේ මධ්‍යම පලාතේ. මගේ අම්මෝ !!

  • budhajeewa said...
     

    යකෝ, මුන් ලංකාවෙ නගර දන්නෙ නැති එක කමක් නෑ කියමු, තාම ලංකාවට අළුත් නිසා.

    ඒ වුනාට, මුන්ට ශ්‍රී ලංකා භූමි ස්‍වභාවය වෙනස් කරන්න දෙන්න පුළුවන් ද ?

    බලන්න :

    1. මන්නාරම් දූපත, ප්‍රධාන ගොඩබිමට යා වෙලා.
    2. යාපන අර්ධද්‍වීපය, ප්‍රධාන ගොඩබිමින් සම්පූර්ණ වශයෙන් වෙන් වෙලා.
    3‍. මඩකලපුව, පැත්තෙත් මොකක් හරි අමුත්තක් තියනව නේද ? මට හරියටම කියන්න බෑ.

    අනේ මන්‍ද, අර කව්ද කිවුව වගේ අපි මුං ගෙන් නේද හොඳ සේවාවක් බලා පොරොත්තු වෙන්නේ ?

    AirTel එකේ සමහර විට ලංකාවෙ එකෙක් වත් වැඩ කරන්නෙ නැතිව ඇති.

  • Aravinda said...
     

    ආවරණය කළා කියන්නේ මේ සිතියමට අනුව ද දන්නේ නෑ මේගොල්ලෝ . එහෙම නං ටිකක් පරිස්සම් වෙන්න. මේ ගොල්ලෝ මහරගමට කවරේජ් තියෙනවා කිව්වොත් ඒ කියන්නේ ගම්පහට කවරේජ් තියනවා කියන එකයි.

  • සජීව විජේවීර said...
     

    ඉස්සෙල්ලා ආපු කනට වඩා පස්සෙ ආපු අග ලොකු කරගන්න එපා කියන්නේ ඕක තමයි.

Grab this Widget ~ Blogger Accessories