Monday, January 19, 2009

මගේම නෙත් යුග

මේ සිංදුව මට ඊයෙ වුනු සිද්ධියක් නිසා තමයි මතකෙට ආවෙ. ගායනා කරන්නෙ සුනිල් එදිරිසිංහ. ලිව්වෙ කවුද කියලා නම් දන්නෙ නෑ. ඒත් ලියපු කෙනාටත් මට වගේ අද්දැකීමක් ඇති සමහර විට.

ඒ සිනාවමයි, ඒ කතාවමයි, ඒ මුහුණමයි, ඒ එයාමයි. නෑ ඒ එයා නෙවෙයි.


මගේම නෙතු යුග
අසරණ මා ඇයි
මේ ලෙස රිදවන්නේ...
මගේ සවන් යුග
තනිවූ මා සිත
ඇයිදෝ රිදවන්නේ..

යන එන මාවත
ගැවසෙන රූ මැද
ඇයගේ රුවම මවා..
මා රවටා හිනැහෙන්නට තරමට
නෙත් යුග කුරිරු වෙලා..

නිසසල හැම විට
සිහිනෙක විලසට
ඇයගේ හඩම මවා..
මා රවටා සැනසෙන්නට තරමට
දෙසවන් නපුරු වෙලා



Related Articles by Categories


4 ප්‍රතිචාර:

Grab this Widget ~ Blogger Accessories