Saturday, January 31, 2009

යමක් හොදින් වටහා ගැනීමට නම් අප එහි කොටසක් විය යුතුයි

මේ මට බලන්න ලැබුනු හොදම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටි වලින් එකක්. චිත්‍රපටියෙ අවසානයට කිට්ටු වෙන තෙක්ම කතාව තේරුම් ගන්න අමාරුයි. ඒ උනාට ප්‍රෙක්ෂකයින්ව කුතුහලය සහිතව අවසානය තෙක් කතාවට බැද තබා ගන්න අධ්‍යක්ෂක වරයා සමත් වෙලා තියෙනවා.

මේකෙ ප්‍රධාන චරිතය කතාවෙ හැටියට ලොව හොදම ඉංජිනේරුවෙක්. ඔහුව යම් කිසි කන්ඩායමක් විසින් ඔවුන්ගේ ව්‍යාපෘතියක් සදහා බදවා ගන්නවා. මට තේරුන විදිහට ඊට පසු අවුරුදු තුනක්ම ඔහු ජීවත් වෙන්නෙ අනාගතයෙ. ව්‍යාපෘතිය සම්පූර්ණ කරලා ඔහු එලියට එන්නෙ මතකය මකා දමන ලද්දෙක් හැටියට. ඉන් පසු ඔහු තමන් වෙත ලැබෙන උපාංග 19 ක් සහිත පාර්සලයක් උපයෝගී කර ගනිමින් තමන්ව ඝාතනය කිරීමට එන අර මුලින් කී කණ්ඩායමෙන් ජීවිතය ගලවා ගන්නා ආරයත් සමග තමයි කතාව ගලාගෙන යන්නෙ. හරිම තාත්වික විදියට කරපු නිර්මාණයක්. චිත්‍රපටයෙ නම තමයි PAYCHECK. මේ trailer එක බලන්න එතකොට තේරෙයි මම කියන්නෙ බොරු නෙමේ කියලා.



Related Articles by Categories


4 ප්‍රතිචාර:

Grab this Widget ~ Blogger Accessories