Wednesday, January 7, 2009

මාළු උකුණා

මම මේ ලියන්නෙ උකුණන් විශේෂයක් ගැන. මිනිසුන්ට හැදෙන උකුණො නෙවෙයි මේ මාළුන්ට බෝවෙන උකුණො විශේෂයක් (Fish Lice). මම සුරතලේට ඇතිකරන රන් මස්සො (Gold Fish) ටිකට මේ ලෙඩේ හැදුනු නිසා අන්තර්ජාලයෙන් ඒ ගැන සොයාගත්ත විස්තර ටිකක් තමයි මේ කියන්න යන්නෙ. සුරතල් මාළු ඇති කරන කාටත් මේක වැදගත් වෙයි කියලා හිතුනු නිසා.

මේ උකුණා (Argulus) ඇත්තටම පරපෝෂිතයෙක්. උන් වැඩෙන්නෙ අපි ඇති කරන මාළුන්ගෙ ලේ උරා බීමෙනුයි. උන් ලේ උරා බීමේදි මාළුන්ගේ ශරීරය තුවාල වන නිසාත් එහිදී උකුණන් පිටකරන ශ්‍රාවයක් නිසා එම තුවාල සුව නොවන නිසාත් අවදානම දෙගුණ වෙනවා. මේක ඉතාම ලේසියෙන් සුව කරන්න පුළුවන් ආසාදනයක් උනත් නොදැනුවත්කම නිසා ගොඩාක් වෙලාවට වෙන්නෙ මාළු මැරිලා යන එක.

මට මේ ඇබැද්දිය උනේ දෙවෙනි පාරට. පලවෙනි සැ‍ෙර්දි නම් බෙහෙතක් හොයා ගන්න බැරි උනා. ඉතින් මම කලේ මාළුන්ව පරිස්සමට අල්ලලා tooth pick එකක් ආධාරයෙන් උකුණො ටික ගලවලා අයින් කරන එක. Angel වගේ මාළු මෙ උකූණන්ව ආහාරයට ගන්න නිසා ජෛව පාලන ක්‍රමයක් විදියට ඒක භාවිතා කරන්න පුලුවන්. මේ සැරේ නම් බෙහෙතක් හම්බඋනා. ඒත් පරන ක්‍රමේ ෂුවර් නිසා බෙහෙත් දාලත්, සත්තු ටික අතින් ගැලෙව්වා. මේ ගැන වැඩි විස්තර මෙතනින් බලා ගන්න පුලුවන්



Related Articles by Categories


4 ප්‍රතිචාර:

  • malee_msg said...
     

    Goldfishලා ඉන්නවා නම් අනිවාර්යෙන් Angles ලා දෙන්නෙක් විතර ටැංකියේ තියා ගන්න එතකොට ඔය කරදර නැහැ.. අපේ ගෙදර නම් එහෙමයි කරලා තියෙන්නේ.

  • said...
     

    එහෙනම් මාළුන්ගේත් තඩි බලන්න වෙලා ඈ

  • Manoj colambage said...
     

    මාළු ඇතිකරන්න ගිහින් මමත් අමාරුවේ වැටුනා.හේතුවක් නැතුවම මාළු මැරෙනකොට මාළු හැදිලිල එපාවෙනවා.
    මේ වගේ විස්තර ඉඩ තියෙන වෙලාවටවත් ලියනවනමි ගොඩක් වටිනවා.

    ඔබේ ලියමනට බෝම ස්තූතියි.

  • RanDil said...
     

    ඉස්සර මමත් ගෙදර ඉන්න කාළේ මාළු ඇති කළා අපි Angle Gold Fish එක ටැංකියේ දාලා තියනවා
    එතකොට හරි
    නංගිලා කරන්නේ මාළු අතට අරන් හිමිහිට අතින්ම ඒ සත්තුන්ව ගලවලා දාන එක
    මාළුත් හරියට ඒක තේරැණා වගේ දග දාන්නේ නැතිව ඉන්නවා

Grab this Widget ~ Blogger Accessories