Tuesday, January 13, 2009

Office 2007 ගොනු ඇරගන්න බැරිද ?

මයික්‍රොසොෆ්ට් ආයතනයෙන් ඔෆිස් 2007 පැකේජය නිකුත් කිරීමත් සමගම, පැරණි වෙලුම් භාවිතා කල පිරිස පොඩි අමාරුවක වැටුනා. ඒ තමයි මෙතෙක් භාවිතා කරපු file extention සියල්ලම 2007 වලදි වෙනස් කරලා තිබීම ( doc -> docx , xls -> xlsx වගේ). ඔෆිස් 2007 ස්ථාපිත කරගන්න පුළුවන් මට්ටමේ පරිගනක පාවිච්චි කරපු සමහරක් නම් 2007 දාගත්ත. නමුත් 2007 වල අතුරු මුහුණතත් ගොඩක් වෙනස් නිසා වැඩි දෙනෙක් 2003 වලම රැදුනා. මාත් ඉන් එක්කෙනෙක්.
ඔෆිස් 2007 ගොණුවක් කවුරු හරි එව්වම ඒක ඇරගන්න බැරි නිසා ආපහු එවපු කෙනාටම කියලා පරණ Format එකට Save කරවා ගන්නවා. පරිගනක භාවිතය ගැන වැඩිය නොදන්න කෙනෙකුට නම් ඉතින් ග්‍රීක් තමයි මෙහෙම උනාම.
ඔන්න දැන් මයික්‍රොසොෆ්ට් එක ඒ ප්‍රශ්න ඔක්කොම විසදලා. නොමිලේ බාගත කරගන්න පුළුවන් 2007 / 2003 පරිවර්තකයක් දීලා තියෙනවා. ඔෆිස් 2003 පරිශීලකයන්ට ඒක මෙතනින් භාගත කරගෙන ස්ථාපනය කර ගත්තාම නිකම්ම 2007 ගොනුත් ඇර ගන්න පුළුවන්.



Related Articles by Categories


8 ප්‍රතිචාර:

  • kotuwegedara.com said...
     

    OPEN OFFICE දාගත්තම ඒ කෙන් 2007 ගොනු විවෘත්ත කරන්න පුලුවන් ඒ ගැනත් හිතන්න පුතේ

  • යූත්මැක්ස් said...
     

    මේ පරිවර්තකය නිකුත් කළේ ඔෆිස් 2007 ඉදිරිපත් කළ දිනවලමයි. මම ඒ කාලෙම මයික්‍රොසොෆ්ට් අඩවියෙන් බාගත කළා. හැබැයි මේක ඒ තරම් ප්‍රචලිත වුණේ නැහැ. නමුත් ගොඩක් වටිනවා෴

  • Pahan said...
     

    This comment has been removed by the author.

  • Pahan said...
     

    ඒත් ‍කෙසේ උවත් මේ පහසුකම Access2007 සඳහා නෑ.
    word 2003 වලින් type setting කරපු සමහර ගොනු word 2007 වලින් විවෘත කළාම සම්පූර්ණයෙන්ම එහි formatting වෙනස්වෙන අවස්ථා අනන්තවත් තියෙනවා(මේ කවුරුවත් කියන දෙයක් නොව මගේ පුද්ගලික අත්දැකීමයි.) ප්‍රින්ට් කරන්න ගිහින් open කලාම formatting අල වෙලා(මෙය වැරදි page setup හාවිතයෙන් සිදුවන දෙයක් නොවේ). දැන්නම් කරන්නේ document එක PDF ගොනුවකට හරවලා print කරන්න දෙන එකයි. word 2007 වල යුනිකොඩ් සහයත් අප්සට්. කොහේ හරි ටයිප් කරපු එකක් paste කලොත් ආයෙත් සමහර වචන ආයේ මුල ඉදල හදන්න ඕන. බොරුනම් අපේ ආගන්තුකයගෙන් අහල බලන්න. Excel නම් මම වැඩිය හාවිතා කරන්නේ නෑ. ඒ නිසා මුකුත් කියන්න දන්නේ නෑ
    @ යූත්මැක්ස්
    ඔබ හරියටම හරි
    "මේ පරිවර්තකය නිකුත් කළේ ඔෆිස් 2007 ඉදිරිපත් කළ දිනවලමයි. හැබැයි මේක ඒ තරම් ප්‍රචලිත වුණේ නැහැ. නමුත් ගොඩක් වටිනවා"

  • Aravinda said...
     

    This comment has been removed by the author.

  • Aravinda said...
     

    මම නම් වැඩි පුර පාවිච්චි කරන්නේ Word 2007 ඔය කියන ගැටලු එකක්වත් මට මතු වුණේ නෑ.

    Open Office හොඳ යි. ඒත් මං සිංහල යුනිකෝඩ් සමඟ වැඩ කරන කොට Font Rendering ගැටලු ආවා.අකුරු එකගොඩේ පේනවා. Print කරනකොට PDF ලෙස Export කරන කොට ගැටලුවක් නෑ.

  • Pahan said...
     

    මම පරිගනක කිහිපයකදීම ඉහත කී දුෂ්කරතාවයන්ට මුහුණ දී ‍තියෙනවා. දැන් DOC හා DOCX භාවිතය අඩු කරල PDF භාවිතය නිසා ඒ ගැන සොයා බැලීමෙන් මට ඇති වැඩක් නෑ.

  • සජීව විජේවීර said...
     

    මම මුලදිම 2007 දාගත්තා. හරිම ලේසියි. හැබැයි මම හැමතිස්සේම ගොනු සුරකින්නේ 97-2003 වලින්. ඒ නිසා කාටවත් කිසිම වෙලාවක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

Grab this Widget ~ Blogger Accessories