Tuesday, January 27, 2009

Windows දෘඩාංග ධාවක ගොනු (Driver Files) සුරකින ක්‍රමයක්

පරිගනක කාර්මිකයින් බොහෝ විට මුහුන දෙන ප්‍රශ්නයක් තමයි තමන්ට අලුත්වැඩියාව සදහා ලැබෙන පරිගනක සමග ඒවායේ Driver CD නොලැබීම. මේ වෙලාවට එක්කෝ කාගෙන් හරි අදාල ගොනුව ඉල්ලා ගන්න වෙනවා නැත්නම් අන්තර්ජාලයෙන් බාගන්න වෙනවා. ඒත් එහෙම හොයාගන්න ඒවත් සමහරවිට 100% ක්ම ගැලපෙන්නෙ නැති වෙන්න පුලුවන්. අදාල පරිගනකයේ ස්ථාපනය කරලා තියෙන ධාවක ගොනු ටිකම Backup කර ගන්න ක්‍රමයක් තියෙනව නම් මරු නේද? ඔන්න ක්‍රමයක් තියෙනවා.
DriverMax කියන මෘදුකාංගය බාගත කරලා අදාල පරිගනකයේ ස්ථාපනය කරගත්තාම අපිට අවශ්‍යය සියලුම ධාවක ගොනු අපිට අවශ්‍යය තැනකට Export කර ගන්න පුලුවන් අවශ්‍යය විටක නැවත ස්ථාපනය කර ගැනීම සදහා. බය වෙන්න දෙයක් නෑ මේක නොමිලේ බෙදාහරින එකක්. පරිගනකයට හානියකුත් නැහැ.හැබැයි මේක කරන්න ඕන FRI ක්‍රමය අනුගමනය කරන්න කලින්. මේ අඩවියෙ තව ඔය වගේ මෘදුකාංග ගොඩක් තියෙනවා. මම තාම පාව්ච්චි කලේ මේක විතරයි. ට්‍රයි කොරල බලන්ඩ.මේකෙ පින්තූර ටිකක් මෙතනින් බලන්න පුලුවන්



Related Articles by Categories


2 ප්‍රතිචාර:

Grab this Widget ~ Blogger Accessories