Tuesday, March 3, 2009

මගේ මුල්ම වීඩියෝ සංවාදය

මම මුලින්ම පරිගනක ක්ෂ්‍රේත්‍රයට ආවෙ පරිගනක උපදේශකයෙක් විධියට. ඒ මීට අවුරුදු 10ට කලින්. ඉතින් එතන කැඩුනු පරිගනක අලුත්වැඩියා කරනව බලාගෙන ඉදල ගෙදර ගිහින් හොදට වැඩකරමින් තිබුන අලුත්ම පරිගනකය මස් කලා. ඊට පස්සෙ ‍ෙෆා්මැට් කලා. දෙතුන් පාරක්ම කරන්න වුනා හරියට කරගන්න. ඊට පස්සෙ වැඩ කරපු ආයතනයෙ කැඩෙන පරිගනක හදන්න පුරුදු උනා.
ඔහොම ඉන්නකොට දවසක් ලොක්කා ඇවිත් කිව්වා අපි අලුත් ශාඛාවක් පටන් ගන්නවා. එදාට එහෙ සිද්ධ වෙන දේවල් ප්‍රධාන කාර්යාලයෙ අයට සජීවීව බලාගන්න සූදානම් කරන්න කියලා. එතකොට ADSL ගැන අහලවත් තිබුනෙ නෑ (2000) . තිබුනෙ Dial Up විතරයි. කරන විධිය දන්නෙ නැති උනාට අපේ කණ්ඩායම (නාමල් සර්, රුවන්, මම) ලොක්කට හා සර් කියල නාන්න බාල්දිය ඉල්ල ගත්ත. ලොක්කත් අවශ්‍ය කරන වෙබ් කැමරා, මයික්‍රෆෝන් ආදිය සපයල දුන්න.
ඔන්න ඉතින් දවසක් රෑ කට්ටිය පරීක්ෂණ විකාශයක් කරන්න සෙට් උනා අන්තර්ජාලය හරහා. ඒත් සාර්ථක නෑ. ඉතින් ඒක අතෑරල දාල ගෙදර ගියා. පහුවදා නාමල් සර් හොයාගෙන ආවා මරු මෘදුකාංගයක් Video Link කියල. ඒක අන්තර්ජාලය නැතිව කෙලින්ම දුරකථන දෙකක් හරහා වීඩියෝ සංවාද කරන්න පුලුවන් එකක්. අවශ්‍ය වෙන්නෙ මොඩම සහිත පරිගනක දෙකක් , දුරකථන සබදතා දෙකක් සහ වෙබ් කැමරා දෙකක් පමණයි. ඒක ස්ථාපනය කරලා බැලුවා වැඩේ නම් ගොඩ. ඒත් වීඩියෝ On කලාම කටහඩ ඇහෙන්නෙ කැඩි කැඩී.
ඒකටත් පොඩි හොර වැඩක් කලා. දෙපැත්තෙ පරිගණක දෙක SLT දුරකථන දෙකකට සම්බන්ධ කරලා ඒක රූප විකාශනය කරන්න විතරක් පාවිච්චි කලා. කටහඩ සදහා තව ජංගම දුරකථන දෙකක් යොදාගත්ත. ඒ දෙකේම මයික් ලයින් වලට පිටින් සාමාන්‍ය මයික් දෙකකුත් ස්පීකර දෙකට ඇම්ප්ලිෆයර් දෙකකුත් සම්බන්ද කලා. වැඩේ ගොඩ. නමුත් මුල්ම අවස්ථාවෙ එච්චර සාර්ථක උනේ නෑ. ඒ නුවර සහ කොළඹ. නුවර දුරකථන සබදතාවයෙ වේගයෙ අවුලක් නිසා. නමුත් ඊට පස්සෙ මේ විධියටම මාතර, ගම්පහ සහ කුරුණැගල සිට කොළඹ ප්‍රධාන කාර්යාලය සමග කිසි අවුලක් නැතුව සම්බන්ද උනා. දැන් ඒව මතක් වෙනකොට විලිලැජ්ජාවෙ සන්තෝසෙ බෑ.



Related Articles by Categories


2 ප්‍රතිචාර:

  • Indranama said...
     

    තාරක,
    මේ Video Link කියන සොෆ්ට්යවයාර් එක දැනුත් තියෙනවද? පුලුවන්නම් එවැනි සොෆ්ට්වෙයාර් භාවිතයෙන් (ටෙලිපෝන් ලයින් එක හරහා) වීඩියෝ ඇමතුමක් ගන්න හැටි ගැන පෝස්ට් එකක් දාන්න.

  • Travel Ceylon said...
     

    @ප්‍රවීන්
    මම දන්න විදියට දැන් මේක හොයා ගන්න නැහැ. හැම තැනම වේගවත් අන්තර්ජාල සබදතා තියෙන කොට මේ වගේ මෘදුකාංග දැන් උවමනා වෙන්නෙ නැති නිසා වෙන්න ඇති. කොහොම උනත් එහෙම එකක් තියෙනව නම් මම හොයල කියන්නම්.

Grab this Widget ~ Blogger Accessories