Saturday, March 14, 2009

ජීවිතෙන් දවසක්

කාලෙකට පස්සෙ අද මට හිතේ හැටියට දවස ගෙවල දැම්ම. හැම සති අන්තයකම රගපාන්න වෙන මාමාගේ චරිතෙ අද ඕන වුනේ නෑ. අද අක්කල ආවෙ නෑ. මේ දවස් වල ගේ කඩාගෙන අලුත්වැඩියා කරන නිසා දූවිලි නාගෙන තමයි ඉන්නෙ. අද ටිකක් දූවිලි ඇවිස්සෙන වැඩ තිබුන නිසා අක්කලට එන්න එපා කිව්ව. පොඩ්ඩො දෙන්න අසනීප වෙයි කියල. ඒත් ටිකක් විතර දෙන්න නැති පාලුව දැනුනා. හවස අක්කගෙ පුතා කතා කරල අඩනව මෙහෙ එන්න ඕන කියලා. මොනවා කරන්නද පොඩි අයට තේරෙන්නෙ නෑනෙ. ඉතින් බැරිම තැන මම හෙට එයාව බලන්න එනව කියල පොරොන්දු උනාම තමයි ඇඩිල්ල නැවතුනෙ. දුව මේ ලගදි දවසක තමයි මුලින්ම මාමා කියල කතා කලේ. එවෙලෙ නම් හරි ආස හිතුන. දැන් ඉතින් හැමදාම සති අන්තය ගෙවෙන්නෙ ගොඩක් වෙලාවට ඒ දෙන්නත් එක්ක. ඉතින් මට ඕන විදියට දවල්ට ටිකක් නිදාගන්න, රූපවාහිනිය බලන්න ලැබෙන්නෙ නෑ. අද නම් හිතේ හැටියට ඒ දෙකම කලා.
හවස ගියා ජයවර්ධනපුර රෝහලට. යාලුවෙක්ගෙ තාත්තව බලන්න. වකුගඩු අමාරුවකට රෝහල් ගත කරල. ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් වතුර බීම තමයි ලෙඩේට හේතුව. මාත් වැඩිය වතුර නොබොන නිසා මටත් ටිකක් බය හිතුනා. මීට පස්සෙ ටිකක් වැඩිපුර වතුර බොන්න හිතා ගත්ත. අපි වැඩිය නොහිතුවාට වතුර ටිකක් වැඩිපුර බීම ශරීර සෞඛ්‍යට හොදයි.
ආපහු ගෙදර එනකොට යාළුවෙක් මුණගැහුනා. මිනිහා ටිකක් කලකිරීමෙන් තමයි කතා කලේ. ටිකක් කතා කරගෙන යනකොට තමයි එයාගෙ ප්‍රශ්නෙ කිව්වෙ. එයයි බිරිදයි අතරට තුන්වෙනියෙක් ඇවිත්. නමුත් කතාව සම්පූර්ණයෙන්ම ඇහුවාම මට තේරුන දේ තමයි මේ පුද්ගලයාව යාළුවගෙ බිරිද ආශ්‍රය කරල තියෙන්නෙ යාළුවෙක් කියල හිතාගෙන. මිනිහාගේ හිතේ තිබුනු කැත අදහස දැනගෙන ඉදලා නැහැ. නමුත් ඔහු ඇයට තර්ජනය කරලා තියෙනව ඔහුට ඕන නම් ඇයයි සැමියයි වෙන් කරන්න පුලුවන් කියල. කිව්ව වගේම ඔහු මගෙ යාළුවගෙ හිතේ ඇය ගැන සැකයක් ඇති කරවලා. දැන් දෙන්න දෙතැනක. සැකය කියන්නෙ මහා භයානක දෙයක්. මේ දෙන්න බදින්න කලින් අවුරුදු 8ක් විතර ආදරය කලා. මොහොතකට උපදින සැකයකට අවුරුදු ගානක ආදරය අමතක කරන්න පුළුවන් නම්............ !



Related Articles by Categories


3 ප්‍රතිචාර:

  • malee_msg said...
     

    හයියෝ.. ඔයාගේ යාළුවා නම් මහ මැට්ටෙක්. එයාට කියන්න දෙන්නා දෙමහල්ලන්ගේ ප්‍රශ්ණ විසදගන්න පුළුවන් ඒ දෙන්නට කථා කරලා විතරමයි කියලා

  • Narada said...
     

    ඔය වැනි දෙවල් ලංකාවේ වගේම වෙන රට වලත් වෙන්න පුළුවන්. එහෙත් කියන්න තියෙන්නේ මාමාගේ (දැන් එහෙමනේ :P) යාලුවාඑක් අතකින් වැරදි කියලයි. ඒ වගේම බිරිදටත් තිබ්බා පරිස්සම් වෙන්න, කතාව අපි දන්නේ නැහැනේ, එයාගේ යාලුවා මොකක් කිව්වාද කියලා. ඒ මනුස්සයාගේ යටි අරමුණ අන්තිමේ ඉටු වුණ එකනේ වුනේ.

  • said...
     

    අපෝ පොඩි උන් එක්ක සති අන්තය ගෙවන එකනම් මටත් පෙන්නන්න බැරි දෙයක්

Grab this Widget ~ Blogger Accessories