Thursday, March 19, 2009

සමාධි

කාලෙකට පස්සෙ පොතක් කියෙව්ව. පොතේ නම සමාධි. ලියල තියෙන්නෙ එඩ්වඩ් මල්ලවආරච්චි. පෙරේත කමට එක හුස්මටම කියවල දැම්ම. කතාව ටිකක් විතර බොලදයි. ඒත් හොදයි. ජීවිතේට ටිකක් සමීප බවක් දැනුන. මේකෙ මගෙ හිතට වැදුනම කොටස තිබුනෙ පසු පිටේ (පින්තූරෙ නෙවෙයි සටහන)

.
ඇයි කියල දන්න අය දන්නවා. ඒ අතරෙ ඒකෙන්ම මගෙ යාළුවෙකුටත් උත්තරයක් දෙන්න හිතුනා.
මම නිකම් ඉන්න ගමන් මගෙ නම ගූගල්ට දාලා බැලුවා මෙන්න ආපු එක ප්‍රතිඵලයක්

ඇත්තටම මෙක දාපු කෙනා මගෙ ලගම යාලුවෙක් වෙන්න ඕන. මොකද ඒකට දාලා තියෙන විද්‍යුත් ලිපිනය දන්න අය ඉන්නෙ කීපදෙනයි. මගෙ නලලෙ තියෙන හම්ප් එකවත් මම බල්ලන්ට පූසන්ට කැමති එකවත් ආදරය කරන්න බාධාවක් නෙවෙයි. උඹ මේක දැම්මට තවම කව්රුවත්ම මාව බයිට් එකට ගත්තෙ නෑ. මොකද මේව බලන උන් උඹ වගේ සීනි බෝග ලෝකෙවල ජීවත් නොවෙන නිසා. මම මෙහෙම ඉන්නෙ ඇයි කියන එක උඹලා සේරම වගේ දන්නවා. මතක නැත්නම් මම මුලින් කියපු පොතේ පිට කවරෙ තියෙන සටහන කියවපං. එතකොට මතක් වෙයි. මොනා උනත් ගොඩාක් ස්තූතියි මට ප්‍රසිද්ධියක් අරන් දෙන්න වෑයම් කලාට. යාලුවෙක් වගේ ඉදන් මෙහෙම ‍පෙ_ _ _ වැඩ කරන්නෙ නැතුව පුලුවන්නම් පිරිමියෙක් වගේ ඇවිත් මට ගහල බලපන්.



Related Articles by Categories


3 ප්‍රතිචාර:

  • Narada said...
     

    අපොයි තරහා ගිහින් වගේ අයියාට. සන්සුන් වෙන්න අයියේ, ගනං ගන්න එපා අයියේ.

  • malee_msg said...
     

    මේ කතාව ඉස්සර සිරිකත පත්තරේ කොටස් ව‍ශයෙන් ගියා. එඩ්වට් මල්ලවආරච්චිගේ අනිත් කථා වගේම තමා ටිකයි වෙනස්.

    දෙවෙනි කොටස ගැන කියනවා නම් අයියේ.. හැම තැනම ඔය වගේ මානසික අබාධ තියන අය ඉන්නවා. අනුකම්පා කරන එක තමා හොද

  • ආගන්තුකයා | Stranger said...
     

    අනිවා... වෙන කරන්න දෙයක් නෑ... තරහා ගන්න එපා... සමහරවිට හිඳම යාලුවෙක් විහිලුවට කරපු වැඩක්ද දන්නේ නෑනේ...

Grab this Widget ~ Blogger Accessories