Monday, April 13, 2009

ලබන්නා වූ සිංහල දෙමළ අළුත් අවුරුද්ද සැමටම කිරියෙන් පැණියෙන් ඉතිරේවා.........

නොනගතේ ලැබුවට පස්සෙ තමයි ඔන්න නිදහසක් ලැබුනෙ කට්ටියට සුභ පතන්න. ඔෆිස් එකේ ඊයෙත් වැඩ (මම විතරක්) . අපේ Mail Server එක කවුරු හරි ආක්‍රමණය කරලා. සැක කරන්න ඉන්නෙ එක්කෙනයි. ඊයෙ පෙරේදා එක්කෙනෙක්ව රස්සාවෙන් අස්කරන්න මම මූලික උනා. එයා තමයි මට සැක. මගේ සැකේ වැරදි වෙන්නත් පුළුවන්. යන්තම් ඊයෙ හවස් වෙනකොට වැඩේ ගොඩ දා ගත්තා. ඊට පස්සෙ ගෙදර රාජකාරි. නොනගතේ ලබනකම්ම ඒව තමයි.
කොහොම හරි මගේ මේ බ්ලොග් එක ලියන්න අරන් දැන් මාස හයක් ඉවරයි. සමහර වෙලාවට මම ලියන දේවල් අනිත් අයට විකාර වගේ පේනවද කියලත් වෙලාවකට හිතෙනවා. ප්‍රතිචාර අඩු වෙනකොට. ඒත් හිට් කවුන්ටරෙයි ෆලෝවර්ස්ලා ගානයි වැඩි වෙන කොට ටිකක් හිත හැදෙනවා. මේවත් කියවන අය ඉන්නවා කියලා. ඉතින් මේ මාස හයට මගෙ බ්ලොග් එක කියවපු හැමෝටම බොහොමත්ත ස්තූතියි මාව දිරිමත් කලාට. ඒ වගේම ලබන්නා වූ සිංහල දෙමළ අළුත් අවුරුද්ද සැමටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.



Related Articles by Categories


1 ප්‍රතිචාර:

  • ආගන්තුකයා | Stranger said...
     

    මාත් ඒකට අත උස්සනවා... අපි ලියන්නේ අපිට ඕනි නිසානේ... ලියමු අපි කියවලා නිකන් ඉන්නෙ නෑ මොනාහරි ලියනවා... අවුරුද්ද සුබ වේවා...

Grab this Widget ~ Blogger Accessories