Monday, May 4, 2009

Lipton’s Seat

කාලෙක ඉදන් යන්න හිතන් හිටපු තැනක්. ගිය සති අන්තෙ මට යන්න ලැබුනා. මෙතෙන්ට Lipton’s Seat කියන නම ලැබිලා තියෙන්නෙ ලංකාවේ තේ කර්මාන්තයේ පුරෝගාමියෙක් වෙන තෝමස් ලිප්ටන් මහතා තමන්ගේ තේ වගාව නිරීක්ෂණය කිරීම සදහා නැරඹුම් මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කල නිසා යැයි කතාවක් පවතී.
මා මෙම ස්ථානයට ලගාවූ හපුතලේ සිට දඹේතැන්න වතුයාය හරහා වැටී ඇති මාර්ගයට අමතරව , බණ්ඩාරවෙල සිට නායබැද්ද වතුයාය හරහාද තවත් මාර්ගයක් වැටී ඇත. විශාල බෑවුම් සහිත මාර්ගය තරමක් අවදානම් සහිත වේ. වඩාත්ම අවදානම් කොටස වන්නේ ගමනේ අවසන් කිලෝමීටරයක පමණ දුර ප්‍රමාණයයි. එම තොටස පෞද්ගලික තේ වත්තක් මැදින් වැටී ඇති අතර මාර්ගය තාර හෝ කොන්ක්‍රීට් යොදා නොමැති බැවින් වැහි දින වලදී අවදානම තවත් වැඩි වේ. වාහන නැරඹුම් ස්ථානය වෙතම ගෙන යා හැකි වුවත් අවසන් දුර ප්‍රමාණය එම මාර්ගය හුරු රියදුරකු සමග යාම වඩාත් යෝග්‍ය වේ. මේ කොටසට වාහනයක් ඇතුල් කරන්න රු.100/= ක් අය කරනවා.

මීදුම නොමැති දිනවලදී මෙතැනට ලංකාවේ පලාත් පහක් පැහැදිලිව දර්ශනය වන බව පැවසේ. අවාසනාවට මා එහි ලගා වනවිට පලාතම මීදුමින් වැසී අවසානය.



Related Articles by Categories


5 ප්‍රතිචාර:

  • Anonymous said...
     

    හපුතල ඉඳන් කෙලින්ම මධ්‍යම කඳුකරය බෑවුම් වෙන නිසා පරිසරය හරිම ලස්සනයි. මම ඔය කියන පැතිතට ගිහින් නැතත් හිතාගන්න පුළුවන්.

  • Anu said...
     

    ලබන සතියේ ඔබ පැත්තෙ මං යන්න ඉන්නේ.

  • වන්නි said...
     

    ලිප්ටන් මහත්තයා එයාගේ අස්සයාගේ පිටින් වැටුනා කියලත් කියනවා ඔතනදී...

  • malee_msg said...
     

    අම්මපා! මාත් කවදම හරි යනවා..! :D

  • Narada said...
     

    අතේ අගිලි කියක් තියෙනවද? දහයයි නේද? කකලේ? විස්සයිනේ? ඒ ගාණට ගිහිං ඇති!

    අපේ නෑයෙක්ගේ තේ වත්තක් තියෙනවා නොවැ.

Grab this Widget ~ Blogger Accessories