Sunday, July 5, 2009

සදාදරණීය ජෝති

එච් ආර් ජෝතිපාල එහෙමත් නැත්නම් ජෝති අපෙන් සමුගෙන ඊයේ (04/07/2009)ට වසර 22කි. එදා ඔහු ජීවත්ව සිටියදී කසිකබල් පීචං ගායකයකු ලෙස හැදින්වූ ප්‍රබුද්ධ යයි කියා ගන්නා අයට ඔහුගේ අගය වැටහුනේ ඔහු මියෑදුනාට පසුවය. එදා ඔහු මිය යන විට මට වයස අවුරුදු නවයක් වුවද වසර 22කට පසු අදත් මගේ ජනප්‍රියම ගායකයා ඔහු වීම ගැන මම කියන්නෙ ආඩම්බරයෙන්. ජෝති ගැයු ගීත බොහොමයක් හින්දි ගී තනු වලට ගැයූ ඒවා වුවත් එම ගීත අසන විට අපට ඒ බවක් මතකයට නොඑන තරමටම ලයාන්විතව ඔහු ගායනා කලේය. ඊටත් වඩා ඔහු සතුව තිබූ සුවිශේෂම දෙ නම් ඔහුගේ කට හඬයි. චිත්‍රපට ගීත ගායනයේදී ඔහුගේ හඬ ඕනෑම නලුවෙකුට ගැලපුනේය. දැනට මා දන්නා තරමින් එවන් හඬක් ඇත්තේ ග්‍රේෂන් ආනන්දට පමණි. ඔහු මියැදුනාටත් පසුව මෙලොව එලිය දුටුවන්ද සුපර්ස්ටාර්ලා වීමට ජෝතිගේ ගී ගැයීමම ඔහු කොතරම් රසික සිත් ඇද බැඳ ගත්තා දැයි කීමට ප්‍රමාණවත්ය. හදිසියේ තබන මේ කෙටි සටහන ඒ අසහාය ගායකයාට පිදෙන උපහාරයක්ම වේවා!





Related Articles by Categories


5 ප්‍රතිචාර:

  • දුකා said...
     

    ජෝති සදා අමරණීයයි . . .

  • Anonymous said...
     

    ජෝති දැන් ඉන්නේ බොරැල්ල කනත්තේ බව හොඳින්ම දන්නා උන්, ඔහු යලි ඉන් නැගිට නොඑන බවත් සක් සුදක් සේ දනී ! ඉතින් දැන් ගයයි වයයි ඔහුගේ ගුණ. . . එදා නොදැක්ක , නැතිනම් දැක්කත් නොදැක්ක සේ හිටපු. . .!
    හදවත රත්තරං ජෝති! ඔබයි අපට හිටිය මයිකල්,ඔබයි අපට හිටිය එල්විස්!

  • said...
     

    අපේ රටේ හැමදාම ගුණ වයන්නේ මැරුණට පස්සේ

  • Travel Ceylon said...
     

    මට පොඩි වැරදීමක් වෙලා වගේ. ජෝති මියගිහින් තියෙන්නෙ ජූලි 7 වෙනිදාවකලු.

  • malee_msg said...
     

    ජොති දල්වපු පහනින් හැමදාම අපි එළිය ලබනවා.. තාමත් ඒ එළියට ‍වගේ වෙන්න පහනක් තියා ගිණිකූරක් වත් පත්තු වෙලා නෑ!

Grab this Widget ~ Blogger Accessories