Monday, July 13, 2009

හොඳ මිත්‍ර සමාගමයක් පවත්වා ගැනීමට නම්....

අපේ දුකාගෙ යාළුවො ගැන ලියපු පෝස්ට් එක කියවද්දි මටත් හිතුනා මිත්‍ර සමාගමය පිලිබඳ මගේ අද්දැකීම් ටිකක් පෝස්ට් එකක් විදියට ලියල තියන්න. මම ලගින්ම ආශ්‍රය කරන යාළුවො ඉන්නෙ පස් දෙනයි. එයින් එක්කෙනෙක් ඇරෙන්න අනෙක් හතරදෙනාම පාසලේ යාළුවො. ඒ හතර දෙනාගෙනුත් එක්කෙනෙක් විශේෂයි. මම බණ්ඩාරවෙල ඉඳල මෙහෙ ප්‍රාථමික පාසලකට ආපු වෙලාවෙ (1986) මට මුණගැහුණු ඒ යාළුවා මාත් එක්කම ශිෂ්‍යත්වෙ පාස් වෙලා දෙන්නම ඇතුල් වුනේ එකම පාසැලකට. අනික් හතරදෙනා මුනගැහුනෙ ඊට පස්සෙ. අපි හැමෝගෙම ‍දෙමව්පියන් සහෝදර සහෝදරියන් සියළු දෙනාම අපිව සළකන්නෙ තමන්ගෙම පවුලෙ අය හා සමානව. අපේ අම්මා මට ඒ දවස් වල කියන්නෙ උඹට දැන් අම්මලා ගොඩක් ඉන්නවනෙ කියලා. අපි ඉස්කෝලෙන් කට්ටි පැන්නෙ පාඩම් කලේ හැමදෙයක්ම කලේ එකට. මට අද වගේ මතකයි දවසක් උදේක 135 කැලණිය බස් එකක් පිටිපස්සෙ සීට් පේලි දෙකක් අපි තව හය දෙනෙකුයි වෙන් කරගෙන නටපු පිස්සුවක්. ඒ පාසැල් කාලෙ කරපුවයින් ගොඩ ගියෙ නම් ජෝඩු දෙකයි. මාත් ඇතුළුව අනික් හතරම හබක්..
අපි හය දෙනාගෙ බැඳීම වඩාත් ශක්තිමත් උනේ අපි පාසැල් කාලය ඉවර කරලා තම තමන්ගෙ අරමුණු වෙනුවෙන් තරඟ කරන්න ගත්තට පස්සෙ කියලයි මට හිතෙන්නෙ. මොකද ඒ හැල්මෙ දිවීමෙදි අපි අසරණ වුනු අවස්ථා වල අපි තමයි අපිට හිටියෙ. මට හොඳටම මතකයි 2003 දි මම පිස්සෙක් වෙන තරමටම මානසිකව වැටුණු වෙලාවක මාව ගොඩ ගත්තෙ මේ යාළුවො ටික තමයි. ඊට කලින් මට පන දෙන්න හිටපු යාළුවො ඒ වෙලාවෙ මාව පාරකදි දැක්කත් මගඇරලා ගියත් මේ පස්දෙනා මගේ ලගින් හැමතිස්සෙම හිටියා. 2005 වගේ වෙනකොට එක එක යාලුවා විවාහ වෙන්න ගත්ත දැනට අවිවාහකව ඉන්නෙ මමයි මගේ පරණම යාළුවයි විතරයි. ඒ ඔවුන්ගේ මායියන්ගෙනුත් අපේ සමාගමයට හොඳ සහයක් ලැබෙනව.
මේ පහුගිය කාලය ඇතුලත අපි අතර ප්‍රශ්න ඇති නොවුනාම නෙවෙයි. ඒත් ඒ කිසිම ප්‍රශ්නයකට අපේ මිත්‍රත්වයට උඩින් යන්න බැරි වීම සතුටක්. අපි අපේ මේ මිතුරන් අතරෙ නිහඬව පිලිගත් එකඟතාවන් කීපයක් තියෙනවා
1. කිසිම කෙනෙක් කිසිම කෙනෙකුගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවීම. මෙමගින් අපි කරන උදව් ද ගනන් තබා නොගන්නා නිසා හිත් රිදවීම් අඩු වේ.
2. මිතුරන් සැම දෙනාටම තමන් තමන්ම ලෙස හැසිරීමට අවස්ථාව ලබාදීම
3. සෑම දිනකම එක් වරක් වත් දුරකථන ඇමතුමක් දී අනෙක් අය ගැන සොයා බැලීම
4. අවම වශයෙන් මාසයකට දෙවතාවක් අපි ගෙවල් වලින් පිට නිදහස් තැනකදි මුනගැසීම. තම තමන් අතින් වුනු වැරදි ,තම තමන්ගෙ ප්‍රශ්න සහ අනාගත සැලසුම් ගැන සාකච්ඡා කිරීම තමයි මේ හමුවීමෙ ප්‍රධානම අරමුණ
5. අවුරුද්දකට දෙවතාවක් කොහේ හෝ චාරිකාවක් යෑම. මෙයින් එකක් අනිවාර්යෙන්ම අවුරුදු නිවාඩුවෙදි යා යුතුයි. ඒක අනිවාර්යෙන්ම අවමය දවස් තුනයි.
6. උත්සව අවස්ථාවලදී මෙන්ම ශෝකජනක අවස්ථා වලදීත් මිතුරා ලගින්ම සිටිමින් අවශ්‍ය දේ සොයා බැලීම

මෙන්න මේ විදියට තමයි අපි අපේ සමාගමය පවත්වා ගන්නෙ. මේ සමාගමය අපි ජීවත්ව සිටින තුරාවටම මෙසේම පවත්වා ගන්න තමයි අපේ අදහස. මේක කියවල මගේ අනික් යාලුවො තරහ වෙන එකක් නෑ කියල හිතනවා ඒ අය ගැන කිව්වෙ නෑ කියලා. ඇත්තටම ඒ අය කරපු උදව් ඔක්කෝම මට හොඳට මතක තියෙන නිසා තරහ වෙන්න දෙයක් නෑ.



Related Articles by Categories


8 ප්‍රතිචාර:

  • Anonymous said...
     

    බොහෝම සතුටුයි තාරක අයියේ එ මිත්‍රත්වය සංසාරය පුරාවටම පවතිවා කියලා පතනවා!
    හොද ලිපියක් ඇත්තටම එකඟතා 5 නම් ගොඩක් හොදයි

    හැබැයි මට නම් මිතුරන් සියගානක් හම්බඋනත් ගොඩක් අප පාප මිතුරන් නැත්නම් වංචාකාරයන් එ හින්දාම මම සියයට අනුනවයක්ම මිතුරන් විස්වාස කරනවා අඩුයි කිහිප දෙනෙක් ඇරි එයින් කිහිප දෙනෙක් කිසිදාක ඇහැට දැකලා නැ දකින්න අදහසකුත් නැ

  • LishWish said...
     

    මිතුරු සමාගම් නම් මචන් අගෙයි.. නමුත් මිතුරු වෙසින් ඉඳල පිටට පිහියෙන් අනින අයත් ඉන්නවා. අපි ඒ අය ගෙන් මිදිය යුතුයි.

    ඒ මොනා උනත් උඹේ මිතුරු සමාගමට මම නම් ජය ම පතනවා....

  • දුකා said...
     

    හරිම සංතෝෂයි . . . මගේ ඇසට කදුලක් ඉනුවා ඔබලාගේ මිතූරු සමාගමේ එකමුතුව හා බැදීම ගැන දැනිලා . . . මටත් ඒ වගේ මිතුරන් පිරිසක් ඉන්න නිසා මට ඒ බැදීමේ බර ගොඩාක් දැනුනා . . ඔබලාගේ මිතුරු දම් සසර සරන තුරු සදා රැදේවා . . . .

  • Deeps said...
     

    all the best for you guys..its a nice jog helping each other in all the times!!

  • Chrishi said...
     

    මටත් කියන්න තියෙන්නේ දුකා කිව්ව දේ තමයි. ඇත්තටම මගෙ ඇහැටත් කඳුලක් ආවා. මොකද මම සා.පෙ. කරන කාලේ මට හිටපු යාලුවො දෙන්න හින්දම තමා මම අති විශිෂ්ඨ ලෙස විභාගය පාස් උනේ. ඇත්තටම පාසලේ කවෘත් හිතුවෙ නෑ මම එතරම් හොඳට සමත් වෙයි කියලා. ඒත් උසස් පෙල කරන්න පටන් ගත්තම ඒ මිත්‍රකම නැතිඋනා. මට තාමත් හිතෙන්නෙ එ මිත්‍ර කම තිබ්බානම් අපි තුන්දෙනාටම ඉහලින්ම උසස් පෙල සමත් වෙන්න තිබුනා කියලා. හැබැයි ඊට පස්සෙ මගෙ යාළුවන් ගැන තියන විශ්වාසය ගොඩක් දුරට අඩුවුනා.

  • said...
     

    මටනම් යාළුවො නැහැ. වැඩිපුරම ඉන්නේ තනියම.

  • malee_msg said...
     

    මේ ලිපිය කියෙව්වම ඇත්තටම හරිම සතුටු හිතුනා.!

  • Travel Ceylon said...
     

    @දිසා
    ස්තූතියි. ඇත්ත මටත් මේ අයට අමතරව යාලුවො සෑහෙන්න ඉන්නවා ඒත් මේ වගේ නෑ.

    @LishWish
    මටත් ඒ වගේ අද්දැකීම් තියෙනවා. ඒ ‍වගේ අය තමයි අඳුරගන්න අමාරුම අය මට හිතෙන විදිහට.

    @දුකා
    ස්තූතියි.

    @Deeps
    Thanks

    @Chrishi
    හොඳ යාලුවො එහෙම නැති වෙන්නෙ නෑ වෙන ග්රමහ ලෝකෙක හිටියත්. ඒක නිසා කනගාටු වෙන්න එපා.

    @ම
    මචන් මේ වගේ විශ්වාසවන්ත සෙට් එකක් හොයා ගත්ත නම් බය නැතුව වැටෙන්නම බොන්න පුලුවන්. අද්දැකීමෙන් කියන්නෙ.

    @malee_msg
    ස්තූතියි

Grab this Widget ~ Blogger Accessories