Sunday, August 9, 2009

මොර - දැකල තියෙනවද?

මොර කියන්නෙ අපේම දේශීය පලතුරක් මම දන්න විදියට. කාලා තියෙන අය දන්නව ඇති ඒකෙ රහ කොහොමද කියලා. ටිකක් රඹුටන් වගේ උනත් මටනම් ඊටත් වඩා රසයි. නමුත් ගෙඩි නම් ඉතාම කුඩාවට තමයි හැදෙන්නෙ. ඒ වගේම තමයි මොර කන්න නම් මාර දුකක් විඳින්න වෙනවා. මොකද මේ ගස් සාමාන්‍යයෙන් අඩි 20 - 30 වුනාට පස්සෙ තමයි ගෙඩි හැදෙන්නෙ. ඒකත් හැදෙන්නෙ අතු අගිස්සෙ. "අතු කඩා මොර කනවා වගේ" කියලා කතාවක් තියෙනවනෙ. මම ජීවිතේටම දැකපු එකම මොර ගහ තියෙන්නෙ අපේ මිදුලෙ. මේ තියෙන්නෙ ඒකෙන් වැටුනු ඉත්තක් පහලින් තියෙන්නෙ ඒ ගහේ පින්තූරයක්. වැඩි පිරිසක් මොර ගැන අහල තිබුනට දැකල නැතිව ඇතිනෙ. ඒ අයට බලාගන්නත් එක්ක තමයි මේක බ්ලොග් එකේ දාන්න හිතුවෙ.





Related Articles by Categories


8 ප්‍රතිචාර:

  • නිලන්‍ත said...
     

    බොහොම හොඳයි. මමත් ඔය දැක්කමයි. මොර සූරන වැස්ස කියන්නෙ මේ ගෙඩි හීරෙන වැස්සද?

  • wayaba withthi said...
     

    දැන් ඉන්න අයනම් මොර දැකලම නැතිව ඇති මේ ගැන ලියපු එක හොදයි සියඹලාආණ්ඩුව පැත්තේ ලමයි නම් මොර ගැන හොදට දන්නව

  • දුකා said...
     

    මොර සූරන වැස්ස කියන්නෙ නම් මොර ගෙඩි තරම් ලොකු වැහි බිඳු වැටෙන වැස්සට මම හිතන්නේ . . . !

    මොර මමත් කාලා තියෙනවා . . . හරිම රසයි . . .

  • Anu said...
     

    හරි රහ පාටයි.. මම නං කාලම නෑ.

  • නිලන්ත පියසිරි said...
     

    මොර හරි ම රස පළතුරක්. අපේ ගේ එහා පැත්තෙ ත් ගහක් තිබුනා. මොර ජාති දෙකක් තිබෙනවා. එකක් ඇට මොර, අනිත් එක පැණි මොර. ඇට මොර වල මදය මදක් අඩුයි. නමුත් පැණි මොර නම් මාර රසයි. ඉස්සර කාලේ නම් පාරේ මොර කරත්ත වල දාගෙන විකුණුවා. නමුත් දැන් නම් ඉතින් අළුත් පන්නයේ පළතුරු නොවැ විකුණන්නේ. මට මතකයි, කරත්ත වල දමාගෙන තල්ලු කරගෙන යන ගමන් කෑ ගසමින් වෙළදුන් මොර සහ දං විකුණූ හැටි. "දං දෙනවා දං දෙනවා, මොර දෙනවා, දං දෙනවා". ඉතින් මිනිස්සුත් බලනවා මොනවද මේ දන් දෙන්නේ කියලා. හරිම අපූරූ මතකයක්.

  • malee_msg said...
     

    මම මොර අහලා තියෙන්නේ සුදුවැද්දා සුදු ගෝනා පොත් දෙකේ. රතී මොර ගස් වලට නැගලා මොර කැඩුවා කියන තැන් වල. අද තමයි දැක්කේ. බොහොම ස්තූතියි.

  • NUWAN said...
     

    mea paththea nam thiyenawaa...samawenna sihala na.

  • ඉන්දික said...
     

    Hello mcn...onna mamath awa me paththe..honda blog ekak...mage blog eka paththe enna..

    http://ekewattuwa.blogspot.com/

    comment ekak dala yanna

Grab this Widget ~ Blogger Accessories