Wednesday, August 19, 2009

Direct Marketing

පහුගිය සති ඉරිදා අපේ නිවසට ආවා අවුරුදු 20 - 25 විතර කොලු ගැටයෙක්. මාව දැක්ක ගමන් "සර් මම ගාල්ලෙ අහවල් ආයතනයෙ පාඨමාලාවක් හදාරනව, මේ තියෙන භාණ්ඩ වලින් මිලදී ගන්න හැම භාණ්ඩයකටම එක ලකුණ බැගින් ඒකෙ අවසාන පරීක්ෂණයෙදි ලැබෙනව, ඒක නිසා සහයෝගයක් හැටියට මොනව හරි අරගන්න" කියල මනුස්සයා සුපුරුදු හෑල්ල කියවන්න ගත්ත. මම සාමාන්‍යයෙන් ඔය වගේ බොරු කාරයින්ගෙන් කිසිම දෙයක් අරගන්නෙ නැති නිසා මේ ලමයටත් තේරුම් කරල දීල හරවල යැව්වා. ඇයි හත්වලාමෙ පරීක්ෂණයකට ලකුණු ගන්න බඩු විකුණනවා නම් ගාල්ලෙ ඉඳල මෙච්චර දුරක් එන්න ඕනද? ඔය ගමේ හිතවත් කීප දෙනෙකුට කිව්වනම් එක එක ගනියිනෙ.
මට ඒ වෙලාවෙ හිතුන ඇයි මිනිස්සු තමන්ට සහජයෙන්ම ලැබිල තියෙන යම් යම් හැකියාවන් හඳුන ගෙන ඒ ඔස්සේ තම ජීවිතය ගොඩ නගා නොගෙන මේ වගේ බොරු කියල සල්ලි හොයන්න යන්නෙ කියලා. මේ ක්‍රමය හදුන්වන්න යොදා ගන්න Direct Marketing කියන වචනයත් මේකට සුදුසු නෑ මට හිතෙන විදියට. Direct Marketing ක්‍රමේදි මේ වගේ බොරු කතන්දර කියන්නෙ නෑ. මේක නිකන් අර අසනීප වලට බෙහෙත් ගන්න කියල බස්වල සල්ලි එකතු කරනව වගේ වැඩක් මම දකින විදියට.
මිනිස්සු මේ වගේ දේවල් වලට පෙලඹෙන්න යම් තාක් දුරකට අපේ රටේ අධ්‍යාපන ක්‍රමයත් වගකියන්න වෙනව. මොකද දැනටත් අපේ රටේ රැකියා වෙලඳ පල ඉලක්ක කර ශිෂ්‍යයන්ගෙ හැකියාවන් හඳුනාගෙන ශිෂ්‍යයයන් ඒ වෙත යොමු කිරීමේ නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවන නිසා. ගොඩගහ ගත්ත සහතික ප්‍රමාණයට ගැලපෙන රැකියාවක් හොයන අපේ මිනිස්සු තමන්ගෙ හැකියාවනට ගැලපෙන රැකියාවක් හොයන්න පෙලඹෙන දවසට මේ ප්‍රශ්න වලට විසඳුමක් ලැබෙයි කියල මට හිතෙනවා.



Related Articles by Categories


6 ප්‍රතිචාර:

  • wayaba withthi said...
     

    සත පහක්වත් අතේ නැහ තිබිබානම් රු 10 ම කටට දැනව මල්ලිගෙ

  • ඉන්දික said...
     

    matath oya ath dakeema thiyanawa.ape gedaratath awa dawasak!

  • Deeps said...
     

    බඩු විකුණන අය විතරක් නෙවේ හාඅමුදුරුවරුත් එනවා දැන් ගෙවල්වලට ආධාර ඉල්ලගෙන...එත් හැබැයි ඔය කතා පිටිපස්සෙ දුක හිතෙන සිද්දි තියෙන්න පුලුවන් මේ වගේ

  • Deeps said...
     

    බඩු විකුණන අය විතරක් නෙවේ හාඅමුදුරුවරුත් එනවා දැන් ගෙවල්වලට ආධාර ඉල්ලගෙන...එත් හැබැයි ඔය කතා පිටිපස්සෙ දුක හිතෙන සිද්දි තියෙන්න පුලුවන් මේ වගේ

  • malee_msg said...
     

    අපේ පැත්තෙත් එනවා.. පිරිමි ළමයි විතරක් නම් මොකෝ ගෑණු ළමයිනුත් එනවානේ තනියම.. පව් අප්පා. එක දවසක් එහෙම ආව ගෑණු ළමයෙක් එකක් කථා කරාම දැනගන්න ලැබුනේ එයා අනුරාධපුර පැත්තේ කෙනෙ‍ක් කියලයි.. ඉගනගන්න කියලා ඈත ඇවිත් මේ ළමයි කරන දේවල් කියලා අම්මා දුක් වුනා.

  • කුමාර said...
     

    එක සෙනසුරාදාවක අපේ ගෙදරටත් ආවා සාරියක් ඇදපු ගෑණු ළමයෙක්. කිව්වේ ඔය කතාවමයි. හෙට විභාගෙ කියලා, ලකුණු එකතු කරනවා. පහුවෙනිදා මේ ළමයා ඊට කි.මි. 4-5ක් දුරදි මට දකින්න හම්බ උනා. ඒ සාරියමයි, ඒ බඩු මල්ලමයි. ඊටත් සුමාන දෙකකට විතර පස්සෙ තවත් කි.මි.10ක් විතර දුරකදි මම මෙයව දැක්ක, ඒ විදියටම. අවස්ථා දෙකේම මම බස් එකේ. සමහරවිට එයා තාමත් ළකුණු එකතු කරනව ඇති.

Grab this Widget ~ Blogger Accessories