Thursday, September 17, 2009

ඔබත් මනෝ කායික අද්දැකීම් ලබා තියෙනවාද?


ආත්මය එහෙමත් නැත්නම් අපේ භෞතික ශරීරයේ අදෘශ්‍යමාන පිටපතක් ලෙස මනෝකාය හැඳින්විය හැකියි (මෙය වැරදි නම් නිවැරදි කරන්න). ඕනෑම මනුශ්‍යයකු ජීවිතයේදී එක් වරක් වත් මෙම මනෝකායික අද්දැකීම් නොදැනුවත්ව හෝ ලැබිය යුතුය. මේ පිළිබඳව විශ්ලේෂණය කල විද්වතුන් පවසන අන්දමට මෙම මනෝකාය (Astral Body) අපගේ භෞතික ශරීරය හා සම්බන්ධ වී ඇත්තේ රිදීවන් තන්තුවකින් බව පැවසේ. කෙනෙකු මරණයට පත්වන අවස්ථාවේදී මෙම රැහැන බිඳී භෞතික ශරීරයත් මනෝකායත් වෙන්වන බවද පැවසේ. මරණයෙන් පසුත් දින කීපයක් යනතුරු එම පුද්ගලයා ජීවමානව සිටි කාලයේ තිබූ ශක්තිය මෙම මනෝකාය සතුව පවතින බවටද අදහසක් පවතී.
කෙනෙකු ඉතාමත් තද නින්දකට වැටුනු පසු / අධික ලෙස මත් ද්‍රව්‍ය භාවිතා කල අවස්ථා වල ඔවුන්ගේ මනෝකාය ශරීරයෙන් වෙන්වී (ශරිරය සමග වන සම්බන්ධතාවය පවත්වා ගනිමින්) සැරි සැරීමට පටන් ගනියි. එසේම දරුණු මාරක අනතුරු වලින් දිවි ගලවා ගත්තවුන් පසුකලෙක තම මරණාසන්න අද්දැකීම් ලෙස කරන ලද විස්තර කිරීම් වලදී , තමන්ගේ ශරීරය දෙස අහසේ හො‍් ඒ අසලක හිඳ බලා සිටිබව පවසා ඇත. මෙයද මනෝකායික අද්දැකීමකි. කෙදිනක හෝ ඔබ තද නින්දක සිටියදී ඉතාමත් උසක සිට ඔබව ඇද වැටෙනු දැනී තද ගැස්සීමක් ඇඟට දැනෙන අවස්ථාවක ඇහැරී තිබේද? එසේ දැනෙනුයේ ශරීරයෙන් වෙන්වූ මනෝකාය නැවතත් ශරීරය හා සම්බන්ධ වීමේදී බව පැවසේText Color.
භාවනා කිරීම වැනි දේ කිරීමෙන් මනස දියුණු කල විට මෙම මනෝකාය අපට අවශ්‍ය විටෙක ශරීයෙන් පිටතට ගත හැකි අතර එමගින් යම් යම් ක්‍රියාකාරකම් වලද යෙදීමට හැකි බවද මා අසා ඇත.
මා හටද මෙවන් අදදැකීම් මාගේ කුඩාකාලයේදී ලැබී ඇත. මා හට තදින් උණ ගත් බොහෝ අවස්ථාවල මා අහසේ පාවී ගොස් මා බොහෝ සේ ඇළුම් කල ස්ථාන වල සැරිසරනු දැනී ඇත. ඒ අවස්ථා වලදී මාගේ භෞතික ශරීරය ඇඳ මත තිබෙනුද දැක ඇත්තෙමි. එකල මෙම අද්දැකීම මට තේරුම් ගැනීමට නොහැකි වුවත් පසු කාලීනව මේ පිලිබඳ තොරතුරු සෙවීමේදී මෙය මනෝකායික සංචාරයක් බව පසක් විය.
මේ පිලිබඳ වැඩිදුර විස්තර මෙතනින් ගන්න පුලුවන්.



Related Articles by Categories


6 ප්‍රතිචාර:

  • malee_msg said...
     

    අර නිදාගෙන ඉන්නකොට ගැස්සිලා හරියට වැටෙන්න යනවා වගේ දැනිලා ඇහැරෙන එක නම් මට හරියට සිද්ධ වෙනවා.. ඒක මට කවදාවත් තේරුම් ගන්න බැරිව හිටියේ.

  • දුකා said...
     

    නිදාගෙන ඉන්නකොට ගැස්සිලා වැටෙන්න යනවා වගේ දැනෙන හැඟීම මට නම් සෑහෙන කාලයක් යනකම් දැනුනා . . . සුමනදාස සමරසේකර මහතාගේ මිනිස් සිතේ හාස්කම් පොත් පෙල . . . ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ ලියපු (මට මතක හැටියට ) අපට නොපෙනෙන ලොව . . . සිළුමින පුවත්පතේ ගිය ලිපි පෙල . . . භද්‍රජී මහින්ද ජයතිලකගේ ජෝතිමය චාරිකා පොත වගේ දෙවල් බැලුවාට පස්සේ ඒ දේ ගැන ගොඩාක් දේවල් තේරුම් ගන්න පුලුවන් වුනා. . .

  • උෂාන් කෝදාගොඩ විතාරණ said...
     

    මටත් මෙහෙම දේවල් වෙලා තියනව.......
    මම හිතන් හිටියෙ මට විතරක් වෙන දෙයක් කියල

  • Phones said...
     

    මටත් නිදාගෙන ඉදිද්දී ගස්සිලා අහරිලා තියනවා තව හිටිගමන් අදෙ ඇලවිලා වගෙ හිටිනවා


    -----------------------------------
    udith
    www.sriweb.info

  • හෘද සාක්ෂිය said...
     

    "කෙදිනක හෝ ඔබ තද නින්දක සිටියදී ඉතාමත් උසක සිට ඔබව ඇද වැටෙනු දැනී තද ගැස්සීමක් ඇඟට දැනෙන අවස්ථාවක ඇහැරී තිබේද?"

    මේ සිද්ධිය මට හුගක් වෙලාවට වෙන දෙයක්....
    ඒ වගේම තව දෙයක් තියනවා මට යම් සිදු වීමම් උනාට පස්සෙ ඒක මීට පෙර මා විසින් අත් දැකල තියනවා වගේ දැනෙනෙවා. මම අපේ අම්මට එහෙම කිවාත් මනස්ගාත ඕක කාටත් වෙනවා කියල කීව ඒත් කීප වරක් ම උන දේවල් නිසා මට විහිලු කල යාලුවනුත් පිලිගත්තා මගේ කතාව ඇත්තක් බව.
    1. මම කවදාවත් නොගිහින් තුබුන යාලුවෙකු ගේ ගෙදර ගියා යනකොට හුගක් රෑ උනා නමුත් යන පාරෙ තිබුන පනසලක් දැකල මට මතක් උනා මම මෙතෙන්ට ඇවිල්ල තියනවා වගේ හැඟීමක්. මම යාලුවට ඒ යන පාර , පන්සල සහ විස්තර කීවම පුඩුම උනා.
    2. අර කලින් කියපු යාඋවත් එක්කම මම තව වෙන යාලුවෙකුගෙ ගෙදරක ගිහින් හිටි වෙලාවක (අපි හැම නිවාඩුවකම යාලුවෙකුගෙ ගෙදරක යනවා) මට දැනුනා මගෙ අත තුවාල වෙනව වගේ මම උන්ට ඒක කිවා පස්සෙ අපි සෙල්ලමට අනිත් යාල්ලුව ඇඳුම මාරු කරනකොට towel එක අදින්න ගිහින් මම අර කියපු විගිහටම මගෙ අත ඇඳේ වදින්න ගියා නමුත් අර අංක 1 දී කියපු යාලුවා මාව අහකට තල්ලු කල නිසා මොකුත් උනේ නෑ.
    පස්සෙයි උන් මගෙ කතාව විශ්වාස කලේ (anonymous නැති නිසා නම නැත)

  • Travel Ceylon said...
     

    @හැමෝටම
    ඒක තමයි මම කිව්වෙ මේ වගේ අද්දැකීමක් ජීවිත කාලෙදි එක්වරක්වත් ලැබෙනව කියල.

    @දුකා
    මාත් අහල තියෙනව ඔය පොත් ගැන හොයාගෙන කියවන්න ඕන.

    @Sanxy
    මට ඔයිට වඩා හොඳ අද්දැකීමක් තියෙනව.අපි හිතමුකො ජීවිතේට නොගිය පලාතක කොහේ හරි හෙට මට යන්න තියෙනව කියල. කලින් දවසෙ රෑට නින්දෙදි මට හීනෙන් ඒ පාර මග සලකුණු සේරම එක්ක පේනව.මේකට නම් හේතුව දන්නෙ නෑ.

Grab this Widget ~ Blogger Accessories