Friday, November 6, 2009

අවුරුද්දක් ගෙවුනු ඉක්මන...

2008/11/06 වෙනිදා තමයි මගේ පලමු බ්ලොග් සටහන ලියවුනෙ. ඒත් ඒ වෙනකොටත් මට අදහසක් තිබුනෙ නෑ මෙච්චර දුරට මම මගේ බ්ලොග් එක පවත්වාගෙන යයි කියලා. නමුත් අවකාශේ සහෝදර සහෝදරයින්ගෙන් ලැබුණු ප්‍රතිචාර තමයි මේක මේ තරම් කාලයක් පවත්වා ගැනීමේ රහස. පාසැල් කාලෙදිවත් කවියක් නිසඳැසක් ලියවුනු නැති මගේ අතින් කවි නිසඳැස් වගේ ඒවා ලියවෙන්න ගත්තෙත් බ්ලොග් එක නිසාමයි. ඒත් මම මගේ ඇත්තම නමින් ලියන නිසා මගේ හිතේ තියෙන හැම දෙයක්ම මෙහි සටහන් කරන්න බැරිවීම ගැන නම් පොඩි පසුතැවීමකුත් නැතුවම නෙවෙයි. අවුරුදු දහයකට පහලවකට කලින් සාමාන්‍ය පෙලට සිංහල රචනාවක් ලිව්වට පස්සෙ මගෙ අතින් මුලින්ම සටහනක් ලියවුනෙ තැන තමයි මේ බ්ලොග් එක. දන්නෙම නැතුව කොහොම කොහොම හරි අවුරුද්දක්ම ලියලා. ඉස්සරහටත් මේක අතාරින්න නම් අදහසක් නෑ. ඒත් ලිවීම සෑහෙන දුරට සීමා වෙයි කියල හිතෙනවා. මොනවා උනත් අවුරුද්දක් පුරාවට මගේ බ්ලොග් එක බලපු කියවපු හැම දෙනාටම බොහොමත්ම ස්තූතියි.



Related Articles by Categories


7 ප්‍රතිචාර:

  • ආගන්තුකයා | Stranger said...
     

    එහෙනම් අවුරුද්දක් වුනා ඈ... තව අවුරුදු බර ගාණක් ලියන්න වාසනාව ලැබේවා කියලා බාරගත්තත් නැතත් සුබ පැතුමක් ඇඟේ ගහනවා... ජයවේවා...

  • Travel Ceylon said...
     

    @ආගන්තුකයා
    සුභ පැතුමට නම් ස්තූතියි. පුලුවන් විදියට ලියමු නේද?

  • malee_msg said...
     

    මෙන්න මගෙනුත් උණු උණු සුභ පැතුම්!!! ඒමොකෝ සීමා වෙන්නේ.. එහෙම බෑ.. පරණ සිංදු එහෙම මතක් කර කර ලියන්න..!

  • Dasun Wanaguru said...
     

    බොහොම ආසාවෙන් ආපු ගියපු තැනක් මෙතන.....
    සුභ පැතුම්.......

  • said...
     

    මගෙනුත් සුභ පැතුම්!!!!
    චියර්ස්ස්ස්ස්....!!!!

    මම නම් ඇත්ත නම කිසිම වෙලාවක භාවිතා නොකරන්නේ හිතට එන ඕනම දෙයක් ලියන්න ඕනේ නිසාමයි.

  • දුකා said...
     

    දිගටම ලියන්න . . .

    සීමා වෙන්න වුනත් කමක් නෑ අතහරින්න එපා . . .අපි එනවා නිතරම මේ පැත්තේ . . .කොහොමත් පෝස්ට් එකක් දාපු ගමන් සින්ඩියෙන් බලා ගන්න පුලුවන්නේ . . .

    ජය වේවා . . . දිගු බ්ලොග් ගමනකට සුභ පැතුම් . . . ! ! !

  • Charana said...
     

    තවත් මේ වගේම ලියන්න මගෙන් සුබ පැතුම්...!

Grab this Widget ~ Blogger Accessories