Friday, November 20, 2009

කසළ ප්‍රතිචක්‍රීකරණය මගින් පරිසරය සුරැකීමට බිඳක් හෝ දායක වෙමු

අපගේ නිවාස සහ කාර්යාල පිරිසිදුව තබා ගැනීම පිණිස අප විසින් බැහැර කරනු ලබන අපද්‍රව්‍ය සමග ඇති පොලිතීන් , ප්ලාස්ටික් වැනි දිරාපත් නොවන හෝ දිරාපත් වීම පිණිස අවුරුදු ගණනාවක‍් ගතවන ද්‍රව්‍ය මගින් පරිසරයට සිදුවන හානිය ගැන ඔබ මොහොතක්වත් සිතනවද. මා මේ පැවසීමට තනන්නේ එහි ආදීනව ගැන නම් නෙවෙයි. කසල පුතිචක්‍රීකරණ ක්‍රියාවලියකට ඔබටත් සම්බන්ධ විය හැකි ආකාරයක් ගැනයි. දැනට මෙම ක්‍රියාවලිය අප සේවාස්ථානය තුලද ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන අතර පරිසරයට අප ආයතනය මගින් බැහැර කරන අපද්‍රව්‍ය ප්‍රමානය අවම කර ගැනීමට එමගින් අවස්ථාව ලැබී ඇත.

ඉතාම පහසුවෙන් අපි හැමෝටම මේ දේ කරන්න පුළුවන් කියා මට සිතෙන නිසා මෙසේ ඒ පිළිබඳව සටහනක් තැබීමට සිත්විය. කිරීමට ඇත්තේ ඉතාම සුළු දෙයකි.

1. වෙන වෙනම කසළ බඳුන් 3ක් ගන්න

2. එකක් පොලිතීන් සහ ප්ලාස්ටික් ආශ්‍රිත ද්‍රව්‍ය සඳහාද , තවත් බඳුනක් කඩදාසි වෙනුවෙන්ද , අනික ප්‍රතිචක්‍රීකරණය කල නොහැකි ද්‍රව්‍ය සඳහාද වෙන් කරන්න

3. මෙහිදී භාජන තුනක් වෙනුවට දෙකක් භාවිතයෙන්ද මෙය කල හැකිය. එවිට භාජන දෙක ප්‍රතිචක්‍රීකරණය කල හැකි හා නොහැකි වශයෙන් වෙන් කල යුතුය.

මීට අමතරව දිරා යන අපද්‍රව්‍ය මගින් කොම්පෝස්ට් පොහොර නිපදවා ගැනීම මගින් කසල සම්පතක් බවට හරවා ගැනීමටද හැකිවේ
ඔබගේ කාර්යාලය හෝ නිවස පිහිටා ඇත්තේ කොළඹ නගරසීමා බල ප්‍රදේශය තුල නම් පහත සඳහන් දුරකථන අංක ඇමතූ විට ඔබ එකතු කල කඩදාසි හා පොලිතීන් ඔවුන් ඔබගේ ආයතනයට හෝ නිවසටම පැමිණ රැගෙන යනු ඇත. අවශ්‍ය නම් සතියකට වරක් හෝ දෙවරක් ඔවුන් පැමිණෙනු ඇත.

Neptune Paper – hotline 0777 530 405 – Only Paper
CMC/Abans Recycling Unit – hotline 0718 320 492 (Janaka) – Paper, Cardboard, Plastic Bottles, Polythene, e-Waste.

මා දන්නා පරිදි බොහෝ නගර වල ‍ප්‍රතිචක්‍රීකරණය කල හැකි ද්‍රව්‍ය එකතු කිරීමේ මධ්‍යස්ථාන ස්ථාපනය කර ඇත. ඊට අමතරව ඇතැම් නගර වල බහත මා සඳහන් කල ආකාරයට ලේබල් කර වෙන් කරන ලද කසල බඳුන්ද තබා ඇත. ඔබ කොළඹින් බැහැර ප්‍රදේශයක නම් මෙවැනි සථානයකට කසල භාරදිය හැකිය. අප සැමගේත් පරිසරයේත් අනාගත පැවැත්ම වෙනුවෙන් ඔබේ වටිනා කාලයෙන් මොහොතක් වෙන් කරන්න.



Related Articles by Categories


4 ප්‍රතිචාර:

  • malee_msg said...
     

    අපේ පැත්තේ කසල එකතු කරන මධ්‍යස්තානේ නම් වැඩ නෑ.. ඒක හැමදාම වහලා.. හැබැයි මං ළගදි දැක්ක තැනින් තැන මේ වගේ වර්ග 3ට අයිති භාජන තියලා තියනවා.

  • Travel Ceylon said...
     

    @මලී
    ඕක තමයි වැඩේ අඬබෙර ගහල පටන් ගන්නව විතරයි වැඩ නෑ. අනික තමයි ෆවන් කරල භාජන තිබුනට වැඩක් නෑ මිනිස්සු ඒව පාවිච්චි කරන පිලිවෙල දන්නෙ නැත්නම්. මුලින්ම කරන්න ඕන දැනුවත් කරන එකයි.

  • දුකා said...
     

    niyama lipiyak machan . . . FB ekenuth podi push ekak dennam me lipiyata . ..

  • Travel Ceylon said...
     

    Thanks Dukoooooo

Grab this Widget ~ Blogger Accessories