Tuesday, December 29, 2009

2010 - අලුත් ගමනක ආරම්භයක්

හැම අවුරුද්දෙම අන්තිමට කරනව වගේ අදත් මගෙ කාර්යාලයෙ මගේ වැයික්කිය අස්පස් කරන්න පටන් ගත්තා. ඒත් පොඩි වෙනසක් තියෙනව කලින් අවුරුදු වලට වඩා. වෙනදට මම අස්පස් කරන මේසේ පුටුව කබඩ් ලිපිගොණු සේරම ජනවාරි පලවෙනිදට මාව පිලිගන්න බලන් ඉන්නවා. ඒත් ලබන ජනවාරි පලවෙනිදට ඒවා වෙනත් කෙනෙකුට භාර දෙන්න වෙනවා කියල තාමත් මගෙ හිත පිලිගන්නෙ නෑ. ආයතනයෙන් වෙන් නොවුනත් පුරුදු රස්සාව දාල යන්න වෙනව කියල හිතන කොටත් මහා දුක් මුසු හැඟීමක් හිතට එනවා. කලින් ලිපියකත් මම ඉඟි කරල තිබුන පිම්ම පනින්නයි මේ අස්පස් කරල සූදානම් වෙන්නෙ. පහු ගිය දවස් ටිකේ මගේ රාජකාරි භාරගන්න ආපු කෙනාව පුරුදු පුහුණු කරන එකටම කාලෙ ගතවුනා. හැම දේටම වඩා දුක හිතෙන්නෙ කවදාවත් රස්සාවකට පිට රට යන්නෙ නෑ කියල හිතාගෙන අතටම ආපු අවස්ථාත් බොහොමයක් අතෑරපු මම මේ සූදානම් වෙන්නෙ ලංකාව දාල යන්න කියල හිතන කොට තමයි. අලුත් තැනැත්තාව පුහුණු කරලාට පස්සෙ මගේ පුහුණු කාලය ආරම්භ වෙනවා. ඒ අපේ ආයතනයේම නුවර ශාඛාවට අනුබද්ධිතව. පුහුණුව අතර තුර අන්තර්ජාලයට පිවිසීම බොහෝම සීමා සහිත වෙයි. පුහුණුවෙන් පස්සෙ විදේශ රටක පිහිටි ආයතනයේම ශාඛා ජාලයසම්බන්ධව පත්වීම භාර ගන්න වෙනවා ලබන අවුරුද්දෙ මැද භාගය වෙන කොට. මෙතෙක් කල් මා රාජකාරී කල විෂය ක්ෂ්‍රේත්‍රයෙන් සම්පූර්ණයෙන්ම පරිභාහිර විෂය ක්ෂ්‍රේත්‍රයකට සම්බන්ධව මට උසස්වීමක් ලැබීම තමයි මේ සේරටම හේතුව. කොහොම උනත් මා ගැන ආයතනය තැබූ විශ්වාසය බිඳක්වත් පලුදු නොකර ලැබෙන රාජකාරිය අකුරටම ඉටු කිරීමට තමයි හිතාගෙන ඉන්නෙ.
ඉතින් අපි අලුත් අවුරුද්දක අලුත් විදියට ආයෙත් මුනගැහෙමු. එතෙක් ලබන්නා වූ 2010 අවුරුද්ද සියලු දෙනාටම සියලු සිතුම් පැතුම් ඉටු වන සුභම සුභ අලුත් අවුරුද්දක්ම වේවා...........



Related Articles by Categories


7 ප්‍රතිචාර:

  • Meth Visula said...
     

    ජය වෙවා!!

  • Gayan Tharaka said...
     

    සිතාගෙන ඉන්න ආකාරයටම විශ්වාසය බිඳක්වත් පලුදු නොකර ලැබෙන රාජකාරිය අකුරටම ඉටු කරගන්න පුලුවන් වන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!

  • නිලන්‍ත said...
     

    This comment has been removed by the author.

  • නිලන්‍ත said...
     

    2010 නව වසර ඔබටත් රටටත් සුභ නව වසරක් වේවා. ඒ වගේම ලැබෙන්නා වූ රැකියාවේ උසස්වීමටත් අපගේ හෘදයාංගම සංතෝෂය. විදේශි ගත වුනත් ලංකාවට සේවයක් කිරීමට ඔබට ශක්තිය ලැබේවායිද, මේ රට අමතක නොවේවායිද පතමි. ආයුබෝවේවා!!!

  • වැප් said...
     

    සුබපැතුම්

  • malee_msg said...
     

    ශා.. නියමයි අයියේ මෙන්න මගෙන් උණුසුම් සුභ පැතුම්... රට ගිහිං එනකොට අපිට චොකෝ ගේන්න හොදේ.. එතකං ලංකාවේ පුහුණුව හොදට කරගන්න...! මට හරිම සතුටුයි...!!!

  • Travel Ceylon said...
     

    හැමෝගෙම සුභපැතුම් වලට බොහොමත්ත ස්තූතියි...

Grab this Widget ~ Blogger Accessories