Monday, December 7, 2009

ඇත්තටම ලිනකස් වල වෛරස් නැත්ද?

මට මේක ලියන්න හිතුනෙ e-Asia 2009 බලන්න ගිය වෙලාවෙ දැකපු (අහපු) දෙයක් නිසා. e-Asia 2009 ගැන නම් ලියන්න දෙයක් නෑ. ගියපු අය දන්නව ඇතිනෙ. මේකයි කතාව. ප්‍රදර්ශනේ බලාගෙන බලාගෙන ගිහින් මමත් මගේ මිතුරාත් ලිනක්ස් වලට සම්බන්ධ කුටියක් අසල නැවතුනේ අළුත් යමක් තියෙයි කියල හිතාගෙනයි. ඇත්තටම අළුත් දෙයක් තිබුනා. තෙල් බේත් කාරයෙක් ලිනක්ස් විකුණනවා. සමහරු පැන පැන CD ගන්නවා. internet එකෙන් නිකම් ගෙදරට එවන එක මුන් විකුණනවා කියලත් සමහරු කතා වෙනව ඇහුනා. ඒත් ඒ විකුණපු එකට මම මොකුත් කියන්නෙ නැහැ. මොකද ඔවුන් ලිනක්ස් CD එක විකුණුවෙ Training CD එකක් එක්ක. ඒත් විකුණපු ක්‍රමේ තමයි වැරදි.

එතනදි මට තේරුන දෙයක් තමයි මේ CD මිලදී ගත්තෙ බොහෝ දෙනාට ලිනක්ස් ගැන නිසි අවබෝධයක් තිබුනෙ නෑ කියන එක.

එක් නරඹන්නෙක් ලිනක්ස් වල තියෙන විශේෂත්වය මොකද්ද කියලා ඇහුවම මේ තෙල් බේත් කාරයා කියපු කතාව ඔහුගේ වචන වලින්ම මෙහෙමයි...

"මේකට වෛරස් එන්නෙ නෑනෙ... වෛරස් එන්නෙ නෑ..."

"ඔයාලගෙ පෙන් ඩ්‍රයිවර්ස් බය නැතුව ගහන්න පුලුවන්.. මොකුත් වෙන්නෙ නෑ....."

ලිනක්ස් වලයි වින්ඩෝස් වලයි තියෙන ප්‍රධානම වෙනස්කම මේකද? ඇත්තටම ලිනක්ස් වලට වෛරස් එන්නෙ නැද්ද. නැත්නම් වෛරස් ආවට ලිනක්ස් ඉලක්ක කරගෙන වෛරස් ලියවෙනවා අඩුද?

අපි ඇත්ත කතා කලොත් තාමත් ලංකාවෙ පරිගනක පරිශිලකයන් වැඩි දෙනෙක් භාවිතා කරන්නෙ වින්ඩෝස් හොර කොපි.ඉතින් ඔය වෛරස් නෑ කියන ලිනක්ස් තියෙන පරිගනකයක ඉඳල File එකක් වින්ඩෝස් තියෙන පරිගනකයකට දාල බලන්න තියෙන වෛරස් පුමාණය.

මට මේ කතාව ඇහුන වෙලේ මතක් උනේ මේ සිංහල බ්ලොග් අවකාශේ ඉන්න අපේ සහෝදරයො සමහර වෙලාවට අතිනුත් වියදම් කරගෙන FOSS ප්‍රචලිත කරන්න දරන වෑයම. ඒ වගේම තමයි ඔවුන් කිසිම වෙලාවක මේ ලිනක්ස් වලට වෛරස් එන්නෙ නැති කතාව උලුප්පලා කියන්නෙ නෑ. වෙන්න ඕනෙත් ඒකයි නවකයින්ව නොමග නොයවා හරි දේ කියා දී හරි මග යැවීමයි.

මේකෙන් කාගෙ හරි හිත රිදුන නම් සමා වෙන්න ඕන.



Related Articles by Categories


12 ප්‍රතිචාර:

  • Rasika Nanayakkara said...
     

    ලිනක්ස් සහ වයිරස්. මමත් මේ ගැන දන්නේ ටිකයි. ඒ ටික කියන්නම්.
    ලිනක්ස් වලට වයිරස් එන්නේ නෑ. මේක ගොඩක් දෙනා අහන කියන කතාවක්. ඒක ඇත්ත.

    ලිනක්ස් වලට වයිරස් නොඑන්න ලොකුම හේතුව විදියට ලිනක්ස් දුවන කර්නලය(kernel) දක්වන්න පුලුවන්.

    ඒ වගේම ලිනක්ස් වලදී ඇඩ්මින්(රූට්) විදියට හැම තිස්සේම නොසිටීමත් (උබුන්ටු වල මේක ඩිසේබල් කරලමයි එන්නේ) 1ක්. Normal User කෙනෙක් විදියට ඉන්නකොට ඔහුට සිස්ටම් 1 "බයිනරි" වලට කරන්න පුලුවන් බලපෑම බොහොම අඩුයි. මේ බයිනරි ෆයිල් වල යම්කිසි වෙනසක් තියෙනවද කියලා බලෙන් වගේ ඒ ෆයිල් වලට ඇතුල් වෙලා බලන විදිත් ලිනක්ස් වල තියෙනවා. අපි සිස්ටම් 1 අප්ඩේට් කරන වෙලාවට තමා ඒක වෙන්නේ. ගොඩක් ලිනක්ස් සිස්ටම් වල මේක අන්තර්ගතයි. වෙනසක් තිබුනොත් ඒ අප්ඩේට් කරන වෙලාවට ඒක හදනවා. එතකොට ආයෙත් වෙනසක් නෑ.

    ඒ වගේම file permission ආරක්ෂාව වැඩිවීමත් හේතු විදියට දක්වන්න පුලුවන්.

    මේ කරුණු වගේම තව ගොඩක් කරුණු තියෙන්න පුලුවන්. මාත් කැමතියි ඒවා දැනගන්න.

    ලිනක්ස් කියන්නේ "For People, From People, To People" දෙයක්. ඕනෙම කෙනෙක්ට එකතු වෙන්න පුලුවන්. සමහරු ඒකෙන් ලාබ ප්රයෝජන ගන්නවා. තවත් සමහරු තමන්ගේ අත්තේ තියෙන කීය හරිත් ලිනක්ස් වල යහපත සදහා යොදවනවා. අපේ රටේ ඔය දෙකම වෙනවා. මුලින් කියපු දේ තමා වැඩිපුරම වෙන්නේ.

    ලිනක්ස්ට ජයවේවා...

  • budhajeewa said...
     

    ලිනක්ස් වලට අහිතකර මෘදුකාංග (වෛරස්ම පමණක් නෙවෙයි) නැහැමයි කියල කියන්න බැහැ.

    http://en.wikipedia.org/wiki/Linux_malware බලන්න, එතනින් දැනගන්න පුළුවන් Linux සඳහා බලපාපු විෂමාංග ගැන තොරතුරු.

    නමුත් රනා කියපු විදියටම root ප්‍රවේශනය ලබාගන්නට ඒ විෂමාංග වලට අපහසු නිසා සිදු කරන්න පුළුවන් දෝෂය අවම ඇති ("ඇති" කියලා කීවේ මට අත්දැකීම් නැති නිසා.).

    අනිත් එක මූල කේතය විවෘත වීම නිසා එක් විනාශකාරියෙක් යම් ආරක්‍ෂාවේ හිඩැසක් (vulnerability එකක්) දකින්නට පෙර Linux සමාජය විසින් එම හිඩැස දකින්නට තිබෙන ප්‍රතිශතය වැඩි වීම නිසා විෂමාංගයක් නිපදවීමටත් පෙර අදාළ හිඩැස වැසීගොස් තිබෙනු ඇති.

    මේවගේ කාරණා විෂමාංග ලේඛකයන්ව අධෛර්යයට පත් කරන්නට හේතු වෙනවා ඇති.

    අනිත් එක, මම කොහේදිද කියෙවුවා වගේ Linux භාවිතා වන පෞද්ගලික පරිගණක ප්‍රතිශතය අඩු වීමත් විෂමාංග ලේඛකයන් අධෛර්ය කරන්න බලපානවා ඇති.

    ඒනිසා අපිට මෙහෙම කියන්න පුළුවන්.

    තාර්කිකව: Linux නොව ඕනෑම පද්ධතියක් සඳහා විෂමාංග ලිවීමේ හැකියාව ඇත.

    ප්‍රායෝගිකව: ඉහත සඳහන් කළ සාධක නිසා Linux සඳහා වන විෂමාංග නිපදවීම ශුන්‍යය යැයි ගැනීමේ වරදක් නැත.

    හැබැයි Linux ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති කෙනෙකුට මේ "වයිරස් නැ" වගේ අර්ධ සත්‍යයන් කියලා Linux වලට ඇදල ගන්නවාට වඩා හොඳයි තමන්ම අවබෝධයෙන් තමන්ට ගැළපෙන මෙහෙයුම් පද්ධතිය තෝරාගන්න අවැසි දැනුම දෙන එක.

    ඔයාට වගේම මටත් දැන් මතුවුනු ගැටළුවක් තමයි මිනිස් වර්ගයා වෙනුවෙන් ක්‍රියාත්මක වෙන Linux වගේ ව්‍යාපෘතියක් proprietory මෘදුකාංග වලින් වෙන් කරලා දක්වන්න තියෙන එකම දේ මේ වෛරස් කතාව විතරද කියලා.

  • Gayan Tharaka said...
     

    This comment has been removed by the author.

  • ශාකුන්තල | Shaakunthala said...
     

    "ඉතින් ඔය වෛරස් නෑ කියන ලිනක්ස් තියෙන පරිගනකයක ඉඳල File එකක් වින්ඩෝස් තියෙන පරිගනකයකට දාල බලන්න තියෙන වෛරස් පුමාණය."

    මේකෙ දෙපැත්තක්.

    ඔයා ඔය කියන දේ අත්හදා බැලුවෙ Ubuntu වල නම් මම ඔය කියන කාරණාවත් එක්ක යම් තාක් දුරකට එකඟයි. මේව වයිරස් නෙමෙයි හැසිරීම ඒ වගෙයි. අන්තර්ජාලය හරහා අපටත් නොදැනි අපේ පරිගණකයට රිංගන worms. හැබැයි ඒවයින් ලිනක්ස් වලට කිසි හානියක් නෑ. ඒ වගේම මේ worms එන එක පහසුවෙන් වළක්වන්න පුළුවන්.
    Ubuntu වල firewall එක (ufw) පෙරනිමියෙන් අක්‍රිය වෙලයි එන්නේ. ඒක සක්‍රිය කරගත්තොත් ඔය කියන දේවල් වලින් හානියක් නැහැ.

    sudo ufw enable

    ඒ වගේම Fedora වලත් තත්වය මේකමද බලන්න. Ubuntu වලට සාපේක්ෂව Fedora කියන්නේ නම් අධිආරක්ෂිත කලාපයක්. සරල rwx ක්‍රමයෙ file permissions පමණක් නොවෙයි SELinux වලින් පාලනය කෙරෙන වෙනම policy system එකක් Fedora වල ක්‍රියාත්මක වෙනවා.


    --

    "මේකෙන් කාගෙ හරි හිත රිදුන නම් සමා වෙන්න ඕන."

    එහෙම එකක් නෑ. :-)

  • Wardaraja Ramraj said...
     

    ශාකුන්තල මල්ලි උත්තරය නියමයි. අපි දන්නවා උඹ කොහොමත් ලිනක්ස් වලට කැමති බව.

  • Travel Ceylon said...
     

    සමස්ථයක් විදියට ගත්තාම මට කියන්න ඕන වෙලා තිබුන දේ තමයි ඉහත සියලුම ප්‍රතිචාර වලිනුත් කියවෙන්නෙ. මගේ ලිවීමේ හැකියාව ටිකක් දුර්වල නිසා සමහර වෙලාවට මේක ලිනක්ස් එක්ක වෛරයකින් ලියපු එකක් වගේ සමහරුන්ට පෙනෙයි. ඒත් මට කියන්න ඕන වෙලා තිබුන දේ හරියටම අපේ බුධාජීව මලය කියලා තියෙනවා.
    තව එකක් මේකෙ තෙල් බේත් කාරයා කියන නම පාවිච්චි කලේ, ඒ පුද්ගලයාව මට ඒ වෙලාවෙ පෙනුනෙ අර මිනිස්සු රාශියක් වට කරගෙන ඇත්තත් සමග බොරුත් කියලා බේත් තෙල් විකුණන පුද්ගලයෙක් වගේ නිසයි.

  • Danishka said...
     

    හිතවත් තාරක,

    ඔබත් ලිනක්ස් ප්‍රචලිතවීම දකින්න ආස කෙනෙක් නම් මේක සුභවාදිව දකිමු. :)

    මුලින්ම කියන්නම්, අදාල ආයතනය සමඟ හෝ එහි සේවකයන් සමඟ මගේ කිසිදු බැදීමක් නැ. :)

    * එතන වෙන කව්රුවත් ලිනක්ස් ගැන කතා නොකරද්දි එහෙම හරි ලිනක්ස් තිබ්බ එක ගැන අපි සතුටුවෙමු.

    * ඔවුන් ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය විකිණීම තහනම් නැනේද? තමන්ට සාදාරණ මිලකට දෙන්න පුලුවන්.

    * සාමාන්‍යන් පිරිසක් අතරේ වැඩිම අවදානයක් එල්ලවෙන කාරනය පරිගණක වෛරස නිසා ඔවුන් එය ඉස්මතු කළා විය හැක.

    -------------------------------
    මාදන්නා තරමින් කර්නල් එකට බලපැම් එල්ල කළ හැකි අන්දමේ වෛරස 7කි.

    කෙසේ නමුත් ඔවුන්ගේ අරමුණු කුමක්දැයි මා නොදන්නා අතර එවා විකුණු මිලද නොදනිමි.

    ලිනක්ස් ගැන කියද්දි මා පුද්ගලිකව ලිනක්ස් සඳහා වෛරස බලපෑම අවම මට්ටමක ඇති බව සදහන් කරන අතර එය මෑතකදි හන්තාන ව්‍යපෘතිය වෙනුවෙන් සිරස සඳහා ලබාදුන් වැඩ සටහනේද විශේෂිතව පවසන ලදි.

  • Travel Ceylon said...
     

    ඩනිෂ්ක
    ඇත්තටම ලිනක්ස් ව්‍යාප්තිය වැඩි වෙනවට මම බොහොමත්ම කැමතියි. ඒ වගේම ඔබේ ප්‍රතිචාරය සමගත් 100% ක්ම එකඟයි. ඒත් එතෙන්දි පරිශීලකයින්ව නොමග යවා තමන්ගෙ CD ටික විකුණා ගැනීමේ උත්සාහයක් මට දැනුනු නිසයි මේක ලියන්න හිතුනෙ.

  • Unknown said...
     

    මම ලියන්න හිතපුදේ ඒ විධියටම ශාකුන්තල ලියලා තිබෙනවා :-) එළ එළ!!

  • Rajeen said...
     

    මමත් මේ ප්‍රදර්ශනේ දැකපු අඩුවක් තමයි ලිනක්ස් වලට අදාලව තිබුනු ප්‍රදර්ශන කුටි වල අඩුව. එහෙම එකේ එක කුටියක් හරි තිබුනු එක වටිනවා. හැබැයි ඒ අයගේ ප්‍රවාරක ක්‍රමය තමයි වැරැද්ද. මමත් විස්තර අහද්දි මටත් පොඩි තෙලක් දුන්නා. මම දකින දුර්වලතාවය ඒ අය කියන දේ නවකයකුට හරි නෑ කියන එක. මොකද මමත් දැකපු දෙයක් තමයි එතන වට වෙලා හිටපු හුගාක් අය ලිනක්ස් වල හුගාක්ම ආධුනිකයන්. නැත්නම් මුකුත්ම නොදන්න අය. මේ අයට වෛරස් නැති නිසා ලිනක්ස් පාවිච්චි කරන්න කියන එක විහිළුවක්. නමුත්, මේ අය අධ්‍යාපනික වැඩසටහනකුත් එක්කම විකුනපු නිසා ගැටළුවක් කියන්නත් බෑ. අනික Free & Open නේ :) කොහොම උනත් ප්‍රදර්ශනයේ අන්තර්ගතයට ලිනක්ස් පිළිබද තව ටිකක් තිබුනනම් හොදයි නේද ?

  • ශාකුන්තල | Shaakunthala said...
     

    විකිණීමේ නිදහසත් RMS ගෙ four freedoms වලට අදාළයි. :-)
    ගන්න කැමති අය ඉන්නවනම් නම් රුපියල් 350කට නෙමෙයි ඩොලර් මිලියනයකට වුණත් විකුණන්න නිදහස තියෙනවා.


    ලිනක්ස් ප්‍රචාරණය කරන්න ගත් උත්සාහය අගයනවා. ඒත් වයිරස් ගැන තියෙන බය මතු කරලා ඒකෙන් ප්‍රයෝජන ගත් එක ගැන නම් එතරම් පැහැදීමක් නැහැ. කවදහරි වින්ඩෝස් වලට වයිරස් සඳහා පූර්ණකාලීන විසඳුමක් ලැබුණොත් ඔතනින් ලිනක්ස් වැළඳගත් අය ඊටත් වඩා ඉක්මනින් ලිනක්ස් විසි කරාවි. ඒ නිසා වඩා වටින්නේ නිවැරදි අවබෝධයක් ලබා දීම.




    මම නම් එතන හිටපු පෙන්ගුවින් එක්ක පිංතූරයක් ගන්නත් අමතක කළේ නෑ. ;-)

    http://www.flickr.com/photos/shaakunthala/4155903262/

  • Danishka said...
     

    සාමාන්‍ය පුද්ගලයින්ට දැනෙන ප්‍රධානම කාරනා දෙකයි.
    එනම් වෛරස් වලින් පීඩා විදීම සහ මෘදුකාංග වල ඉහල මිල.

    මෙතන ගොඩක් අය කියු පරිදි සවිස්තරව ලිනක්ස් වල වටිනාකම කියන එක තමා වැදගත්.
    එත් ප්‍රදර්ශනයකදි කියෙන් කීදෙනාද එහෙම නැවතිලා හරියට අහගන්නේ.

    මිනිස්සු රටේ මුදල් නාස්තියට වඩා මුලින්ම හිතන්නේ තමන්ට වෙන සෙත ගැනයි. එනිසා කෙනෙක් එතනට එන හැමදෙනාම එකම බෝට්ටවකට දමා වෛරස ගැන කියන්න ඇත.

    තව දෙයක් කිසිමදෙයක් බලෙන් දෙන්න බැ. බොරුකරලා දුන්නම ඉබේම කලක් යද්දි හැලෙනවා.

Grab this Widget ~ Blogger Accessories