Sunday, January 3, 2010

සිංහලයේ අවසන් රජ මාළිගය

ශ්‍රී දළදා මාලිගාව, සිංහලයේ අවසන් රජතුමා වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ මාලිගය ලෙසට වැරදි මතයක් අප බෙහෝ දෙනෙකු තුල ඇත.ඉහත රූපයේ දක්වා ඇත්තේ 1815 දී සුද්දන් විසින් ගිනිබත් කරන ලදුව පසු කාලීනව සංරක්ෂනය කරන ලද නියම රජ මාලිගයයි.
පසුගිය දිනෙක නුවර ගිය විටෙක මීට අවුරුදු විස්සකට පමණ පෙර පාසැල් අධ්‍යාපන චාරිකාවකදී මේ මාලිගය නැරඹීමට ගිය මතකය නැවත අලුත් උනා. මෙය පිහිටා තිබෙන්නේ ශ්‍රී දළදා මාලිගාවට වම් පසින් රාජා ඇතාගේ කෞතුකාගාරයට යාබදවයි. නමුත් ආරක්ෂක හේතූන් නිසා ඒ පැත්තෙන් මෙයට ඇතුලු විය නොහැක. මෙහි පිවිසීමට නම් නාථ දේවාල භූමිය මැදින් ඇති මාර්ගයේ ගමන් කල යුතුය.
මෙහි පිවිස අරමුණක් නැතිව ඒ මේ අත ඇවිදිමින් සිටි මට එහි සිටි අපූරු පුද්ගලයෙක් මුණ ගැසුනි. ඔහු පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අනුබද්ධිතව මෙහි සේවයේ යොදවා ඇති නිලධාරි මහතෙකි. රජ කතා වල පමණක් අසා තිබුනු සීමැදුරු කවුළුව, රජ කාලයේ භාවිතා වූ වායු සමීකරණයක් (මෙය විශාල අවානක් වැනි දෙයකි) වැනි ඉතා වටිනා පුරා වස්තු රාශියක් ඔහු විසින් මා හට පෙන්වා දී ඒ පිලිබදව ඉතා ගැඹුරු විස්තරයක්ද ලබා දුන්නේය. ඔහු පැවසූ පරිදි සුද්දන් මෙය ගිනිලන්නට පෙර මෙහි මහල් තුනක් තිබී ඇත. නමුත් ගින්නෙන් විනාශ නොවී ඉතිරිව ඇත්තේ මේ කොටස පමණය.
ඔහු පැවසූ ආකාරයට දළදා මාලිගාව වැඳ පුදා ගැනීමට පැමිනෙන මහා ජනකායෙන් සියයට එකක්වත් දෙනා මේ මාලිගය නැරඹීමට නොපැමිනේ. මා ගිය දිනයේත් දළදා මාලිගාව තුල ඇඟිල්ලක් ගැහීමටවත් ඉඩක් නොමැති වුවත් එදා දවසටම මෙම මාලිගය වෙත පැමිණ ඇත්තේ මා පමනකි. එය එක්තරා ආකාරයක මගේ වාසනාවකි. මා හට මුන ගැසුනු පුද්ගලයා සමග නිදහසේ දොඩමළු වී ඉතා වැදගත් කරුණු රාශියක් දැනකියා ගැනීමට හැකි වූයේ ඒ නිසාය.



Related Articles by Categories


7 ප්‍රතිචාර:

  • Indranama said...
     

    මමත් දළදා මාලිගාවට පස් හය වතාවක් ගිහින් තිබුනත් කවදාවත් මෙතැනට ගිහින් නෑ.
    කියා දුන්නාට ස්තූතියි, ඊලඟට යන වෙලාවේ අනිවා යන්න ඕනෙ.

  • Chinthaka said...
     

    ඔබ හරි. ඇත්තටම ඔය තියෙන්නෙ රජ මාළිගය වටා පිහිටන පිටත මාළිගයේ ඉදිරිපස කොටස. ඇතුලත මාළිගය පිහිටා තිබී ඇත්තේ මෙවැනි කොටස් 4කට මැදිවයි. විනාශ වූ මාළිගය පසු කලක ඇතිවූ නායයාමක් නිසා පස් වලින් වැසී ගොස් තියෙනවා. දැනට ඉතිරි වී ඇති කොටස පිටුපසින් කැල‍ය වැවී ඇත්තේ පැරණි මාළිගය යටපත් කරගෙන. නිසි ආකාරයෙන් කරනු ලබන පුරාවිද්‍යාත්මක කැණිමක් මගින් බොහෝ තොරතුරු අනාවරණය කරගනු හැකි වනු ඇති.

  • Pahan said...
     

    මේ වගක් දැනං හිටියේ නෑනේ. ඊළඟ පාර නුවර යද්දි මතක ඇතුව ‍ඔය පැත්තෙ යන්නෝනෙ. ස්තුතියි ඔත්තුවට

  • දුකා said...
     

    අනේ ඇත්තමයි . . මම දන්නෙත් අදයිනේ . .. ලොකු දෙයක් මචං මේ ගැන කිව්ව එක . . ලබන පාර මාළිගාවට ගියාම අනිවාර්යෙන් යනවා . ..

  • වැප් said...
     

    මම ඔකට ගිහින් තියනවා. ඒත් ඒච්චර මතකයක් නැහැ කිව්වා වෙගෙ අවු 15 විතර කලින්. මට ෙහාදට මතකයි මාත් ඔය සිවු මදුරැ කවුලුෙවන් බැලුවා

  • බිඟූ said...
     

    ඉතින් මචං අර මහතා කියපු දේවල් ටිකත් දාපන්කෝ කියවන්න බලන්න....

    /බිඟුවා...!

  • malee_msg said...
     

    අයියෝ...!! අපරාදේ.. අපි මීට සති 3 කට විතර කලින් මාළිගාවට ගිහින් ඔය ගොඩනැගිල්ල පිටි පස්සේ ගල් වල වාඩි වෙලා ගොඩක් වෙලාවක් ගත කලා.. මාළිගාව පැත්තෙන් ඇතුල් වෙන්න තැනක් තිබ්බේ නැති හින්දා අපි හිතුවේ ඒක බලන්න දෙන්නේ නැහැ කියලා.. :( ආයේ ගියපු දවසක බලන්න යන්න ඕනා.

Grab this Widget ~ Blogger Accessories