Tuesday, February 2, 2010

මුළු හදින් මම ඇයට පෙම් කොට............

මා රසවිඳ ඇති බොහොමයක් ගීත වලට බොහෝවිට පදනම් වෙලා තියෙන්නෙ ඒ ඒ ගීත රචකයන්ගේම පෞද්ගලික ජීවිත අද්දැකීම්. මේ ගීතයත් එහෙමමයි. හැමදාම හවසට තමන්ව මුණගැසීමට පැමිණෙන තම පෙම්වතිය එක් දිනක් නොපැමිණීම නිසා තමයි රචකයා අතින් මේ ගීය ලියවිලා තියෙන්නෙ. ඔහු නමින් ආරියදාස එඩ්මන්ඩ් පෙරේරා ජයසූරිය. අනුරාධපුරයේ හිටපු දිසාපතිවරයෙක්. මේ රචකයා අතින් ලියවුනු එකම ගීතය මෙය වීම සහ මෙය ගායනා කරන නාරද දිසාසේකරයන් සහ ගීත රචකයා එකම පන්තියක අධ්‍යාපනය ලැබූ මිතුරන් වීම මේ ගීතයේ තවත් විශේෂත්වයකි.
එක දවසක් දකින්නෙ නැතුව මෙහෙම ගීතයක් ලියවුනා නම් ඔහු ඇයට කොච්චර ආදරය කරන්නට ඇත්ද? ගීතයෙ එහෙම ලියවිලා තිබුනට ඇත්ත ජීවිතේදි නම් ඔවුන් දෙන්නා විවාහ වෙලා තියෙනවා. වැඩි විස්තර මෙතනින් බලන්න.



Related Articles by Categories


0 ප්‍රතිචාර:

Grab this Widget ~ Blogger Accessories