Monday, June 7, 2010

නිරතුරු මම ඔබ ගැනම සිතන්නෙමි.........!

නිරතුරු මම ඔබ ගැනම සිතන්නෙමි
එනමුදු එය වරදක් බව දන්නෙමි
පෙම් නොකරන්නට සිතුවද ඔබ වෙත
සෙනෙහස ලියලයි නොදැනිම හද මැද

මදහස දුන්නද දකින වෙලේ
ඔබ මෙහි එන බව සිතිය නොහේ
කලයුතු කිසිවක් හිතට නොයේ
මගෙ සිතිවිලි එක තැනක නොවේ

නිරතුරු මම ඔබ ....../

දෙදනා සැනසුම ලැබිය යුතුයි
දිවි ඇති තුරු ලඟ සිටිය යුතුයි
අප එක සෙවනක විසිය යුතුයි
නැත නැත අප එක් නොවිය යුතුයි

නිරතුරු මම ඔබ ....../

පැරණි ගීත වලට ආස කරන අයට නම් මේ සිංදුව මතක ඇති. මිල්ටන් මල්ලවආරච්චිගෙ මම ආසම හදවතට දැනෙ‍න ගීත වලින් එකක්.

මෙතනින් බාගෙන අහන්න



Related Articles by Categories


0 ප්‍රතිචාර:

Grab this Widget ~ Blogger Accessories