මුලින්ම අපේ හමුදාව ලබා ගත්තු ජයග්‍රහණයට සුභ පතන්න ඕන. මගේ ගෙවුනු ජීවිත කාලය පුරාවටම තිබුනු යුද්ධය දැන් අවසන්. මම මතක ඇති කාලෙකින් ගෙදරින් පිටවෙන කොට ගිහින් එන්නම් කියලා අම්මට කියලා නෑ. හැමදාම කිව්වෙ මම යනවා කියල විතරයි. ඒත් දැන්නම් ගිහින් එන්නම් කියල කියන්න පුලුවන්. මේ ජයග්‍රහනය ලබාගත් අපේ ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන්ටත්, කවදාවත්ම මගෙන් ඡන්දයක් නොලබපු ජනාධිපති තුමන්ටත් මගේ ප්‍රනාමය මෙසේ සටහන් කරනව.
ඇත්තටම මම මේක බලන්න පෙලඹුනේ අපේ බ්ලොග් කියවනයෙ තිබුනු සටහනක් දැකලා. අපි යුධ ජයග්‍රහනය සමරන වෙලාවෙ බලපු මේ film එක මට නම් හිතන්න ගොඩාක් දේ ඉතුරු කලා. කතාව..ඇමරිකන් හමුදාවෙ ඉහළ නිළයක් දරණ පුද්ගලයෙක් කැමැත්තෙන්ම ඉදිරිපත් වෙනව යුද්ධයෙන් මැරුම්කන සෙබලුන්ගේ මිණී ඔවුන්ගේ ගෙවල් වෙත අරගෙන යාමට. ඒහිදී ඔහුගේ මනස වැඩකරන හැටි,ඔහුට හමුවන පුද්ගලයන් ඔහුට සලකන හැටි ආදිය තමයි මේකෙන් අපිට බලන්න තියෙන්නෙ.