Saturday, February 28, 2009

Future is IT

ඔන්න 2009 වසර තොරතුරු තාක්ෂණ වසර ලෙස නම් කරපු ආණ්ඩුව වැඩ පටන් ගෙන. මේක අ‍පිට හොද ආරංචියක්. ඔබත් පහත සදහන් යම්කිසි පාඨමාලාවක් හදාරන්නෙක් නම් ඒවායේ විභාග වෙනුවෙන් ගෙවන මුදල් $60 ක උපරිමයක් දක්වා රජය මගින් ආපසු ගෙවනවා.

Oracle Certifications
Cisco Certifications
Mirosoft Certifications
Sun Java Certifications & SUN server Certifications
IBM Certifications
NetApp Certifications
Juniper Certifications
Checkpoint Certifications
BlueCoat Certifications
PMP Certification
CISSP Certification

සාමාන්‍යයෙන් අපිට ගෙවන්න වෙන විභාග ගාස්තු සමග සංසන්දනය කරන කොට මේක සුළු ගානක් උනාට මේක හොද ආරම්භයක් කියලයි මට හිතෙන්නෙ.මේක ICTA එකේ තවත් ව්‍යාපෘතියක්. වැඩි විස්තර මෙතනින්.

Friday, February 27, 2009

මගේ හිත

අහලම බලන්න

Thursday, February 26, 2009

Globe7 - තවත් Soft Phone එකක්

මේ තවත් Soft Phone එකක්. ඒ කියන්නෙ Skype වගේ පරිගනකයේ ඉදන් ලෝකයේ ඕනම තැනකට කතා කරන්න පුලුවන් මෘදුකාංගයක්. නමුත් Skype වගේ බොහොමයක් Soft Phone වලින් පරිගනකයකට හැර දුරකතනයකට අමතන්න නම් මුදල් ගෙවන්න වෙනවා. ඒත් Globe7 අපිට සල්ලි දෙනවා කතා කරන්න (ලංකා බෙල් වගේ). ලියාපදිංචි වෙනකොටම 1$ ක් ලැබෙනව. ඔබ හදුනන අයව මීට සම්බන්ධ කරවීමෙන් සහ Globe7 මගින් පවත්වාගෙන යන නොයෙකුත් අනුග්‍රාහක වැඩසටහන් වලට සම්බන්ධ වීමෙන් ඔබට කතාකිරීමට Credit එකතු කරගන්න පුලුවන්.

මෙතනින් බාගන්න පුලුවන්.

Wednesday, February 25, 2009

ඒකත් හරිම සිම්පල් theme එකක්

ඔන්න ඉතින් මාත් අලුත් theme එකකට මාරු උනා. ඒකත් හරිම සිම්පල් theme එකක්. ඇයි අපි blogger එකෙන් දෙන ආකෘති වලටම හිර වෙලා ඉන්නෙ. මට මුල ඉදලම මේ දේ කරන්න උවමනාව තිබුනට ඊයෙ පෙරේදා තමයි හිතට අල්ලන theme එකක් ලැබුනෙ. උදව් කලේ Google. සංසදේ අය ලියපු සමහර ලිපිත් යම්තාක් දුරකට සහාය වුනා.

ඒ අස්සෙ ‍ෛ‍වරස් එකක් ඇවිත් මාර වදයක් දුන්නෙ. Hard disk එකේ තියෙන ඔක්කොම Folder .scr කියල extension එක මාරු වෙනව. ඉතින් ඊට පස්සේ සොරිම තමයි. හොද වෙලාවට backup එකක් තිබුනු නිසා ලේසිම ක්‍රමය (FRI Method)*එක අනුගමනය කරලා වැඩේ ගොඩ දා ගත්තා.


* FRI – format re install

Wednesday, February 18, 2009

කොම්පියුටරේ රත් වෙනවා වැඩිද?

සිසිල් කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය

  1. Eclipse System 6-Gallon Aquarium Kit
  2. Motherboard tray
  3. Computer Hardware
  4. Acrylic panel
  5. Six gallons of mineral oil

මේ බඩු ලැයිස්තුවත් සූදානම් කරගෙන මේ වීඩියෝ එක බලන්න.

Saturday, February 14, 2009

දෛවය මෙය නම් සුදු නුඹ නාඩන්


Wednesday, February 11, 2009

ලස්සන ගල් දෙකක්

මේ දෙක ගෙනාවෙ මම සේවය කරන ආයතනයට ගල් සපයන තැරැව් කරුවෙක්. මේක දුර්ලභ නිසයි බ්ලොග් එකේ දාන්න හිතුවෙ. සාමාන්‍යයෙන් මැණික් වෙලදපොලේ නිශ්චිත මිලක් නැති ගල් අතරට වැටෙන ගලක්. විශේෂත්වය තමයි මේ පාෂාණය නිර්මාණය වීමේදී අවට තිබුනු කුඩා ශාඛ වැනි දෑ ඒ තුලට අවශෝෂණය කරගෙන තිබීම. වටිනාකම තක්සේරු කිරීම අපහසු වීමට ප්‍රධානම හේතුව තමයි ලෝකයේ තවත් මෙවැනි ගල් තිබුනත් අභ්‍යන්තරයේ විහිදී ඇති මෝස්තරය ඇත්තේ මෙහි පමණක් වීම.

Grab this Widget ~ Blogger Accessories