Wednesday, December 31, 2008

නව වසරක් ......?

මම ඉස්සෙල්ලාම ‍රස්සාවකට ගියෙ 1999 ජනවාරි 18 වෙනිදා ඒ පරිගනක උපදේශකයෙක් විදියට. ඊට පස්සෙ දෘඩාංක හා ජාලකරණය පැත්තට යොමු උනේ 2000 දි ව‍ෙග්. එතැන් ඉදන් අද වෙනකම් නව (9) වසරක් නොදැනිම ගෙවිලා ගිහින්. ආපස්සට හැරිලා බැලුවම ජයගත්ත අභයෝග වගේම වැරදුනු තැනුත් ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම මතක් තරන්න ඕන නාමල් සර්ව. එයා තමයි මාව මේ පාරට ඇදල දැම්මෙ කිව්වොත් හරි. ඒ වගේම එදා ඉදල අද වෙනකම් මං හිරවුනු වෙලාවට මාව ගලවා ගත්තු (ජොබ් එක බේරලා දුන්නු) රුවන්. තව මෙකී නොකී මට උදව් කරපු හැම කෙනෙක්වමත්. හැමදාම සහෝදරයො වගේ මගේ ලගින් හිටපු අතිජාත මිත්‍රයො හය දෙනා අමතක වෙනවා තව ටිකෙන් - (චරිත්, සුරංග, බන්දුල, හසිත, දනේෂ්, බිංදු)
මම දැන් කරන ජොබ් එක නම් මගෙ යාලුවො කියන විදියට මාර ආතල්. මොකද වැඩි හරියක් මම නිදාගන්න නිසා. පරිගනක පද්ධතිය යහතින් තියෙනකම් ඉතින් කම්මැලිකමට නිදා ගන්නවා නැත්නම් අලුත් මොනවා හරි ඉගෙන ගන්නවා. පරිගනක පද්ධතිය අවුල් වෙනව කියන්නෙ මට නම් මාර ආතල් එකක්, එතකොට මට කරන්න වැඩ තියෙනවනෙ. හික් හික්... හැබැයි ඉතින් මෙහෙ වැඩිය පණ්ඩිතයො නැති නිසා ඒ ආතල් එකත් ගන්නෙ බොහෝම කලාතුරකින් තමයි.
ඉතින් මම දවසක් ඔහොම නිදාගෙන හිටපු වෙලාවක අර මම කලින් කිව්ව රුවන් චැට් එකෙන් ලින්ක් එකක් එව්වා. ඒක ඇරලා බලන කොට සිංහලෙන්, ඩයලොග් පැකේජ ගැන ලියපු එකක්. මට මතක විදියට “මාලින්දගේ සටහන්”. ඒ පිටුවෙ තිබුනු තව ලින්ක් එකකින් සිංහල බ්ලොග් කියවනයට ගියා. ඔන්න ඔහොමයි මම මගේ බලොග් එක ලියන්න ගත්තෙ. දැන් නම් නිකන් ඉන්න වෙලාවට වැඩිපුර කරන්නෙ බ්ලොග් කියවන එක. (නිදා නොගන්නෙමත් නෑ).
ලබන අවුරුද්දෙදි කරන්න වැඩ ගොඩක් ඔලුවෙ තියෙනව හැමදාම වගේ. බලමු මොනාද වෙන්නෙ කියල නේද?

සුද්දා අපිට පුරුදු කරලා ගිය එක පුරුද්දක් තමයි ජනවාරි 1 වෙනිදට අවුරුදු කන එක. ඒකත් හැබැයි නරක නෑ. ඒත් අපේ සිංහල හින්දු අලුත් අවුරුද්ද ලබන්නෙ අප්‍රේල් 13 වෙනිදටනෙ.

අපිත් දැන් විශ්ව ගම්මානයෙ සාමාජිකයො නිසා සුද්දගෙ ක්‍රමේට අද සුභ පතන්නම්, ලබන්නා වූ 2009 අවුරැද්ද හැමෝටම ජය සතුට සාමය සපිරි සුභම සුභ අවුරැද්දක්ම වේවා කියලා....

Sunday, December 28, 2008

ඔබ ගිහින් දුර ඈත

හිමි නොමැති වග දැනගෙනත් මට
ලොබ බැදිමි ඔබ ඇසුර ලැබුමට

ගොසිනි ඔබ අද දුරක ඈතට
ගෙන දෙමින් වේදනා හදකට
අදත් පැණයක් ඉතිරි කරමින්
පිලිතුරක් කිසිදිනක නොලැබෙන
ආදරේ මුත් උනුන් හට අපි
කිමද සිතුනේ එක් නොවන්නට
පෙරුම් පුරමු අපි යලි හමුවන්නට
එක් වන්නට භවයක දී මතුයම්

Friday, December 26, 2008

මැරතන් දුවන හැමෝටම සුභ පැතුම්!

කට්ටිය අද ඉදලම ලියන්න දේවල් ඉතුරු කරනවද කොහෙද. අද දවසම වේලි වේලි හිටියෙ කියවන්න දෙයක් නැතිව. ඒ අතරට කියවන්න මොනව හරි ලියපු ඔක්කෝටම පිං. ඒ අතරෙම අපේ කාලිංග සහෝදරයටත් සුභ පතන්න හිතුනා අර ප්‍රතිචාර ප්‍රමාණයට. ඇත්තටම ඒක ජයග්‍රහනයක්. මාත් ලෑස්ති වෙලා ඉන්නෙ හෙට මැරතන් දුවන්න නෙවෙයි බලන්න. ඔක්කොමලා ලියන්න ගියාම බලන්න අය නැති වෙනවනෙ නේද? මාත් පුලු පුලුවන් විදියට Comments දාන්නම්. එහෙනම් හෙට මැරතන් දුවන හැමෝටම සුභ පැතුම්!

හෙට දුවන්නෙ නැති හැමෝටම මාත් විවෘත ආරාධනාවක් කරනව මේ දුවන අයට හුරේ දාන්න එන්න කියලා. :)

Wednesday, December 24, 2008

ඔබේ වෙබ් අඩවියේ ඉතිහාසය බලන්න කැමතිද?

සාමාන්‍යයෙන් අපේ වෙබ් අඩවියක් යාවත්කාලීන කලාට පස්සෙ ඉස්සර තිබුනු විදිය බලා ගන්න ඔන වුනොත් මොකද කරන්නෙ? Backup එකක් අරන් තිබුනෙ නැත්නම් අනාතයි නේද? දැන් නම් ඉතින් බය වෙන්න දෙයක් නෑ. http://www.archive.org/ කියන වෙබ් අඩවිය අපි වෙනුවෙන් නොමිලේම මේ සේවය සපයනවා. මේකේ විශේෂත්වය තමයි අපි නොදැනුවත්වම මේ දේ වෙන එක. මේ අඩවියට ගිහින් ඕනම ලිපිනයක් දීල බලන්න. ඕනම විබයක ආරම්භයෙ ඉදන් මේ දක්වා සියලුම අවස්ථා බලා ගන්න පුලුවන්.

Dogs with Blogs-- Do They Know It's Christmas?

බලොග් ලියන කියවන හැමෝටම සුභ නත්තලක් වේවා.

Saturday, December 20, 2008

අන්තර් (ජං)ජාලය

ඊයෙ රෑ අන්තර්ජාලයේ වේගය සෑහෙන්න අඩුයි. මම හිතුවෙ මගෙ රවුටරේට මොනා හරි වෙලා කියලා. බැලුවම ඒකෙත් අවුලක් නෑ. ඉතින් ගූගල් ට කිව්වා හොයලා බලන්න කියලා. ඔන්න එත‍කොට ගූගල් කියපි මෙහෙම.

“Internet and telephone communications between the Middle East and Europe were severely disrupted today (19/12/2008) when three major undersea data cables running under the Mediterranean between southern Italy and Egypt were severed. Managed by France Telecom, the affected cable systems–Sea Me We 3, Sea Me We 4 and FLAG–carry more than 75 percent of traffic between the Middle East, Europe and the United States, so the potential impact of an outage like this could be enormous. Like severing a major artery. “If there was just one cable down we could have used the other two,” France Telecom spokesman Louis-Michel Aymard told the AFP. “But all three are down so this puts us in a very difficult situation.” A ship has been dispatched to fix the lines, but it won’t arrive until Monday, and it could take until Dec. 31 to repair them. In the meantime, data traffic that would have traveled over the lines is being rerouted through the United States.
The incident comes less than a year after four undersea communications cables were damaged in a single week by what was believed to be a wayward boat anchor. That’s likely the same culprit here.”

ඉතින් සති දෙක තුනක් යනකම් මෙහෙම තමයි අන්තරජාලය පාවිච්චි කරන්න නෙ. මොනවා කරන්නද?

Saturday, December 13, 2008

වචන කල නොහැකි කතාවක්.......!

කෙසේ නම් අදහන්නද
අවසන නුඹ මට හමුවූ බැව්
මැවුමට සුන්දර ලෝකයක්
වදන් නොමැත ඔබට කියන්නට
මහදට දැනෙනා අමුතු හැගුම්
වලාවක් මත සිටිනු දැනේ මට
හදවත දිදුලයි නවමු කාන්තියක්
නොකී මුත් ඔබ දැනේ මසිතට
මෙලෙසම හැගෙනා බව ඔබටත්
දැඩිව අල්ලා ගනිමි මම ඔබ
නොදී ගිලිහී යන්න සෙනෙහෙන්
එකම පැතුමක් පතන්නම් මම
අප දෙදෙන යලි වෙන් නොවන ලෙස
සටහන නවතන්නම් මෙතෙකින්
දැනෙන දෙය වචන කල නොහැකියාවෙන්

Thursday, December 11, 2008

යලිත් සදහම් චාරිකාවේ වඩිනවද හිමියනි....?

හෙට දෙසැම්බර් 12 මේ අවුරුද්දෙ අන්තිම පෝය දවස. ඒත් මේ සටහන ඒ වෙනුනේ නම් නෙවෙයි. මේක ලියවෙන්නෙ දැනට අවුරුදු පහකට ඉහත අපවත් වූ ඒ දහම් ගගුලේ නමිනුයි. අනේ සෝම හිමියනි ඔබ වහන්සේ නැවත වඩින තුරු අපි අසරණව බලා සිටින්නෙමු















“අතීතයෙත් ජාතියත්, රටත් රකින්නට, ශාසනේ රකින්න ඉදිරිපත් වෙලා දේශපාලනය කරපු භික්ෂූන් වහන්සේලා හිටියා... සමහර වෙලාවට යම් යම් ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්... මං මේ ආත්මෙ නිවන් දකින්න අදහසක් නෑ.. මං හිතනව මං එතෙන්ට ගිහිල්ල මේ රටත්, ජාතියත්, ජාතික සමගියත් ඇතිකරල සම්බුද්භ ශාසනේ ආරක්ෂා කරගෙන මේ කටයුත්ත කලොත් මට නිවන් දකින්න හොද පිංකමක් වෙයි ඒක. කුසලකර්මයක් වෙයි.. මං ඒ අරමුණෙන් වැඩ කරනවා”
--- ගංගොඩවිල සෝම හිමි ---

Tuesday, December 9, 2008

එක කුස නූපන් සොයුරිය

වචන කල බැරි ඔබ නොමැති පාලුව
සැමවිට සිහි වෙයි ඔබේ සුදු වත
ආදරෙයි මා සොයුරියකට ලෙස
මගේ මේ දිවි ඇති තුරාවට

සිතන තරමට දුකද වැඩි වෙයි
ඔබේ මතකය මහද සනසයි
නුදුරු දිනකම මුනගැහෙන මුත්
එතෙක් ඉවසා සිටිනු කෙලෙසද

මලක් ලස්සන දකින සැමවිට
සිහිව ඔබ වත දෙනෙත තෙත් වෙයි
ඇවිත් හදවෙත ඔබේ මතකය
කියයි අප වෙන් නොවු ලෙසටම

Monday, December 8, 2008

The Day The Routers Died...........

Sunday, December 7, 2008

මම නැවතත් පරණ උනෙමි

මම දැනට මාස තුන හතරකට කලින් මගේ පරිගනකයට වින්ඩෝස් විස්ටා දා ගත්තා. දා ගත්තු දවසෙ ඉදන් එක එක ප්‍රශ්ණ. ඒවා හුගක්ම අපේ ප්‍රශ්න. මොකද මයික්‍රොසොෆ්ට් එකෙන් කියන විදියට ඒ ගොල්ලන්ගෙ මෘදුකාංග සහ දෘඩාංග මිලදී ගත්තොත් ඒ ප්‍රශ්න ඇති වෙන්නෙ නැහැ.(අපි නම් ගනියි සල්ලි දීලා) XP වගේ නෙවෙයි විස්ටා වලදි තුන්වන පාර්ශවයක මෘදුකාංග සහ මයික්‍රොසොෆ්ට් මගින් සහතික නොකල දෘඩාංග භාවිතා කිරීම හරිම අපහසුයි. ඒ අයගෙ පැත්තෙන් ඒක හරි. වෙලඳපොල ඒකාධිකාරයක් තියා ගන්න ඒ වගේ දේවල් කරන්න ඕන. නමුත් එකක් කියන්න ඕන. මම වින්ඩොස් 3.1 වල ඉදලා මේ වෙනකම් ආපු හැම වින්ඩොස් වෙළුමක්ම පාවිච්චි කරලා තියෙනවා. ආරක්ෂාව හා ස්ථාවර බව අතින් හොදම එක තමයි විස්ටා.

දැන් කවුරු හරි අහයි ඇයි Linux වලට යන්නෙ නැත්තෙ කියලා නැත්නම් කියයි මාත් මයික්‍රොසොෆ්ට් එකට කඩේ යනවා කියලා. දෙකම වැරදියි. ලංකාවෙ ගොඩක් අය පරිගනක අධ්‍යාපනය කියලා සල්ලි දීලා ලබා ගන්නෙ මයික්‍රොසොෆ්ට් අධ්‍යාපනේ නෙ. ඉතින් අපිට සේවය සපයන්න වෙන්නෙත් ඔවුන්ට නිසා Linux වලට යන්න ටිකක් අමාරුයි. SERVER හැටියට නම් Linux පාවිච්චි කරනවා. ඒත් පෞද්ගලික පරිගනක හැටියට Linux භාවිතයෙදි යම් යම් ගැටලු එනවා. මුලිකම ගැටලුව තමයි ගොඩක් සමාගම් සදහා ලියවුනු ERP පද්දති වගේ ‍දේවල් වින්ඩොස් මත ලියා තිබීම. මම නම් දැන් මේ දවස් වල පරීක්ෂණ කර ගෙන යනවා අපේ ඔෆිස් එක Linux වලට හරවන්න. බලමු පොඩි ට්‍රයි එකක් දීලා.

ඉතින් විස්ටා දිගටම ලෙඩ දුන්නු නිසා මම අපහු XP දාගත්තා. ලිනක්ස් වලට හුරු වෙනකම්. මම දැනටත් Fedora භාවිතා කරනවා සර්වර් හැටියට. ඒත් පෞද්ගලික පරිගනකයක් විදියට පාවිච්චි කරලා පලපුරුද්දක් නැහැ.

Thursday, December 4, 2008

You’ve Got Mail & Indecent Proposal

ඊයෙ මම ලියපු සටහන බලල මලී අහල තිබුන බලපු ෆිල්ම්ස් ගැන කියන්න කියලා. ඉතින් මම ඊයෙ බලපු ෆිල්ම්ස් දෙක තමයි මේ

දෙකම හරි ලස්සන කතා දෙකක් හැබැයි Indecent Proposal එක නම් ටිකක් වැඩිහිටියන්ට පමණයි එකක්. ඒ උනාට ඒකෙදි ආදරය හා මුදල් නිසා ඇතිවෙන මනුෂ්‍ය හැගීම් හොදට ඉස්මතු කරලා පෙන්නනවා.

You’ve Got Mail නම් මම බැලුවෙ දෙවෙනි සැරේ. ඒක අපේ ජීවිත වලට ගොඩක් සමීපයි. මොකද ඒකෙ ප්‍රධාන නලුවයි නිලියයි දෙන්නම බලන් ඉන්නෙ අනිත් එක්කෙනා ඊමේල් එකක් එවනකම්. දෙන්නම එකම කෝච්චියෙ තමයි වැඩට යන්නෙ. ඒත් අදුරන්නෙ නැහැ. නමුත් Internet Chat එකේ හොද යාළුවො. පෞද්ගලික ප්‍රශ්න ගැන පවා කතා කරන තරමටම. හික් .. හික්.. හරියට අපි වගේ නේද.

ඔයාලත් හොයාගෙ බලන්න. හරි ලස්සනයි.

Wednesday, December 3, 2008

අද නිවාඩු

මතක ඇති කාලෙකින් නිවාඩුවක් විදියට නිවාඩුවක් ගෙව්වෙ අද තමයි. අවුරුද්දෙ අන්තිම මාසෙ ඉතින් කට්ටිය ඉතුරු වෙලා තියෙන නිවාඩු ගන්නවා හෝ ගාලා. මාත් අද නිවාඩුවක් දැම්මා. හැබැයි වෙනදා වගේ නෙවෙයි අද ඔෆිස් එකෙන් එක ඇමතුමක් වත් ආවෙ නෑ. වෙනදට නම් නිවාඩුවක් දැම්මොත් එදාට මොකක් හරි ලෙඩක්නෙ. නමට විතරයි නිවාඩු ගෙදර ඉදන් ඔෆිස් එකේ වැඩ කරනවා නැත්නම් ඔක්කොම දාලා ආපහු ඔෆිස් යනවනෙ. කොහොම හරි අම්මත් උදේම ගියා ඉස්පිරිතාලෙ ලෙඩෙක් බලන්න. ලෙඩා බලලා නු‍ගේගොඩ ෂොපිං පාරකුත් දාලයි එනවා කිව්වෙ. අම්මා ආපහු ආවෙ ගොඩක් හවස් වෙලා. ගොඩක් මහන්සි නිසා අන්තිමට රෑට කෑම හදන එක මට සෙට් උනා. හැමදාම අම්මා හදන එකේ දවසක් අපි කලාම මොකද නේද?

උදෙන්ම ගිහින් DVD දෙකක් ගෙනාවා. දවල්ට කනකොට දෙකම බලලා ඉවරයි. ඊට පස්සෙ සිරසෙ ගිය සිංහල චිත්තරපටිය බැලුව. ඒක ඉවර වෙනකොටම අම්ම ආවා. හැබැයි මං ආසම කරන වැඩේ අද කරන්න බැරි උනා. මොකද්ද දන්නවද? පොඩ්ඩක් නිදාගන්න බැරි උනා දවාලෙ. ඒක තමයි තියෙන එකම දුක.

Tuesday, December 2, 2008

මල් පෙත්තක පන්හිඳකින් ආදරය ලිය ලියා....

අපේ කට්ටිය ආතල් එකකට සෙට් උන ගොඩක් වෙලාවට මම සින්දුවක් පටන් ගත්තොත් ඉතින් බැනුම් තමයි. මම කියන සින්දු උන් දන්නෙ නැති නිසා. උන් කියන්නෙ මම පනහෙ දශකයෙ සිංදුලු කියන්නෙ. ඒක ටිකක් විතර ඇත්ත. මට පරණ සිංදු හොදට මතකයි. මේකත් ඒවගේ පරණ සිංදුවක්. බලන්න ඔයාලා අහල තියෙනවද කියල. මේක ගායනා කරල තියෙන්නෙ රොම්ලස් පෙරේරා කියන ගායකයා. www.slhits.com එකට ගිහින් Mal Peththaka Pan Hindakin කියල search කරලා අහලම බලන්න කොච්චර ලස්සනද කියලා.


මල් පෙත්තක පන්හිඳකින් ආදරය ලිය ලියා
ඔබ වෙතට එවමි මිහිරියෙ ගීයකින් ගය ගයා

මතකයේ ඈත ඇත පින්බර සොඳුරු අතීතේ
මතකයෙන් ඈත එලවූ කිසි කෙනෙකු ලොව නැතේ
නෙත කඳුළු ගලා වියැලී ඇඳි කිලිටි බව වතේ
ඇල් දියෙන් කඳුලකින් දෝවනු හැකිද පිය බ‍ඳේ

මල් පෙත්තක පන්හිඳකින් ආදරය ලිය ලියා
ඔබ වෙතට එවමි මිහිරියෙ ගීයකින් ගය ගයා

සිය බියකරු සිතුවම් නැත සිත්තරෙකු බොඳ කලේ
සුවඳැති මල් මෙන් දුගඳැති මල් පිපෙයි එක විලේ
දෙදෙනෙකු ලෙස පෙනුනත් දෙනෙතින් බලන විට යොමා
ඔබ ඔබමය මා මමමය මට වනු මැනවි සමා

මල් පෙත්තක පන්හිඳකින් ආදරය ලිය ලියා
ඔබ වෙතට එවමි මිහිරියෙ ගීයකින් ගය ගයා

Monday, December 1, 2008

මෙන්න අලුත්ම ‍Trend එක


ජාත්‍යන්තර පාසැල් වසංගතයේ තවත් ප්‍රතිඵලයක්...................




Saturday, November 29, 2008

ආදරය


මියැදුනත් මතකයන්
කාලයේ ඇවෑමෙන්
වැටහුනා නොමැති බව
මා සතුව ආදරය
ඉල්ලූ මුත් ඇය හිත පුරා පිදීමට
සිහිවුනා සොරා ගත් බැව්
පෙම්වතියක් අන්සන්තක
දිනයක යටගිය

Thursday, November 27, 2008

මා නුඹ එලවන්නද කෙලෙසේ

මේ මම හුගක් ආදරය කරන සිංදුවක්. ගායනා කරන්නෙ සුනිල් එදිරිසිංහ. මේකෙ තියෙන වචන වලින් මේක නියවන කාන්තා පාර්ශවයෙ අයට අපහසුතාවයක් වුනා නම් සමා වෙන්න ඕන. ඒවා හැම කාන්තාවකටම පොදු නැති බව මම දන්නවා. නමුත් මේක සිංදුවක්නෙ.


සියල්ල ඉදිරී ගරා වැටුනු දා
ඇයතින් නොමැරුනු මගේ මිනිස්කම
දැන හදුනා ගත් තනිකම නුඹටත්
මා හැර යන්නට සිදුවෙයි නැවතත්

ප්‍රේම තාපයෙන් පර මල් යහනට
තවත් ලදක් එයි හෙට දවසේ
එතෙක් මෙතෙක් මා රැක ගත් තනිකම
මා නුඹ එලවන්නද කෙලෙසේ

ඇය හෙට ආවද, පසු දින යාවිද
අදහනු බෑ ඇය ලදක් නිසා
හිටපන් තනිකම මගෙ ගෙයි මිදුලෙම
හතර මායිමෙන් එහා නොයා

Sunday, November 23, 2008

අද නොවැම්බර් 23

අද මට විශේෂ දවසක්. අද අපේ අම්මගෙ උපන්දිනය. ඒත් මට අමතක උනා. මතක් උනේ අම්මා කිව්වාමයි. අමතක වෙන්න හේතුවක් නම් තිබුනා. සිකුරාදා කාර්යාලයෙන් එන්න සූදානම් වෙලා බලන කොට අපේ දත්ත ගබඩාව තියෙන සර්වර් එක වෛරසයකට ගොදුරු වෙලා. එවෙලෙ පොඩි පිලියමක් කරලා ආවට හිත තිබුනෙ (තාමත්) කාර්යාලයෙ. අම්මා එයාගෙ උපන්දිනයඅද කියල කිව්වම තමයි මට හිතුනෙ අපි අපේ රාජකාරි නිසා කොච්චර යාන්ත්‍රික වෙලාද කියල. සදුදා ඉදලා දවස් පහක් වැඩ ඊට පස්සෙ දවස් දෙකක් නිවාඩු නැවත දවස් පහක් වැඩ ඊලග දෙක නිවාඩු . කැලැන්ඩරේ දින ගැන අවබෝධයක් ඇත්තෙම නැති තරම්.

මේ තියෙන්නෙ මට ලැබුනු විද්‍යුත් තැපෑලක තිබුනු ඇමුණුමක්. අපි ගෙවන ජීවිතය මේකෙන් මොනවට පැහැදිලි වෙනවා නේද?



Tuesday, November 18, 2008

සමාවෙයන් සොඳුරියෙ

ඔන්න ඉතින් මාත් ජීවිතේ පලවෙනි වතාවට නිසැදැසක් ලිව්වා. කවද කාපු ටකරංද. හිතට ආපු වචන ටික ඔහේ ලියල දැම්මා. කියවලා බලල අදහස් කියන්න. ඒක මට හයියක් වේවි තව ඉස්සරහටත් ලියන්න.

Wednesday, November 12, 2008

අද නානවා

අද පෝය නිසා අපේ සැට් එකටම නිවාඩු. ඉතින් අද දවස, ලගදි පිය පදවිය ලබපු අපේ එකෙක්ව බලන්න යන්න දා ගත්තා. (ඇත්තටම ඌව බලන්නම නෙවෙයි උන්ගෙ ගෙදර ගිහින් ගගේ නාන්න) අරවයින් එකකුත් ඊයෙම අරන් තිබ්බා අද වහලනෙ.
මට පොඩි ලෙඩක් තියෙනවා, පහුවදාට ගමනක් යනවා නම් කලින් දවසෙ රෑට නින්ද යන්නෙ නෑ. ඉතින් සුපුරුදු ලෙසම අදත් පාන්දර 3.00 ඉදලම ඇහැරලා. මම විතරක් නැගිටලා ඉන්නෙ ඇයි කියලා හිතලා(මටත් පාලුයිනෙ) ගමන යන්න ඉන්න සැට් එකටම Phone කරලා හිමිදිරියෙම පාලි සංස්කෘත ටිකක් අහගත්ත. ඒකත් අර නින්ද යන්නැති එක වගේම සාමාන්‍ය දෙයක්. හැබැයි ඇහැරලා හිටපු එකෙන් අම්මා කාලෙක ඉදලා චුරු චුරු ගගා හිටපු ඉල්ලීමක් ඉෂ්ඨ කරලා දුන්නා. මොකද්ද දන්නවද. අර සිරස FM එකේ උදේට යන පිරිත් ටික දාලා දුන්න අහන්න.
කරන්නම දෙයක් නැති තැන හිතුන බ්ලොග් එකේ මොනවා හරි ලියන්න. දැන් යන්න ඕන. එහෙනම් අපි නාලා එන්නම්.

Saturday, November 8, 2008

ඒ කාලෙ ආයෙත් එනවනම්.............................


ලියන්න දෙයක් හිත හිත ඉන්න කොට මගේ ළමා කාලය ගැන ලියන්න හිතුනා. මම ඉපදුනේ බණ්ඩාරවෙල මිරහවත්ත කියන ගමේ. ඒක හරි ලස්සන ගමක්. අපේ වත්ත මායිම් වෙලා තිබුනෙ දෙපැත්තකින් පේන තෙක් මානයට විහිදුනු වෙල් යායකින්. තව පැත්තකින් විශාල තේ වත්තකින්. අවුරුදු 8ක් විතර වෙනකම් මම හැදුනෙ වැඩුනෙ එහෙ. ඒ කාලෙ තමයි මගේ ජීවිතේ සුන්දරම කාලෙ කියල මට දැනෙන්නෙ.

ඒ කාලෙ මම ඉස්කෝලෙ ගියෙ ශාන්ත ජෝශෆ් විද්‍යාලයට. අපි නිවාඩු දවස් වලට යනවා ගගේ නාන්න. අපේ ගෙවල් කිට්ටුවෙන් උමා ඔයේ අතු ගගක් ගලාගෙන ගියා. උදේ ගියහම හවස තමයි ආපහූ ගෙදර එන්නෙ.
ඊට පස්සේ අපේ අම්මලා මාව කොළඹ එක්කන් ආවනෙ. ඉතින් එතන ඉදන් මාව අධ්‍යාපනේට යට උනා.

Thursday, November 6, 2008

මොනවද ලියන්නෙ

අනිත් අය ලියනවා දැකලා නිකමට වගේ බ්ලොග් එකක් ඇරියට මොකද තවම බැරිවුනා ලියන්න දෙයක් හිතාගන්න. මම ඉතින් ලියන්න කොහොමත් ටිකක් හොරයි. ඒ උනාට ඉක්මනටම මොනවා හරි ලියන්න ඕනි.

Grab this Widget ~ Blogger Accessories