"අර කෙල්ලගෙ බෙල්ල හිර වෙලා මැරෙනව අර තුරුලු කරන් යන විදියට.."
"ආ... දැන්ද ඒක තේරෙන්නෙ.. ඒ කාලෙ මාව තුරුල් කරන් යන කොටත් දැකපු මිනිස්සු ඔය විදියටම කියන්න ඇති..."
මේ මගේ මිතුරෙකුත් ඔහුගේ බිරිඳත් අතර පේරාදෙණිය මල් වත්තේදී මා ඉදිරිපිට ඇතිවූ දෙබසක්. මෙය ඇසීමත් සමග මාව ගොලු වෙලා පාසැල් කාලය වෙත මතකය දිව ගියේ නොදැනිම වගේ. මේ මිතුරාත් මාත් දෙදෙනාම පෙම්වතියන් සමග පේරාදෙණිය මල් වත්තට ආ ගමනත් ඇතුලුව සොඳුරු මතක රැසක් මා ඉදිරිපිට මැවුනේ චිත්‍රපටයක රූපරාමු පෙලක් මෙනි. ඇත්තටම අපටත් ඒ කාලෙ මිනිස්සු එහෙම කියන්න ඇති නේද?
ඒ උසස් පෙල කරන කාලයේ ගියාට පසු මාත් මිතුරාත් මල් වත්තට ආ පලමු අවස්ථාව මෙය වීමත් ඔහුට ඇය හා විවාහ වී ඔවුන්ගේ දියණිය සමගත් එදා පෙම්වතිය සමග එහි ගිය මා අද තනිවමත් පැමිනීම දෛවයේ සරදමක්ද කියලත් හිතුන කීප වරක්ම. ඒ වගේම මගේ හිතට ආපු දෙයක් තමයි අද මම මේ දකින කුරුළු ජෝඩු වලින් කී දෙනෙක් එකට කූඩු වෙන්න වාසනාව ලබයිද, කී දෙනෙක් මම වගේ තනි වෙයිද කියන එක.
ආදරය කියන්නෙ හරිම පුදුමාකාර දෙයක්. මිනිස්සු වෙනස් වුනාට කාලය වෙනස් වුනාට ආදරය හැමදාම එක වගේ කියල මට හිතෙනව.
මේ සියලුම සිදුවීම් අස්සෙ අමරදේව ශූරීන්ගෙ ගීයක කොටසක් තොලග මිමිනෙන්න පටන් ගත්තෙ නිකම්ම වගේ...
" සිරි පොද වැස්සේ එකම කුඩය යට ...
තෙරපි තෙරපි අර යුවලක් යන හැඩ.....
මාත් ඔහොම ගිය හැටි මතකයි..
මට හොඳ හැටි මතකයි........."
අපිත් පේරාදෙණියෙ තමයි .. ඔය මල් වත්තේ හරි හරි දේවල් වෙනවෝ... මට නං ඕකට යන්න බෑ මොකද ලගින් ගියත් ගෙදරට ආරංචි වෙනවා... ඕකේ වැඩ කරණ ගොඩක් අය අපේ ගෙවල් පැත්තෙ නිසා.. :D
ඔය මල් වත්තට සෙනසුරාදට බහින ක්ලාස් කෙල්ලො කොල්ලෝ දැක්කම දුකත් හිතෙනවා... ඉගනගන්න කියල නුවර ඇවිත් කරන දේවල් දැකල..
තුරුලුව ඉන්‍න නොලැබූ ඉඩ
එක්‍ව ඉන්‍නට කොහෙන් ලබත්
මං
මාත් ඔහොම ගිය හැටි මතකයි..
මට හොඳ හැටි මතකයි........."
This comment has been removed by the author.
මේ සින්දුව කොහොමද - මගෙ ආසම
මුතුකුඩ ඉහලෙන මල් වරුසාවෙ
This comment has been removed by the author.