1996 හෝ 97 එක්තරා දිනක සවස 7.30 ට පමණ රොටරියේ දෙයියගේ පන්තිය නිමාවී, කොහුවල හංදියට පයින් ගාටන අතර සිදු වූ සිදුවීමක් ඊයේ රාත්‍රියේ එෆ් එම් චැනලයක ගිය ගීතයක් නිසා නැවතත් මතකයට ආවේ කාලයක් තිස්සේ දියයට ඔබා ගෙන සිටි රබර් බෝලයක් මෙනි. එදා වැසි දිනයක් වූ අතර අපේ සෙට් එකටම තිබුනේ කුඩ දෙකක් හෝ තුනක් පමණකි. ඉතින් මගේ කුඩය යටින් හතර දෙනෙකු පමන යමින් සිටින අතර අපේ එකෙක් "ඒයි ..... අන්න උඹේ ලව් එකත් යනවා තනියම කුඩේක. උඹෙ කුඩේ අපිට දීලා තෝ පල ඒකට" කියා මා වැස්සට තල්ලු කලා මදිවට ඇයටද කතා කලේය.(ලව් එක කිව්වට ඇත්තටම ට්‍රයි එකක්)
ආ.. ඇයි තෙමෙන්නෙ එන්න **** මේකට කියා ඇයද පැවසූ බැවින් එදා නුගේගොඩ සිට කොහුවලට ඇය සමග එකම කුඩය යටින් එන්නට අවස්ථාව ලදිම. මේ ගීතයේ පැවසෙන පරිදිම ගෑවී නොගෑවීය. පසු කලෙක අප දෙදෙනා කලක් පෙම්වතුන් වූවද අවසන මතකයන් පමණක් ඉතිරි කර ගනිමින් අපි වෙන් වුනෙමු. ඇත්තටම පෙම්වතුන් සේ එකම කුඩයක් යටින් යනවාට වඩා අමුතුම තෘප්තිකර හැඟීමක් තමන් හිතින් ආදරය කරන කෙනෙකු සමග යනවිට දැනෙන බව නම් සැබෑය.
එක කුඩයක් යට ගෑවි නොගෑවී
දවසක් හැන්දෑවේ . . .
මතකද ඔබ මා පියවර මැන්නා
පිනිමල් වරුසාවේ . . .
කිසිවකු සමඟින් එකට තුරුළු වී
ඉර බැස යන වේලේ . . .
ඔබ යනු දුටුවිට මතකය රිදවයි
අපෙ ඉස්සර කාලේ අපේ ඉස්සර කාලේ
මඳ අව් රස්නෙට වුව සෙවනක් නැත
ඔබහට අද දවසේ . . .
වැස්සට අව්වට තනිව මුහුන දෙමි
මගේ මහිම එලෙසේ මගේ මහිම එලෙසේ . . .
0 ප්‍රතිචාර:
Post a Comment