Wednesday, July 29, 2009
Friday, July 24, 2009
21
කාලෙකට පස්සෙ බලන්න ලැබුණු ටිකක් අමුතු විදියේ කතා තේමාවක් සහිත සිනමා නිර්මාණයක් කිව්වොත් හරි. කතාව ගොඩනැගිල තියෙන්නෙ හාවර්ඩ් වෛද්‍ය විද්‍යාලයට යන්න ආසාවෙන් ඉන්න ඒත් මුදල් නැති නිසා ශිෂ්‍යත්වයක් බලාපොරොත්තු වෙන බෙන් කැම්ප්බල් නම් ශීෂ්‍යයෙක් වටේ. මොහුගේ ගුරුවරයෙකු මගින් හඳුනා ගන්නා පස් දෙනෙකුගේ කණ්ඩායමක් සමග සති අන්ත වලදී රහසිගතව වේගාස් නගරයේ කැසිනෝ ශාලා වලදී Black Jack නැමැති කාඩ් ක්‍රීඩා කිරීම මගින් අධ්‍යාපනයට අවශ්‍ය මුදල් ඉපයීම සම්බන්ධ කතාවක් තමයි සාරාංශය. කතාව ආරම්භ වෙන්නෙ රොබින්සන් ශිෂ්‍යත්වය සඳහා පැවැත්වෙන සම්මුඛ සාකච්ඡාවකින්. එහිදී පැවසෙන පරිදි ශිෂ්‍යත්වය හිමිවන්නේ සවන්දෙන තැනැත්තා අන්දුන් කුන්දුන් කරවන(that will dazzle the recruiter) අන්දමේ ජීවන අද්දැකීම් සහිත කෙනෙකුට බව අවඥා සහගතව බෙන් වෙත පවසන පුද්ගලයා කතාව අවසානයේ ඉන්න විදිහ ඔයාලම බලන්නකො.