මගේ බ්ලොග් එකේ නම දාන්න මුල් වුනු සිංදුව තමයි මේ. මුලින්ම මම දාපු නම තමයි “මම දකින විශ්වය”. ඒත් ඒක දැම්මාම මාව නිකන් දාර්ශනිකයෙක් (පොරක්) වගේ පේන්න ගත්තා මටම. ඉතින් වෙන නමක් ගැන දහ අතේ කල්පනා කරන කොට නිකම්ම වගේ මේ සිංදුව තොල් අතරෙ මිමිණෙන්න ගත්තා. එහෙම තමයි මේ බ්ලොග් එකේ නම හැදුනෙ.
මේක ගායනා කරන්නෙ සනත් නන්දසිරි. ඔහුගෙ කටහඩ නිසා මේ සිංදුවෙ තියෙන දුක්බර බව ඉතාම හොදින් හිතට දැනෙනවා. විමල් ජයශාන්ත නමැති මේ ගීතයෙ රචකයාට ගීතයට ගැලපෙනම කටහඩ ලැබිලා තියෙනවා. සංගීතයත් ගායකයාගෙන්මයි.
එදා මෙදා තුර කදුලට විවරවු - දෑස් පියන් පත් කවුලු වසා
ලයේ ගලා ගිය සෙනේහයේ සුව - සිනා පිරුනු රත් දෙතොල පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති - කම්මුල් සුදුමැලි පාට හොවා
දෑත ලයේ බැදි අවසන් ගමනට - සොදුරිය මට නොකියාම ගියා
දෑස් කවුලු පත් පලා කදුලු කැට - වෑහෙද්දී මගෙ දෑස් අගින්
කාත් කවුරුවත් ඇතත් හිතයි මට - පාත් වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට සමුගෙන කවුරුත් - ඔබ මුව දොවතත් සුවද පැනින්
මාත් මගේ හිතටත් ඔබ සුවදයි - ඈත් නොවේමැයි ඒ සුවදින්
ඊයේ ඉපදී අද මියයන්නට - පෙරුම් පුරාගෙන උපන් ලයේ
හීයේ වේගෙන් අහස උසට බැදි - ආදර ලෝකය හෙටත් තියේ
ඒත් ඉතින් දැන් සොදුරියෙ ඔබ නැත - ඇයි මේ ලොව මා තනිව ගියේ
ආයේ දවසක එක හිත් ඇත්තන් - වී අපි ඉපදෙමු එකට ප්‍රියේ
Friday, January 30, 2009
බ්ලොග් එකේ නම දාපු හැටි
Subscribe to:
Post Comments (Atom)
දන්නවාද මේ ගීතය ලියවෙලා තියෙන්නේ මේ රචකයා මුණ දීපු සැබෑ අත්දැකීමකින් කියලා... එයා ලිව්ව එකම ගීතය මේකලූ
මම ඒක දැනන් හිටියෙ නෑ.