Thursday, July 16, 2009

රේගු නිලධාරින් එපා කියද්දි මිනිස්සු බලෙන්ම පගාව දෙන්නෙ ඇයි?

අපේ කොම්පැණියට ලැබුනු ඇණවුමකට අදාල අයිතමයේ කොටසක් සත්ව සමකින් නිෂ්පාදනය කර තිබීම නිසා වුනු අකරතැබ්බයක් නිසා තමයි මේක ලියන්න හිතුනෙ. අපේ Export Agent ට කතා කලාම සම් භාණ්ඩ අපනයනය කරනව නම් වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙ අවසර පත්‍රයක් අවශ්‍ය බව පැවසු නිසා මම කතා කලා වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට. එතනින් කියපි හරකුන්ගෙ වගේ හමකින් හදපු එකක් නම් බලපත්‍ර අවශ්‍ය නැත වෙනත් කැලෑ සතෙකුගේ හමක් නම් කොහොමත් අවසර දෙන්නේද නැත කියලා. රේගුවෙන් බලපත්‍ර ඉල්ලුවොත් කතා කරන්න කියල ඒ කතා කරපු කෙනාගෙ දුරකතන අංකයත් දුන්නා. ඇත්තටම සතුටු විය හැකි මට්ටමේ සේවයක් එතනින් ලැබුණු බවත් කියන්න ඕන.

මාතෘකාවට අදාල දේ කියන්න හදන්නෙ දැන් තමයි. මට දැන් මේක හතර බීරි කතාවක් වෙලා නිසා ආනයන අපනයන ක්ෂේත්‍රයේ රැකියාව කරන මගෙ යාළුවෙකුට කතා කලා. මිනිහා මට දුන්නා ශ්‍රී ලංකා රේගුවෙ තොරතුරු අංශයෙ දුරකථන අංකය. අයියෝ ගන්නවා ගන්නවා මුන් උස්සන්නෙ නෑනෙ. බැරිම තැන ගියා රේගුවෙ වෙබ් අඩවියට. එතන තිබුන මගේ ප්‍රශ්නෙට අදාල තැන සෘජු දුරකතන අංකයට කතා කලා. ඒක නම් අපරාදෙ කියන්න බෑ එහා පැත්තෙන් කතා කලා මම ප්‍රශ්නෙ බාගයක් කියන කොටම ඒපැත්තෙන් මම නම් මේ ගැන දන්නෙ නෑ ලොක්කෙකුට දෙන්නම් කියල තවකෙනෙකුට දුන්නා. ඔහොම ඉතින් තුන් හතර දෙනෙකුටම මගේ ප්‍රශ්නෙ මුල ඉදන් කිව්ව. අන්තිමටම කතා කරපු කෙනා තමයි උත්තරේ දුන්නෙ. මට මාර ආතල්. දන්නවද උත්තරේ. " මේක අපිට අදාල දෙයක් නෙවෙයි ඔය වෙබ් එකේ දාල තියෙන නොම්මර වැරදියි හරි තැනට කතාකරන්න." මම ඉතින් ආයෙත් අර යාලුව දුන්න නොම්බරේට පැයක් විතර ට්‍රයි කොරල ගත්ත. අරගෙන ප්‍රශ්නෙ කිව්වා. අදාල අංශයට ඇමතුම දැම්මාම තමයි මට තරු පෙනුනෙ. ආයෙත් අර මම මුලින් කතා කරපු සෙට් එකමයි. මම එහෙමම ඇමතුම විසන්ධි කරල. ගත්ත දැඩි තීරණයක්. Export කරද්දි ප්‍රශ්නයක් ආවොත් එතන ඉන්න Custom Officer ට කියක් හරි දීල වැඩේ ගොඩ දා ගන්නව කියල. මේ ගොල්ලො වැඩිය පගාව ගන්නෙ එහෙම නැති නිසා වැඩේ අප්සෙට් වෙන එකක් නෑ. රේගු නිලධාරින් එපා කියද්දි මිනිස්සු බලෙන්ම පගාව දෙන්නෙ ඇයි කියල මම දැන ගත්තෙ අද.



Related Articles by Categories


5 ප්‍රතිචාර:

  • දුකා said...
     

    අනේ අපේ දුප්පත් රට . . .එත් අපි ආසියාවේ ගොඩක් රටවල් වලට වඩා දියුනුයි . . මෙච්චර තාක්ෂනය . . . සන්නිවේදනය අතින් අපි දියුනු තත්වෙකට ඇවිල්ලත් . . . සමහර රජයේ සේවකයෝ කියන ගොං වාහෙලා නිසා නිකම් පීචං වෙලා යන්නවා . . . හරිම දුකයි නේද මචං . . .
    නියම පෝස්ට් එක . . . මටත් හිතෙනවා දවසක කස්ටම් ඔෆිසර්ලා ගැන බ්ලොග් එකක් ලියන්න . . . අත්දකීමෙන් ලබාගත්තු දැනීමෙන් . . . !

  • GNS said...
     

    ලංකාව නේ... ;)

  • malee_msg said...
     

    අනේ හරී.. ෂෝයී..!

  • ඉ-නැණ පියස said...
     

    ඔහොම විහිලු ලංකාවේ විතරමයි....
    හිහ් හිහ්

  • සහන් සටහන් said...
     

    සහෝදරයා එහෙමමත් කියන්න එපා, මොකද ඔය වගේ කාලකන්නි ටිකක් නිසා අපේ රටට එහේම කියන එක හරිනෑ, තව දෙයක් තමයි ඔය කස්ටම් ඔෆිසර්ලා ලගේ ආත්තම්මලාට හාල් හෝදන්න උන් ලොකු ලොකු හොරබඩු රටට ගේන්නත් පිට කරන්නත් පගාව ගන්නෙම නෑනේ. "වැරදි කාරයෝ අපි එයාල නෙමේ"

Grab this Widget ~ Blogger Accessories