ආත්මය එහෙමත් නැත්නම් අපේ භෞතික ශරීරයේ අදෘශ්‍යමාන පිටපතක් ලෙස මනෝකාය හැඳින්විය හැකියි (මෙය වැරදි නම් නිවැරදි කරන්න). ඕනෑම මනුශ්‍යයකු ජීවිතයේදී එක් වරක් වත් මෙම මනෝකායික අද්දැකීම් නොදැනුවත්ව හෝ ලැබිය යුතුය. මේ පිළිබඳව විශ්ලේෂණය කල විද්වතුන් පවසන අන්දමට මෙම මනෝකාය (Astral Body) අපගේ භෞතික ශරීරය හා සම්බන්ධ වී ඇත්තේ රිදීවන් තන්තුවකින් බව පැවසේ. කෙනෙකු මරණයට පත්වන අවස්ථාවේදී මෙම රැහැන බිඳී භෞතික ශරීරයත් මනෝකායත් වෙන්වන බවද පැවසේ. මරණයෙන් පසුත් දින කීපයක් යනතුරු එම පුද්ගලයා ජීවමානව සිටි කාලයේ තිබූ ශක්තිය මෙම මනෝකාය සතුව පවතින බවටද අදහසක් පවතී.
කෙනෙකු ඉතාමත් තද නින්දකට වැටුනු පසු / අධික ලෙස මත් ද්‍රව්‍ය භාවිතා කල අවස්ථා වල ඔවුන්ගේ මනෝකාය ශරීරයෙන් වෙන්වී (ශරිරය සමග වන සම්බන්ධතාවය පවත්වා ගනිමින්) සැරි සැරීමට පටන් ගනියි. එසේම දරුණු මාරක අනතුරු වලින් දිවි ගලවා ගත්තවුන් පසුකලෙක තම මරණාසන්න අද්දැකීම් ලෙස කරන ලද විස්තර කිරීම් වලදී , තමන්ගේ ශරීරය දෙස අහසේ හෝ ඒ අසලක හිඳ බලා සිටිබව පවසා ඇත. මෙයද මනෝකායික අද්දැකීමකි. කෙදිනක හෝ ඔබ තද නින්දක සිටියදී ඉතාමත් උසක සිට ඔබව ඇද වැටෙනු දැනී තද ගැස්සීමක් ඇඟට දැනෙන අවස්ථාවක ඇහැරී තිබේද? එසේ දැනෙනුයේ ශරීරයෙන් වෙන්වූ මනෝකාය නැවතත් ශරීරය හා සම්බන්ධ වීමේදී බව පැවසේ

.
භාවනා කිරීම වැනි දේ කිරීමෙන් මනස දියුණු කල විට මෙම මනෝකාය අපට අවශ්‍ය විටෙක ශරීයෙන් පිටතට ගත හැකි අතර එමගින් යම් යම් ක්‍රියාකාරකම් වලද යෙදීමට හැකි බවද මා අසා ඇත.
මා හටද මෙවන් අදදැකීම් මාගේ කුඩාකාලයේදී ලැබී ඇත. මා හට තදින් උණ ගත් බොහෝ අවස්ථාවල මා අහසේ පාවී ගොස් මා බොහෝ සේ ඇළුම් කල ස්ථාන වල සැරිසරනු දැනී ඇත. ඒ අවස්ථා වලදී මාගේ භෞතික ශරීරය ඇඳ මත තිබෙනුද දැක ඇත්තෙමි. එකල මෙම අද්දැකීම මට තේරුම් ගැනීමට නොහැකි වුවත් පසු කාලීනව මේ පිලිබඳ තොරතුරු සෙවීමේදී මෙය මනෝකායික සංචාරයක් බව පසක් විය.
මේ පිලිබඳ වැඩිදුර විස්තර
මෙතනින් ගන්න පුලුවන්.