Thursday, August 6, 2009

මාරක අනතුරක්...

Monday, August 3, 2009

එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට............

සුනිල් එදිරිසිංහයන් ලයාන්විත හඬින් මේ ගීතය අසන සැම විටම මට නැවතත් මගේ පාසැල් කාලය මගේ ඇස් ඉදිරිපිට මැවෙන්නෙ මේ කතාවට 100% ක්ම සමාන ප්‍රේමණීය අද්දැකීමක් උසස් පෙල කරන කාලෙදි මාත් ලබා තියෙන නිසා වෙන්නැති. එහෙම කිව්වම ඉතින් කතාව නොකිව්වට හිතාගන්න පුලුවන්නෙ. ඒකාලෙ කොහුවල හන්දියෙ පැය ගනන් කාපු කටු මතක් වෙන කොට නම් අමුතුම මිහිරක් දැනෙනවා හිතට. පීටර්සන් පාරෙ තියෙන ලයිට් කණු ටෙලිෆෝන් කණු වලට කතා කරන්න පුලුවන් නම් කතාව කියයි. මේ සිදුවීම වෙලා දැනට අවුරුදු 12 කටත් වැඩි වුනත් තාමත් මතකයෙ තියෙන්න හේතුව තමයි ඒක මගේ පලවෙනි පෙම් කතාව වීම.

Grab this Widget ~ Blogger Accessories