සුනිල් එදිරිසිංහයන් ලයාන්විත හඬින් මේ ගීතය අසන සැම විටම මට නැවතත් මගේ පාසැල් කාලය මගේ ඇස් ඉදිරිපිට මැවෙන්නෙ මේ කතාවට 100% ක්ම සමාන ප්‍රේමණීය අද්දැකීමක් උසස් පෙල කරන කාලෙදි මාත් ලබා තියෙන නිසා වෙන්නැති. එහෙම කිව්වම ඉතින් කතාව නොකිව්වට හිතාගන්න පුලුවන්නෙ. ඒකාලෙ කොහුවල හන්දියෙ පැය ගනන් කාපු කටු මතක් වෙන කොට නම් අමුතුම මිහිරක් දැනෙනවා හිතට. පීටර්සන් පාරෙ තියෙන ලයිට් කණු ටෙලිෆෝන් කණු වලට කතා කරන්න පුලුවන් නම් කතාව කියයි. මේ සිදුවීම වෙලා දැනට අවුරුදු 12 කටත් වැඩි වුනත් තාමත් මතකයෙ තියෙන්න හේතුව තමයි ඒක මගේ පලවෙනි පෙම් කතාව වීම.
Monday, August 3, 2009
එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට............
Subscribe to:
Post Comments (Atom)
මචං මේ ගීතය සුනිල් එදිරිසිංහ ගේ නොමෙයි . . මට ඇහුනු හැටියට නම් රොහාන් ශාන්ත බුලේගොඩගේ . . .
හරිම දුක් ගීතයක් . . . එක් වරක් දෙවරක් අහම්බෙන් අහන්න ලැබිල තියෙන්වා . . . අද තමයි හිතට දැනෙන විදිහට ඇහුවේ . . .
උඹේ ප්‍රථම ප්‍රේමය ගැනත් දුකයි . . .
ප්‍රථම ප්‍රේමය කඳුලක් නොවුනනම් . . . උඹ අද තරම් සංවේදී කෙනෙක් නොවෙන්නත් තිබුනා කියලා හිත හදාගනින් කොල්ලෝ . .
දුකා හරි මේ ගීතය රොහාන් ශාන්ත බුලේගොඩගේ. පොඩි වැරදීමක්.
ඇත්ත එදා ඒ දේ නොවුනා නම් මම මම නොවෙන්න බොහෝ දුරට ඉඩ තිබුනා. එදා ඒ විදියට වීම ගැන මම අද ගොඩාක් සතුටු වෙනව මොකද අතින් අතට යන මලක් මාව අතෑරල ගිය නිසා.
හ්ම්..
මම ආස කරන ගීත අතරින් සංගීතය, පදමාලාව සහ ගායනය යන අංශ සියල්ලම මනාව එක්වූ ගීයක් ලෙසයි මම මෙය දකින්නේ.
මම සංගීතකරණයෙහි යෙදෙන ආධුනිකයෙක්. මෙම ගීතයේ තනු නිර්මාපකයා කවුරු වුනත් ඔහු අති දක්ෂයෙක් ලෙසයි මට පෙනෙන්නේ. පදමාලාව සහ තනුව ඒකාන්විත වූ අපූර්ව ගීතයක් ලෙසිනුත් මෙය මම දකිමි.
මේ ගීතයේ කියැවෙන්නෙ අප්‍රකාශිත ආදරයක් ගැන නේද ? අන්තිමට එ කෙනා අන් සතු වීමක් ගැන නේද ? කවුරු හරි මාව නිවැරදි කරනවා නම් බොහොම ස්තූතියි..!