Friday, August 7, 2009
ටකේ කරේ
මේක මේ අපේ යාළුවෙකුට වුන සිදිධියක්. මේකා ටිකක් විතර මනමාලයා. කෙල්ලන්ව දැලේ දා ගන්න පදුම හැකියාවක් තියෙන්නෙ. ඔන්න එක දවසක් ඔය වගේ කොහේදි හරි සෙට් වෙච්චි ගෑණු පරාණයක් SMS එකක් එවලා. සිංග්ලිෂ් වලින්. මිනිහා ඉතින් යාළුවන්ට ඇහෙන්නත් එක්ක SMS එක කියවන්න ගත්තා. "ඔයාට කොහොමද?....." බ්ලා.... බ්ලා.. බ්ලා.... "මම නවතින්නම්...." කියලා මිනිහා කියවන එක නවත්තලා කල්පනා කරන්න ගත්තා ෆෝන් එක දිහා බලාගෙනම. ටික වෙලාවක් ඉඳලා මිනිහා එකපාරටම කෑගහල ඇහුව "ඒයි මොකද්ද බං මේ ටකේ කරේ කියන්නෙ?...." කියලා. බැලින්නම් කෙල්ල අන්තිමට Take Care කියලා ගහල එවල.

Subscribe to:
Posts (Atom)
