බසයක හමුවී නෙතගින් කරපු කතා 
වදන් වෙලා ඇසුමට ටික කලක් ගියා
ආඩම්බර කමට මුලදී බැහැ කියලා
හා කියන්නෙ නැතුවම නුඹ කැමති උනා
බස් නැවතුමේ පෙම් මුළු වල කරපු කතා
පාළු මාවතේ නැවතී කියපු කතා
මල් වතු වල තුරු ගොමුවේ එතුනු ලතා
වල්මත් උනා නුඹෙ ආලය ගැනම සිතා
දැනගෙන නුඹේ මුල් පෙම මේ නොවන වග
පැතුවෙමි නුඹේ අවසන් පෙම මා වෙන්න
මගෙ මුල් පෙමට බැරිවුනි නුඹ නවතන්න
පවස නුඹේ හැකි කාටද සංසිදලන්න
අවසන් සැදෑවට ආවේ නුඹ සමුගන්න
කීවෙනි පෙම්වතා සමගද පවසන්න
එනමුත් නොහැක නුඹ මතකය ගිණිලන්න
නුඹ එනතුරු ලතවෙමි විත් සනසන්න
Thursday, March 26, 2009
නිමා නොවුනු පෙම් හැගුම්
Wednesday, March 25, 2009
Widows 7 සහ Virtual Hard Disk
ඔන්න ඉතින් පරිගනකයට අත තියපු දවසෙ ඉදල වින්ඩෝස් හොරට පාවිච්චි කරපු මාත් දැන් Genuine වින්ඩෝස් පරිශීලකයෙක්. ඒත් ඉතින් මේකත් නොමිලෙ දීපු නිසා තමයි. අගෝස්තු වෙනකම් හොරෙක් නොවී වින්ඩෝස් පාවිච්චි කලහැකි. ඇත්තටම මේක කලින් ආපු සංස්කරණ වලට වඩා හුගක් ජනප්‍රිය වෙයි කියල හිතෙනව. මේක ඒ තරමටම සිම්පල්. ඒ වගේම පද්ධතියෙ ස්ථාවරත්වය හා ආරක්ෂාව අතිනුත් ඉදිරියෙන් තියෙනව. මේ මම අහු මුළු වල රිංගන කොට අහුවුන windows 7 වල පමණක් තියෙන අංගයක්.
ඒ තමයි VHD ඒ කියන්නෙ virtual hard disk ගොනු මේකෙදි local hard disk එකක් විදියට පාවිච්චි කරන්න පුලුවන් වීම. (ඉස්සර නම් virtual machine එකක්ම ඕනනෙ මේ වැඩේට). හරිම සිම්පල්. කරන්න තියෙන්නෙ මේ රූප සටහන් වල විදියට disk management එකට ගිහින් add vhd කියන සබැදුම තෝරල එතනින් virtual hard disk ගොනුව විවෘත කර දීම විතරයි. ආපහු අයින් කරන්න නම් detach vhd කියල තෝරන එක විතරයි. ඒ විතරක් නෙවෙයි වෙනත් virtual machine එකක පාවිච්චියට ගන්න පුලුවන් විදිහට virtual hard disk නිර්මාණය කරන්නත් මෙමගින් පුලුවන්.
1 open disk management – right click and select attach vhd
2 show the path to your vhd