බසයක හමුවී නෙතගින් කරපු කතා
වදන් වෙලා ඇසුමට ටික කලක් ගියා
ආඩම්බර කමට මුලදී බැහැ කියලා
හා කියන්නෙ නැතුවම නුඹ කැමති උනා
බස් නැවතුමේ පෙම් මුළු වල කරපු කතා
පාළු මාවතේ නැවතී කියපු කතා
මල් වතු වල තුරු ගොමුවේ එතුනු ලතා
වල්මත් උනා නුඹෙ ආලය ගැනම සිතා
දැනගෙන නුඹේ මුල් පෙම මේ නොවන වග
පැතුවෙමි නුඹේ අවසන් පෙම මා වෙන්න
මගෙ මුල් පෙමට බැරිවුනි නුඹ නවතන්න
පවස නුඹේ හැකි කාටද සංසිදලන්න
අවසන් සැදෑවට ආවේ නුඹ සමුගන්න
කීවෙනි පෙම්වතා සමගද පවසන්න
එනමුත් නොහැක නුඹ මතකය ගිණිලන්න
නුඹ එනතුරු ලතවෙමි විත් සනසන්න
Thursday, March 26, 2009
නිමා නොවුනු පෙම් හැගුම්
Subscribe to:
Post Comments (Atom)
අයියාටත් වගේම මටත් මේකම තවා ගයන්න වෙලා තියෙන්නේ.
"ආදර සුන්දර වැරදකි, කිසිදා සමාවක් නැති."
ඒ උනාට, මට නම් හිතෙන්නේ ඔයා හරි විදියට ආදරේ කරලා නෑ ..එහෙම උනා නම්(මම හිතන විදියට) කවදාවත් මේ විදියට කවි ලියවෙන්නේ නෑ...
ආදරය හරිම පුදුමයි තාරක... ඒකෙ හැම මොහොතක්ම අපිට බොක්කෙන්ම විඳින්නපුලුවන් විරහවත් ඒ වගේම තමා... ගැහැණු සියල්ල චපල් නොවෙන්න පුලුවන් ඒත් චපල ගැහැණියක් අහිංසක ප්‍රේමවන්තයෙකුට මෙහෙම කලාම කාලා ඉන්න බෑ... තව ටිකක් විරහව විඳලා හිමින් අමතක කරලා දාන්න තාරක... ජය්...
@ බින්කු
ගැලපෙනම කොටස
මට පෙන්නලා ආලේ හැටී - නුඹ දුන්නු දුක හොදටම ඇතී
@ පිස්සා
ඒ ගැන නම් කුමන කතාද? හික්....
@ආගන්තුකයා
අයියෝ මේක මේ ඉස්කෝලෙ යන කාලෙ සීන් එකක්. අමතක කරල ගොඩක් කල්. මට මේ ලගදි ඒ ලමයව මුණගැහුනා බඩකුත් උස්සගෙන. ඒකයි ආයෙ මතක් උනේ.