කෙසේ නම් අදහන්නද
අවසන නුඹ මට හමුවූ බැව්
මැවුමට සුන්දර ලෝකයක්
වදන් නොමැත ඔබට කියන්නට
මහදට දැනෙනා අමුතු හැගුම්
වලාවක් මත සිටිනු දැනේ මට
හදවත දිදුලයි නවමු කාන්තියක්
නොකී මුත් ඔබ දැනේ මසිතට
මෙලෙසම හැගෙනා බව ඔබටත්
දැඩිව අල්ලා ගනිමි මම ඔබ
නොදී ගිලිහී යන්න සෙනෙහෙන්
එකම පැතුමක් පතන්නම් මම
අප දෙදෙන යලි වෙන් නොවන ලෙස
සටහන නවතන්නම් මෙතෙකින්
දැනෙන දෙය වචන කල නොහැකියාවෙන්
Saturday, December 13, 2008
වචන කල නොහැකි කතාවක්.......!
Subscribe to:
Post Comments (Atom)
ආව්... තාරක අයියට හරි ගිහිං වගේ සුභ පැතුම් ලස්සන අනාගතයකට දෙන්නටම :)
පිස්සුද නංගි මේක නිකම් අදහසක් විතරයි
හොදයි හොදයි තාරකටත් එහෙනම් හරි ගියා. කමක් නෑ මෙන්න මගෙනුත් සුභ පැතුම් ! . හැබැයි කේක් කෑල්ලක් බැරිනම් ටොෆියක්වත් ඔනේ හරිද ෴෴෴