යමෙකුට යම් දෙයක අගය වැඩිපුරම දැනෙනුයේ තමාට එය අහිමිව ගිය පසුව බව මම අත්දැකීමෙන්ම දන්නා දෙයකි. මෙම ගීතයේ එන " ගල් කැට අතරින් මැණිකක් ඇහිඳීම අසිරුයි........ ඇහිලූ මැණිකද සුරකින එක ඊට අසීරුයි...." යන පද පේලි වඩාත් හදවතට සමීප බවක් දැනෙන්නෙ ඒ නිසා වෙන්න ඇති. මේ ගීත වලට අද බිහිවන රූප පෙලකට වචන ටිකක් දාපු ගීත වලට වඩා සජීවී බවක් තියෙනව කියලයි මට නම් හිතෙන්නෙ. ඒ නිසා තමයි මේ ගීත රූප රචනය නොකලත් ශ්‍රවනය කරන ඔනම වෙලාවක අපේම අතීතය චිත්‍රපටියක රූප පෙලක් වගේ අපි ඉදිරියෙ මවන්න පුලුවන් වෙලා තියෙන්නෙ.
සඳ වැසුනට ඉර ගිලුනට කමක් නෑ
මල් වැටුනට තරු නිවුනට කමක් නෑ
ඔබ ආයෙ දකින තුරු මට ඉවසුමක් නෑ
සුදු නොමැති ලොවක තනියෙන් හිඳ පලක් නෑ
ඔබ නම ඇසුමයි මට ඇති ඉමිහිරි සංගීතේ
සුදු මා ඇමතීමයි මා ඇහු මිහිරිම ගීතේ
ගල් කැට අතරින් මැණිකක් ඇහිඳීම අසීරුයි
ඇහිලූ මැණිකද සුරකින එක එයිට අසීරුයි
සොඳුර එයිට අසීරුයි.......
ඔබ සිටින පාළු සෙහොනක් වුව මට හොඳයි කියා
මම එමි රජදහනක් ලැබු ලෙස හැම සැපක් තියා
මුළු ලොවම අමතකයි ඔබ ලඟ සිටින වෙලාවේ
ඒ මොහොතක මගෙ අවසානය ලඟා වුනාවේ
අවසන් හුස්ම ගියාවේ.............
"යමෙකුට යම් දෙයක අගය වැඩිපුරම දැනෙනුයේ තමාට එය අහිමිව ගිය පසුව බව මම අත්දැකීමෙන්ම දන්නා දෙයකි"
ඔව් කොල්ලො සහතික ඇත්ත.ඒ දැනෙන අඩුව කියන්න වචන නෑ.
මේක මම කැමතිම සිංදුවක් අයියේ..!