Sunday, November 23, 2008

අද නොවැම්බර් 23

අද මට විශේෂ දවසක්. අද අපේ අම්මගෙ උපන්දිනය. ඒත් මට අමතක උනා. මතක් උනේ අම්මා කිව්වාමයි. අමතක වෙන්න හේතුවක් නම් තිබුනා. සිකුරාදා කාර්යාලයෙන් එන්න සූදානම් වෙලා බලන කොට අපේ දත්ත ගබඩාව තියෙන සර්වර් එක වෛරසයකට ගොදුරු වෙලා. එවෙලෙ පොඩි පිලියමක් කරලා ආවට හිත තිබුනෙ (තාමත්) කාර්යාලයෙ. අම්මා එයාගෙ උපන්දිනයඅද කියල කිව්වම තමයි මට හිතුනෙ අපි අපේ රාජකාරි නිසා කොච්චර යාන්ත්‍රික වෙලාද කියල. සදුදා ඉදලා දවස් පහක් වැඩ ඊට පස්සෙ දවස් දෙකක් නිවාඩු නැවත දවස් පහක් වැඩ ඊලග දෙක නිවාඩු . කැලැන්ඩරේ දින ගැන අවබෝධයක් ඇත්තෙම නැති තරම්.

මේ තියෙන්නෙ මට ලැබුනු විද්‍යුත් තැපෑලක තිබුනු ඇමුණුමක්. අපි ගෙවන ජීවිතය මේකෙන් මොනවට පැහැදිලි වෙනවා නේද?





Related Articles by Categories


2 ප්‍රතිචාර:

  • malee_msg said...
     

    නරක පුතෙක්! මොනා කරන්නද ඉතිං ඔය වගේ මගහැරීම් වෙනවා තමයි. ඔය වගේ දේවල් ෆොන් එකේ රිමයින්ඩස් විදියට වත් දාගන්න. නැත්නම් පව් නේ.. අපි කොයි තරම් කාර්යබහුල උනත් අපි අවට අයට අපිව ඕනි.. ඉතිං එයාලා වෙනුවෙන් පොඩි කාලයක් හොයා ගන්නම වෙනවා... පේනවා නේද‍ මේ පිංතුරෙත් වාඩි වෙලා ඉන්න සොෆා එකක් තියනවා!

  • Priyankara Perera said...
     

    පික්සුද ? , මෙයා හොද පුතෙක් නේ ... , පොඩ්ඩක් අමත්කවිම අපි හෑමොටම සිදුවෙනවනේ , ඉතින් ජිවිතේ හෑටි ඔහොමතමයී , අනික අමතක උනා කියලා අම්මලා තරහ වෙන්නෙත නෑහෑනේ...

    රාජකාරිය දේවකාරියටත් වඩා උතුම් කියලා කියලා තියනවනේ...

    * * *. . : : මගෙනුත් උනුසුම් උපන්දින සුබපෑතුම් : : . . * * *

Grab this Widget ~ Blogger Accessories