Thursday, November 27, 2008

මා නුඹ එලවන්නද කෙලෙසේ

මේ මම හුගක් ආදරය කරන සිංදුවක්. ගායනා කරන්නෙ සුනිල් එදිරිසිංහ. මේකෙ තියෙන වචන වලින් මේක නියවන කාන්තා පාර්ශවයෙ අයට අපහසුතාවයක් වුනා නම් සමා වෙන්න ඕන. ඒවා හැම කාන්තාවකටම පොදු නැති බව මම දන්නවා. නමුත් මේක සිංදුවක්නෙ.


සියල්ල ඉදිරී ගරා වැටුනු දා
ඇයතින් නොමැරුනු මගේ මිනිස්කම
දැන හදුනා ගත් තනිකම නුඹටත්
මා හැර යන්නට සිදුවෙයි නැවතත්

ප්‍රේම තාපයෙන් පර මල් යහනට
තවත් ලදක් එයි හෙට දවසේ
එතෙක් මෙතෙක් මා රැක ගත් තනිකම
මා නුඹ එලවන්නද කෙලෙසේ

ඇය හෙට ආවද, පසු දින යාවිද
අදහනු බෑ ඇය ලදක් නිසා
හිටපන් තනිකම මගෙ ගෙයි මිදුලෙම
හතර මායිමෙන් එහා නොයා



Related Articles by Categories


5 ප්‍රතිචාර:

  • සු said...
     

    සෑහෙන්න හිත රිදිලා වගේ :p

    ජීවිතේ හැටි දෙවන කොටසෙන් නම් කියවෙනවා.අන්තිම එකනම් ටිකක් අන්තගාමී අදහසක් වගේ තමා පේන්නෙ..

  • ආගන්තුකයා | Stranger said...
     

    නියමයි... මමත් කැමතිම සිංදුවක්...
    සු...
    අන්තිම කොටසෙන් තමා නියම යථාර්තය පෙන්නන්නෙ...
    මම තව විස්තර ටිකක් එකතු කරන්න තරහා නෑනේ...
    මේක තියෙන්නෙ "සඳකඩ පහන" ගීත එකතුවේ...
    පද වැල ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගෙන්...
    සංගීතය එච්. එම්. ජයවර්ධන සංගීතවේදියාගෙන්....
    ෂා... නියම සින්දුවක්...
    අහනකොට නිකං පිස්සු වගේ...

  • Travel Ceylon said...
     

    @ ආගන්තුකයා
    විස්තරේ නම් හරි. නමුත් සදකඩ පහණ සංයුක්ත තැටියෙ ඔය සිංදුව නෑ මම දන්න විදිහටග ඕක තියෙන්නෙ සදකඩපහණ කැසට් පටියෙ විතරයි.

  • malee_msg said...
     

    ඇත්ත තමයි ......

  • සු said...
     

    ආගන්තුකයා..
    ස්තූතියි..එහෙම විස්තරත් එකතු කළාම ඒවාට ප්‍රිය කරන අයට පහසුයි..ඒක තමා හරිම විදිහ..
    ආයෙත් ස්තූතියි.. :)

Grab this Widget ~ Blogger Accessories