Wednesday, November 12, 2008

අද නානවා

අද පෝය නිසා අපේ සැට් එකටම නිවාඩු. ඉතින් අද දවස, ලගදි පිය පදවිය ලබපු අපේ එකෙක්ව බලන්න යන්න දා ගත්තා. (ඇත්තටම ඌව බලන්නම නෙවෙයි උන්ගෙ ගෙදර ගිහින් ගගේ නාන්න) අරවයින් එකකුත් ඊයෙම අරන් තිබ්බා අද වහලනෙ.
මට පොඩි ලෙඩක් තියෙනවා, පහුවදාට ගමනක් යනවා නම් කලින් දවසෙ රෑට නින්ද යන්නෙ නෑ. ඉතින් සුපුරුදු ලෙසම අදත් පාන්දර 3.00 ඉදලම ඇහැරලා. මම විතරක් නැගිටලා ඉන්නෙ ඇයි කියලා හිතලා(මටත් පාලුයිනෙ) ගමන යන්න ඉන්න සැට් එකටම Phone කරලා හිමිදිරියෙම පාලි සංස්කෘත ටිකක් අහගත්ත. ඒකත් අර නින්ද යන්නැති එක වගේම සාමාන්‍ය දෙයක්. හැබැයි ඇහැරලා හිටපු එකෙන් අම්මා කාලෙක ඉදලා චුරු චුරු ගගා හිටපු ඉල්ලීමක් ඉෂ්ඨ කරලා දුන්නා. මොකද්ද දන්නවද. අර සිරස FM එකේ උදේට යන පිරිත් ටික දාලා දුන්න අහන්න.
කරන්නම දෙයක් නැති තැන හිතුන බ්ලොග් එකේ මොනවා හරි ලියන්න. දැන් යන්න ඕන. එහෙනම් අපි නාලා එන්නම්.



Related Articles by Categories


3 ප්‍රතිචාර:

  • malee_msg said...
     

    හික් හික් අ‍පිත් අද මුදේ නාන්න යන්න හිටියේ ඒත් හරිගියේ නෑ අප්පා :-(

  • Chiran said...
     

    වාර්ෂික නානුමුර මංගල්‍යද? අපේ විදුර (http://vidura-rule.blogspot.com/) මලයත් (ටිකක්) ඒවගේ! හික්..

  • Priyankara Perera said...
     

    ඈති යාන්තම් මාස ගානකට පස්සේ මේයාට නාන්ඩ හිතිලා , එකත් හොදයී ගද යන්නත් එක්ක... :D

Grab this Widget ~ Blogger Accessories